බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට පත් වන්නේ ඇයි? 

by editor
මාර්තු 28, 2026
in පුවත්
kamala_a
Share on FacebookShare on Twitter

වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා කිහිපයකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (මාර්තු 27) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කැබ් රථයක චැසි අංකය වෙනස් කරමින් එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇති බවයි. 2025 අප්‍රේල් මාසයේදී මෙම තනතුරට පත් වූ කොමසාරිස් ජනරාල්වරයා අද (මාර්තු 28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වසර කිහිපයක සිට ක්‍රියාත්මක වූ විමර්ශනය

මෙම අත්අඩංගුවට ගැනීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) පරිගණක දත්ත පද්ධතියට (e-MOT) ව්‍යාජ ලෙස ඇතුළු වී සිදුකරන මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වූ පුළුල් විමර්ශනයක තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. පසුගිය කාලය පුරා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සහ එකලස් කරන ලද වාහන 400කට අධික ප්‍රමාණයක්, රජයට ගෙවිය යුතු බදු පැහැර හරිමින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවට විගණන වාර්තා මගින් මීට පෙර කරුණු අනාවරණය කර තිබුණි.

මීට පෙර සිදුකළ විමර්ශනවලදී හෙළි වූයේ, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහ බාහිර තැරැව්කරුවන්ගේ සහාය ඇතිව, පවතින දත්ත පද්ධතියේ ‘පසුපස දොරටුවකින්’ (Backdoor access) ඇතුළු වී මෙම වංචනික ලියාපදිංචි කිරීම් සිදුකර ඇති බවයි. විශේෂයෙන්ම භාවිතයෙන් ඉවත් කළ වාහනවල අංක තහඩු සහ චැසි අංක භාවිතා කරමින් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට සාක්ෂි රැස් කරමින් සිටියේය.

ඉහළ පෙළේ නිලධාරීන්ගේ සම්බන්ධතාව

මෙම විමර්ශන මාලාව යටතේ මීට පෙරද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සහ දත්ත පද්ධතිය හැසිරවූ තොරතුරු තාක්ෂණ අංශයේ සේවකයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත් විය. මේ අතර කමල් අමරසිංහට එල්ල වූ වෙනම චෝදනා මාලාවක් ද වේ.මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කමල් අමරසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරයට පත්වීමට පෙර සිටම සිය සොහොයුරා   සමඟ එක්ව මෙම කූට ලේඛන සකස් කිරීමේ සහ නීති විරෝධී වාහන එකලස් කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවට චෝදනා තිබිණි.   ඔහු සම්බන්ධ  ජාවාරම පිළිබඳ තොරතුරු මුලින්ම අනාවරණය වී ඇත්තේ වලාන දූෂණ මර්දන මධ්‍යම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මාවතගම ප්‍රදේශයේ ගරාජයක් වැටලීමෙන් පසුව බව කියැවේ. එහිදී ව්‍යාජ ලෙස එකලස් කිරීමට සැලසුම් කළ වාහනයක් අත් අඩංගුවට ගෙන ඇති අතර එම එකලස් කිරීම පසුපස මෙම නිලධාරියා සිටින බව අනාවරණය වී ඇත.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

අදාළ රථය අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් එම වාහනයේ නිෂ්පාදිත රටේ ලියකියවිලි අඩංගු ලිපිගොනුව පරීක්ෂා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී එම ගොනුව අතුරුදහන් වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත දිගින් දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳව ඉතාමත් තියුණු තාක්ෂණික විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ CID මූල්‍ය විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව  වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අඹේපුස්සෙදී ජංගම ඩීසල් පිරවුම්හලක් කොටු වෙයි: වැඩි මිලට තෙල් විකුණූ අයෙක් අත්අඩංගුවට!

Next Post

 රටේ ඉන්ධන සැපයුම සහතිකයි: විදුලි කප්පාදුවක් නෑ – තෙල් සංස්ථා සභාපතිගෙන් සහතිකයක්!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.