ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිද, අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපානන් ද, අද (16) පෙරවරුවේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන්ද හමුවූයේය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.










