සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළ   ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගන්නේ ඇයි- පොලිසිය කියන කතාව!

by editor
මැයි 6, 2026
in පුවත්
Udaya-Gammanpila
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකගේ නිල මතයන්ට පටහැණිව අසත්‍ය සහ නොමඟ යවන සුලු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මේ බව අනාවරණය කළේය.

මෙම සිද්ධියට අදාළව සිදුකළ සෝදිසි කිරීම්වලදී එක්තරා නිවසක තිබී ජංගම දුරකතනයක්, සිම්පත් (SIM cards) හතක්, පෙන් ඩ්‍රයිව් (Pen drive), බැංකු කාඩ්පත් සහ ලිපිගොනු කිහිපයක් කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලීසිය පෙන්වා දෙන්නේ මැයි මස 4 වැනිදා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවලදී අදාළ මරණය සම්බන්ධයෙන් පළ කළ අදහස් පදනම් විරහිත බවයි. විශේෂයෙන්ම, මරණකරුගේ බිරිඳ විසින් මෙම මරණය සැක සහිත බවට පොලීසියට පැමිණිලි කර ඇති බවට ඔහු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එවැනි කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

නීතිය පිළිබඳ අවබෝධයක් ඇති අයකු මෙලෙස සමාජය නොමග යවන සුලු ප්‍රකාශ සිදු කිරීම බරපතළ තත්ත්වයක් බවත්, මෙම පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට ඉදිරියේදී උදය ගම්මන්පිලට සිදුවනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය. මීට අමතරව, කුලියාපිටිය අධිකරණයේදී මේ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීමක් සිදු කිරීමටද පොලීසිය සූදානම් වේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

විමර්ශනවලට බාධා වන අයුරින් හෝ අධිකරණය නොමඟ යන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බවත්, කිසියම් ගැටලුවක් පවතී නම් නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධව දැඩි විවාදයක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා සෞඛ්‍ය ලේකම්වරයා විසින් අධිකරණ වෛද්‍ය නිලධාරින් සිවු දෙනෙකුගෙන් යුතු මණ්ඩලය පත් කිරීමට අදාලව ඉදිරිපත් කළ ලේඛනයේ මෙම මරණය සැක කටයුතු බවට  රංග රාජපක්ෂගේ බිරිය සඳහන් කර ඇති බව පෙන්වමින් රජය මේ මරණය සම්බන්ධ සැබෑ තත්ත්වය මග හැරීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද  ජයතිස්ස ප්‍රකාශ කළේ මේ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය බව ද උසාවි කටයුතු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තිබිය යුතු  නීතිඥවරයෙක් ලෙස අජිත් පෙරේරා හොඳින්ම දන්නා බව ද   කීවේය.

ඔහු කීවේ මුදල් අමාත්‍යාංශයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වීමෙන් පසුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ඉදිරිපත් කර ඇති බවය. එම පැමිණිල්ල ඉදිරිපත් කළේ රංග රාජපක්ෂ නොවන බව ද ඔහු අවධාරණය කරමින් විපක්ෂය ගෙන යන පදනම් විරහිත ප්‍රකාශ ගැන විරෝධය පල කළේය.

ඇමතිවරයා සිය ප්‍රකාශයේ දි වැඩිදුරටත්  පැවසුවේ  එදිනම තාක්ෂණ විමර්ශන කමිටුවක්ද පත් කර   අප්‍රේල් 10 වැනිදා එම කමිටු වාර්තාව මත පදනම්ව නිලධාරින් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කළබවය. විපක්ෂය මේ පිළිබඳව දැනගෙන ඇත්තේ අප්‍රේල් 22 වැනිදා බවත්, ඒ වන විටත් පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු තොරතුරු අදාළ ආයතනවලට ලබා දී තිබූ බවත් රජය පවසයි.

අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් රජය පියවර ගනිමින් සිටින අතර, මූල්‍ය විශ්වාසනීයත්වය රැකීමට සහ සයිබර් අපරාධකරුවන්ගේ මැදිහත්වීම් පාලනය කිරීමට යන්ත්‍රණය ශක්තිමත් කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ ඩොලර් මිලියන 2.5ක සිද්ධිය සම්බන්ධව ආන්දෝලනයට ලක් වූ නිලධාරියාගේ මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සිදුකර ඇති බවය. මෙහිදී මරණය සම්බන්ධයෙන් විපක්ෂය දරන උත්සාහය නිසා පවුලේ සාමාජිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවත්, රංග රාජපක්ෂ සම්බන්ධනේ අසත්‍ය ප්‍රකාශ කළ පිරිස් පිළිබඳව එම පවුලේ සාමාජිකයින් පියවර ගැනිමට සූදානම් බවත් ඇමතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2016 රාජගිරිය රිය අනතුර: රියදුරු අසුනේ සිටියේ පාඨලී චම්පික බව පළමු සාක්ෂිකරු හඳුනාගනියි!

Next Post

මාලදිවයින් ජනපති නිල සංචාරය නිමවා දිවයිනෙන් පිටත්ව යයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.