බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

by editor
ජූනි 28, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

තව පැය කීපයකින් තරගයේ සිවු වන දිනය ආරම්භ වන්නේය. තේරම් ගත යුත්තක් ඇත. ප්‍රමාණය ඔච්චරය.

“දක්ෂකම් තියනවා. කොහෙද ඉතින්… හරි මැනේජ්මන්ට් එකක් නෑ නේ…  ” මෙච්චරකල් හිත හදාගන්න කී කතාවෙන් දැන්වත් අයින් වී ඇත්ත පිළිගත යුතුය. මී හරකෙක් තරම්  පෙනුනත් පන්දු ඕවර 05ක් දාගන්නට බැරිව ලහිරු කුමාර ආබාධිතවය. මුන් නම් උන්ටම හරියන ටෙස්ට් ෆාස් බෝලර්ස්ලාය. ලහිරු කුමාර මුලු තරගය පුරාම දැම්මේ එක් පන්දු ඕවරයක් පමණි.

සක්‍රයා පරිපාලනයට ආවත් මුරලි කීවාක් සේ අන්තිමට වැඩේ කරන්නේ යාර හැත්තෑවේ සීමාවට යන 11 දෙනාය.   උන්ට ක්‍රිකට් අමාරු නම්  කළ යුතු වන්නේ විශේෂ කඳවුරක් පවත්වා උන්ව  කැරම්, දාම් වැනි වෙන ක්‍රීඩාවකට හුරු කරන එකය. ඇන්ටිගුවා තණතිරුවේ අපේ උන් ඊයේ පන්දු යැවූ ආකාරය දකින් විට ඇත්තටම හිතුනේ මුන් වැඩිපුරම හොඳ අල්ලන සෙල්ලම්වලට බවය.

එහෙම අසරණවිල්ලක් ගැන මෑත ඉතිහාසයේ දී මතකයක් නැත.   අතිවිශිෂ්ට පිතිහරඹයක නිරත වූ අමීර් ජැන්ගු පන්දු ජැන්ගු පන්දු 373 කට මුහුණ දී ලකුණු  233ක් ලැබුවේය.  ඔහු මේ ක්‍රීඩා කරන්නේ දෙවැනි ටෙස්ට් තරගය ය. තුන්වන ටෙස්ට් ඉනිමය.  ජැන්ගු කණ්ඩායමේ 11 ඇතුළට කැඳවන්නේ අහම්බෙනි. ඒ       පුහුණු වීම් අතර බටහිර ඉන්දීය කොදෙව්  ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ෂයි හෝප් ආබාධයකට ලක් වීම නිසාය. ජැන්ගුගේ පිතිකරණය  හෝප් කණ්ඩායමෙන් එළියේ ස්ථානගත කළා වැනිය.

රොස්ටන් චේස් යනු මෑත කාලයේ ලකුණු අතරට පැමිණෙන්නට අරගල කරමින් සිටි ක්‍රීඩකයෙකි.  චේස් ලකුණු 167ක් ලැබුවේය. ඒ ඔහු ටෙස්ට් තරගයක දී ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවය.  කබ්බන් ෆෝම් කරන ඉතිහාසගත භූමිකාව යළිත් අපි විසින් සිදුකර ඇත්තෙමු.

අමීර් ජැන්ගු

 ලෝක වාර්තාව

ජැන්ගු සහ හෝප් ඊයේ තැබුවේ ලෝක වාර්තාවකි. ඔවුන් දෙදෙනා අතර හයවන කඩුල්ල වෙනුවෙන්  ගොඩනැගුණු  සම්බන්ධතාවය ලකුණු  401 කි. මීට පෙර 06 වැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව තබා තිබුණේ එංගලන්තය ය.  2016 වසරේදී කේප් ටවුන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්ත කණ්ඩායමේ  බෙන් ස්ටෝක්ස් සහ ජොනි බෙයාර්ස්ටෝ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 399ක සබඳතාවක් පවත්වමින් තැබූ වාර්තාව ඊයේ චේස් සහ ජැන්ගු බිඳ හෙලූහ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

වසර 149ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 400 සීමාව පසුකළ පළමු සහ එකම පිතිකරණ යුගලය ජැන්ගු සහ චේස්ය.

