බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පාලන තන්ත්‍රය හරියටම වෙනස් වුනා…” ඉරානය ට්‍රම්ප්ට රිදෙන්න ගැසූ කනේ පහරින් පසු….

by editor
අප්‍රේල් 5, 2026
in පුවත්
irans-latest-dig-at-us-over-sacking-of-top-officials
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

අමෙරිකානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර ඇත්තේ ඉරානයට එරෙහිව සැලසුම් කර ඇති අමෙරිකානු පාබල හමුදා ආක්‍රමණයකට (Ground Invasion) විරුද්ධව කරුණු දැක්වීම   හේතුවෙන් බව හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් 2026 අප්‍රේල් 3 වන දින ගොඩබිම් ආක්‍රමණය ගැන  මෙම තීරණය ගෙන තිබිණි.  එහෙත්  මෙවැනි ආක්‍රමණයකදී අමෙරිකානු සෙබළුන් දහස් ගණනක් මිය යා හැකි බවත් එය බරපතල උපායමාර්ගික අවදානමක් බවත් පවසමින් ජෝර්ජ් ඊට විරුද්ධත්වය පළ කර තිබුණු බව එම වාර්තා අනාවරණය කරයි.

Army-Chief-of-Staff-Gen-Randy-A-George
ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්

හමුදා අණදීමේ දාමයට එරෙහිව සිය හෘද සාක්ෂියට එකඟව ඔහු ගත් මෙම ස්ථාවරයත් සමඟ, ඔහු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන් වන ඩේවිඩ් හොඩ්න් සහ විලියම් ග්‍රීන් ද පෙන්ටගනයේ නායකත්ව වෙනස්කම් යටතේ ඉවත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්  බටහිර ආසියාවේ යුදමය උණුසුම උච්චතම අවස්ථාවකට පැමිණ ඇති මොහොතක සිදුවූ මෙම ඉවත් කිරීම් සම්බන්ධයෙන් පෙන්ටගනය මෙතෙක් නිල වශයෙන් සවිස්තරාත්මක හේතු දක්වා නැත. ඔවුන් පවසන්නේ එය “නායකත්ව වෙනසක් සඳහා කාලය” බව පමණි.

එහෙත් ට්‍රම්ප් පරිපාලනයට හිතැති පාර්ශව පවසන්නේ හමුදා නායකත්වය රජයේ ප්‍රතිපත්ති සමඟ සමපාත විය යුතු බවය. විවේචකයින් පෙන්වා දෙන්නේ සක්‍රීය යුද ගැටුම් පවතින අවස්ථාවක සන්නද්ධ හමුදාව මෙලෙස දේශපාලනීකරණය කිරීම යුද මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

විශේෂයෙන්ම අමෙරිකානු F-15E යානයක් බිම හෙළීම සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමේ මෙහෙයුම් වැනි තීරණාත්මක ගැටුම් පවතින පසුබිමක මෙම තීරණය ගෙන ඇත.

ඉරාන තානාපති කාර්යාලයෙන් “පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ” පණිවුඩයක්

මෙම අභ්‍යන්තර ගැටුම හමුවේ දකුණු අප්‍රිකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සිය X (ට්විටර්) ගිණුම හරහා අමෙරිකානු බලධාරීන් දැඩි උපහාසයට ලක් කර තිබේ. අමෙරිකානු හමුදා නායකයින්ගේ රැස්වීමක ඡායාරූපයක් සංස්කරණය කරමින්, ඉවත් කළ නිලධාරීන් සලකුණු කර ඔවුන් පළ කර තිබූ සටහනක දැක්වුණේ “පාලන තන්ත්‍රය වෙනස් කිරීම සාර්ථකව සිදු විය” (The regime change happened successfully) යනුවෙනි.

මෙහිදී ඉරානය විසින් ට්‍රම්ප්ගේ මැතිවරණ සටන් පාඨය වන “MAGA” සහ සිනාසෙන ඉමෝජියක් ද යොදා ගනිමින් වොෂින්ටනයට රිදවන සුලු පණිවුඩයක් නිකුත් කර ඇත.

ටෙහෙරානයේ පාලනය වෙනස් කිරීමට පෙර අමෙරිකාවේ හමුදා පාලනය වෙනස් වී ඇති බව ඉරානය මින් අදහස් කරයි. මෙම පෝස්ටුව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින් දිගින් දිගටම කටයුතු කරන අතර, ඉරානය පවසා ඇත්තේ ඕනෑම ප්‍රහාරයක් කලාපීය මඩගොහොරුවක් බවට පත් කරන බවය.

යුධ සමයක මෙවැනි ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් වෙනස් කිරීම මෙහෙයුම්වලට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසුවේ. 2026 අප්‍රේල් 5 වන දින වන විටත් පෙන්ටගනයෙන් හෝ ජෙනරාල් ජෝර්ජ්ගෙන් සෘජු ප්‍රකාශයක් ලැබී නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළ පෙන්ටගනය නිල නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෘත්තිය භාවය පසෙක ලා ගේම ඉල්ලන් චන්ඩි නිසා උන්ව නඩත්තු කරන අසරණ අපිට කෙළවෙන හැටි!

Next Post

සජිත් ගම්මන්පිලගේ පොතට ආවා… හිටියේ මට ඉස්සරහින්… දුමින්ද දිසානායක කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.