බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

by editor
ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

විලි ලජ්ජාවේ සන්තෝසේ බැරිය. මෙහෙම කුජීත වීමක් ගැන නම් දෙයියම්පා තුන් හිතකින්වත් හිතුවේ නැත.

ඉනිමක පරාජයෙන් බේරෙන්නට ලකුණු 318ක් ගහන්නට තිබුණේය. මේ ක්‍රීඩා කරන්නේ රටේ ජාතික කණ්ඩායම නිසාත් ලංකාව වෙනුවෙන් ලංකාවේ සිටින හොඳම එවුන් 11 දෙනා දැන් යාර හැත්තෑව ඇතුළේ ඉන්නවා යැයි අප විශ්වාස කළ නිසාත් අඩුම තරමින් ඉනිමක පරාජයේ වේදනාවෙන් රට මුදවා ගනු ඇතැයි අපට හිතුනේය.

අන්තිමට රෙදි නැත. දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරගන්නේ ලකුණු 101කට දැවී ගියේය. අප්පට සිරි වෙන මුන්ගේ ක්‍රිකට් ගැහිල්ල ගැන අහවල් බිජ්ජක් කතා කරන්නදැයි තේරෙන්නේ නැත. පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217කින් පරාදය.

ඊයේ දිනයේ දීම පැතුම් නිශ්ශංක ලකුණු 03කට දැවී ගියේය. නිශාන් මධුශ්ක ලකුණු 02කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 09කි. ධනංජය ද සිල්වා ලකුණු නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 08කි. මිලාන් රත්නායක ලකුණු නැත. අසිත ප්‍රනාන්දු ලකුණු නැත. පන්දු යවන්නට හිටියේ නැති ලහිරු කුමාරයා ලකුණු 09කි. කණ්ඩායමේ පිතකරුවන් 09 දෙනෙක් ලකුණු 10ට අඩුවෙන් දැවී ගොස්ය. දිනේෂ් චන්දිමාල් ලකුණු 43කි. දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ සොනාල් දිනූෂය. ඒ ලකුණු 12කි.

පන්දු යැවීමේ දී කෙමර් රොච් ලකුණු 51ට කඩුළු 04කි. ජෙයිඩන් සීල්ස් ලකුණු 14ට කඩුළු 03කි. ෂැමර් ජොෂප් ලකුණු 19ට කඩුළු 02කි. අල්සාරි ජෝෂප් ලකුණු 11ට කඩුල්ලකි.

තේරුම් ගන්නට බැරි ක්‍රිකට්වලටම නාකි වූ තුන් හතර දෙනෙක් සහිතව රට නියෝජනය කරන්නට එවන්නේ මේ විදිහේ ලොන්තයින් ටිකක් නම් මුන් ගහන ක්‍රිකට්වලට ක්‍රිකට් පරිපාලනයට දොස් කියා තේරුමක් නැති බවය. මුන්ගේ ලොන්තපොල් මජරකම හරිගස්සන්නේ නැතිව පිස්සුවෙන් මෙන් එක එකාට බැනගෙන වැඩක් නැත.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මුන් රස්සාව නැති කරන්නට යන්නේ  ගැරි කර්ස්ටන් වගේ පුහුණු කරුවෙකුටය. අවලාද අස්සවන්නට හදන්නේ  ඉරාන් වික්‍රමරත්න වැනි පරිපාලකයෙකුටය. මිනිස්සුන්ගෙන් පට්ට පදුරු බැනුම් අස්සවන්නට නියමිතව ඇත්තේ රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි වැනි ප්‍රතිපත්ති ගරුක මහත්මා ක්‍රිඩාවක් කළ මේ රටේ ගෞරවනීය මිනිස්සුන්ටය. කපිල විජේගුණවර්ධන වැනි ඇගයිමට ලක් වූ ක්‍රිකට් පරිපාලකයන්ටය.  යළිත් මතක් වෙන්නේ මුරලි කි කතාවය. මුන් 11 දෙනාට වැඩේ බැරිනම් වටේට බැණ හඬගසමින් හිඳ පලක් නැත.

අප හැමදාම කියන කතාවක් ඇත. පරාජය පිළිගත හැකිය. එහෙත් ඒ පරාජයට තර්කයක් තිබිය යුතුය. මේ විදිහට බලු කුජීත වී මුන්ට කියන්නට ඇත්තේ අහවල් දෙයක් දැයි අහන්නට අපත් කැමතිය.

උඹලාට ගොඩක් දේවල් පුලුවන් ඇත. ඒත් දැන් ලෝකයම දැක්ක විදිහට උඹලාට ක්‍රිකට් බැරිය. වැඳලා කියන්නේ ආයෙනම් බැරි මගුල් කරන්නට යන්න එපා කියාය.

ටුවර් එකකට ආපු එකේ මේ සෙල්ලම කරන හැටි ඔය කොල්ලන්ගෙන් අහගෙන මයේ අම්මලා පිරිස්සමින් ගෙදර වරෙල්ලා…

මේ ලිපියත් කියවන්න…

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

Next Post

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.