අසේල කුරුළුවංශ –
අඹේපුස්ස ප්‍රදේශයේදී ඩීසල් ලීටර් 1200 ක් සමඟ ජංගම ඩීසල් බෙදා හැරීමේ රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම ලොරි රථය තුළ ඩීසල් නිකුත් කරන ප්‍රමාණය මැනිය හැකි මීටරයක් ද සවිකර තිබූ බව පොලීසිය පවසයි.

ලොරි රථයේ පිටුපස සවිකර තිබූ විශේෂ ටැංකියකට ඩීසල් පුරවාගෙන පාරිභෝගිකයන් සිටින ස්ථානයටම ගොස් මෙම ජාවාරම සිදුකර ඇත.
පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ මොහු සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා රුපියල් 100 ත් 150 ත් අතර අමතර මුදලක් අය කරමින් මෙම ඩීසල් අලෙවි කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.







