බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භික්ෂූන් වහන්සේලාගේ විදේශ ගමන් නියාමනයට නීති බලාත්මක කෙරේ; විහාර දේවාලගම් පනතත් සංශෝධනය වෙයි!

by editor
මැයි 2, 2026
in පුවත්
buddhist-monks-at-bangkok
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

භික්ෂූන් වහන්සේලාගේ විදේශගත වීම් සම්බන්ධයෙන් දැනට පවතින රෙගුලාසි දැඩිව බලාත්මක කිරීමට සහ නව රෙගුලාසි හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මෑත කාලීනව ශාසනික විනය පිරිහීමට තුඩු දුන් ඇතැම් සිදුවීම් සැලකිල්ලට ගනිමින් ශාසනයේ ගෞරවය රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ  විදේශගත වීමට අපේක්ෂා කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වන නීති නිසි පරිදි ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය මගින් තහවුරු කරන බවය.

  • භික්ෂු විදෙස් ගමන් නියාමනය සහ නීතිමය පසුබිම

පවත්නා රෙගුලාසිවලට අනුව භික්ෂූන් වහන්සේ නමකට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ විදෙස්ගත වීමට නම් අනිවාර්යයෙන්ම බලයලත් පාර්ශ්වයන්ගෙන් ලිඛිත නිර්දේශ (Recommendations) ලබාගත යුතුව තිබේ. ඒ අනුව, තමන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ හෙවත් උපදේශක ස්වාමීන් වහන්සේගේ නිර්දේශය, අදාළ ප්‍රාදේශීය බෞද්ධ නායක හිමියන්ගේ නිර්දේශය සහ තමන් වහන්සේ අයත් වන නිකායේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමැතිය යන නිර්දේශ තුනම සම්පූර්ණ විය යුතුය.

මෙම සහතික කිරීම් නොමැතිව භික්ෂූන් වහන්සේලාට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණද, කාලයත් සමඟ එම නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී යම් ලිහිල් ස්වභාවයක් දක්නට ලැබුණි. මෙම ලිඛිත අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අක්‍රිය මට්ටමක පැවතීම හේතුවෙන්, මෑත වසරවලදී එවැනි විධිමත් පරීක්ෂාවකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මෑතකදී වාර්තා වූ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුවත ශාසනයේ ගෞරවයට සහ නාමයට දැඩි අගතියක් එක් කර ඇති බැවින්,  යටපත් ව  තිබූ මෙම නීති රෙගුලාසි නැවත දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මහානායක හිමිවරුන් විසින් අවධාරණය කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මීට පෙර මෙම නීති පැවතියද ඒවා බලාත්මක නොකිරීම හේතුවෙන් විවිධ පුද්ගලයන්ට චීවරධාරීන් ලෙස පෙනී සිටිමින් මෙවැනි අයථා ක්‍රියාවල නිරත වීමට අවස්ථාව සැලසුණු බව උන්වහන්සේලා පෙන්වා දී තිබුණහ.

  • මින් පසු නීතිය බලාත්මක වන හැටි

ඒ අනුව, මින් ඉදිරියට භික්ෂූන් වහන්සේලා විදෙස්ගත වීමේදී මහානායක හිමිවරුන්ගේ නිර්දේශය අනිවාර්ය කිරීමටත්, ඒ සම්බන්ධ නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට රජයේ පූර්ණ සහාය ලබා දෙන ලෙසත් මහා සංඝරත්නය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.  මේ තත්ත්වය තුළ ඉදිරි විදේශ ගමන් සඳහා මෙම ක්‍රියාපටිපාටිය යළි දැඩිව බලාත්මක කිරීමටත්,     වඩාත් කාර්යක්ෂමව ප්‍රායෝගික  කිරීමටත්    කඩිනම් සහ ස්ථාවර  පියවර ගනිමින් සිටින බව බුද්ධශානස අමාත්‍යාංශය  නිවේදනය කර තිබේ.

මේ සතිය මුලදී නිකාය ලේඛකාධිකාරී හිමිවරුන්, නීතිපතිවරයා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේ යෝජනා කඩිනම් කිරීමට ද පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජර්මන් චාන්ලසර් සහ ට්‍රම්ප් අතර ගැටුම  කෙළවරක් නැති  බිඳවැටීමක  මුල ද?.. ඉරාන යුද්ධය නේටෝවට කරන දේ මෙන්න…

Next Post

මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන රියදුරන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට: මාස 4කදී 4,750ක් කොටු වෙයි! වසරේ මුල් කාර්තුව තුළ  රිය අනතුරුවලත් කැපී පෙනන වැඩිවීමක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.