මෙම පිතිකරණය  කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සර් ගාෆීල්ඩ් සෝබර්ස් සහ කොන්රඩ් හන්ට් තැබූ වාර්තාවට පමණක් දෙවැනි වන පිතිකරුවන් දෙදෙනෙකු අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ   දෙවන ඉහළම සබඳතාවය ය.

රොස්මන්ඩ් චේස්

අමතක නොවන පන්දු යැවීම

දාන දාන එකා ගුටි කන්නේය. එකම එක පන්දු ඕවරයක් පමණක් යවා ලහිරු කුමාරයා ආබාධයක් වී එළියේ ය. නිත්‍ය ටෙස්ට් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියත් ක්‍රීඩා කරන 11 දෙනා අතර නැත. දඟ පන්දු යවන්නන් කියා විශ්වාසයෙන් එකෙකුට පන්දුව භාර දෙන්නට විදිහක් නැත.   හිටියේ  සොනාල් දිනූෂය. ඌ පන්දු ඕවර 56ක් යැව්වේය. යවන යවන පන්දු ඕවරයේ ගුටි කෑවේය. එකම එක නිලකුණු පන්දු ඕවරයක් පමණක් යැවූ දිනූෂගේ පන්දු ඕවරයකට  ලබා ගත් ලකුණු සාමාන්‍යය 4.1කි. ඔහුට  එරෙහිව පිතිකරුවෝ  ලකුණු 234 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ එකම ක්‍රීඩකයා වූයේ මිලන් රත්නායකය. ඔහු ලකුණු 124 කට කඩුලු 5 ක් දවා ගනිමින් සිය කඩුලු 5 සීමාව සම්පූර්ණ කළේය.    ජැන්ගු සහ චේස්ගේ දැවැන්ත සබඳතාව බිඳ දැම්මේත්  මිලාන්ය.

දෙවැනි ඉනිම

අවසානයේ කඩුළු 09කට ලකුණු 626ක් ලබා සිටි කොදෙව්වෝ   තරගය අත්හිටවූහ. ඉනිම අත්හිටුවන විට   පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 318 ක් ඉදිරියෙන් සිටියහ.   දිනය  නිමා වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 4 කට මුහුණ දීමට සිදුවිය. සැප කනේය.   දෙවැනි පන්දු ඕවරයේ පළමු පන්දුවේ දී   ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දැවී ගියේය. ඒ ජයිඩන් සීල්ස්ගේ පන්දුවක් හමුවේය. ඒ තේරුමක් නැති දැවී යෑම සිද්ධ වන්නේ මුළු ලකුනු සංඛ්‍යාව 08ක්ව තිබිය දී ය. පැතුම් නිශ්ශංක දැවී යනවිට ලබා තිබුණේ ලකුණු 03ක් පමණි.

“නයිට් වොච්මන්” ලෙස පිටියට පැමිණෙන්නේ කසුන් රාජිත ය. ඔහුද උඩ පන්දුවක් ලබා දුන්නේය. එහෙත් මොකක්දෝ පිනකට එම උඩ පන්දුව අමීර් ජැන්ගු අතින් ගිලිහී ගියේය. දැන් කසුන් රාජිත ලකුනු 04ක් ගෙන නොදැවීය. නිශාන් මධුශ්ක ලකුණු 02ක් ලබා ගෙනය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 15කි.

ඉනිමක පරාජයෙන් බේරෙන්නත් තව ලකුණු 303ක් ලබා ගත යුතුය. අනේ මන්දා කියනවා හැරෙන්නට  වෙන අහවල් දෙයක් කියන්නටදැයි අපට වැටහෙන්නේ නැත. මේ ආකාරයේ බලු ගුටි කන්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල නවතම දත්ත අනුව අපට වඩා අංක තුනක් පසුපසින් සිටින කණ්ඩායමකිනි.  ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල අප ඉන්නේ 06 වැනි තැනය. බටහිර ඉන්දීය කොදෙව්වන් 03ය.

මෙවැනි විපතක් හතුරෙකුටවත් සිද්ධ නොවේවා යන්න විලි ලජ්ජාව පසක තබා තවමත් ක්‍රිකට් බලන අපේ පැතුමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Next Post

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.