රට බලශක්ති අර්බුදයක බැවින් බලශක්තිය පිරිමැසිම සඳහා රජය ජන සමාජයෙන් ආයාචනා කරද්දී, බලශක්ති සුරක්ෂා කිරීමට වීදි පහන් කළමනාකරණය කළ යුතු ආකාරය පවා පොලිස්පති විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙද්දී ගම්පහ පොලිසි අතර විදුලි පහන් ආලෝකය යටතේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක් සංවිධානය කිරීමට ගම්පහ පොලිස් ලොක්කෙක් සැලසුම් කර තිබේ.
ගමේ සංගීත සංදර්ශන අවුරුදු උත්සව පවා පැවැත්වීම සීමා කර තිබිය දී, පොදුවේ රාත්‍රියේ පැවැත්වෙන සැණකෙලි සඳහා සීමා පැනවීමට රජය කටයුතු කර තිබිය දී ගම්පහ පොලිස් ලොක්කාගේ මේ උමතු ක්‍රියා කලාපය ගම්පහ පොලිස් පොඩ්ඩන් අතර දැඩි කණස්සල්ලක් උපදවා තිබේ.
හෙට වේයන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම දිවා රාත්‍රී ක්‍රිකට් තරගය සහ සාදය වෙනුවෙන් එක් එක් පොලිසි වෙත මත්පැන් බයිට් සහ වෙනත් ආහාර සැපයුම් සඳහා රුපියල් පනස් දහසක් ලක්ෂයක් අතර වියදම් ප්‍රමාණයක් සොයා ගැනීමට මෙම පොලිස් ප්‍රධානියාගේ උත්සව සංවිධායක කමිටුව විසින් පවරා ඇතැයි වාර්තා වේ.
නිසි අයුරින් රාජකාරිය කරන ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් මේ තත්ත්වය තුළ බලවත් අසීරුතාවයට පත් වී ඇත්තේ මෙම මුදල් සපයා ගැනීම සඳහා රාජකාරියට එපිටින් පුද්ගලයින්ට සිදුකරන්නට වන බලපෑම හේතුවෙනි.
“මිනිස්සුන්ට කරන්න එපා කියන දේ අපි කරලා කොහොමද ආපහු රාජකාරි කරන්නේ…” මෙ පිළිබඳ ලංකාසරට අදහස් දක්වමින් ගම්පහ පොලිස් පොඩ්ඩෙක් ලංකාසරට පැවසුවේය.







