බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැදුරු ඔයේ ගලී 02ක් මිය යයි… තවත් 06ක් අතුරුදහන්… අවුරුද්ද මළ ගෙයක් කර නිස්කාරණයේ දියබත් වෙන ජීවිත ගැන කතාවක්….

by editor
අප්‍රේල් 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත්‍ර ජයලාල් –

යළිත් මිනිස්සු කම්පනය වී ඇත. මෙවර දැදුරු ඔයේ දිය නෑමට ගිය 08 දෙනෙකුගේ ජීවිත සම්බන්ධව වන කම්පාකරවන තීන්දුව ලියැවී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. මේ වනවට දිය නෑමට ගිය 08 දෙනෙකුගෙන් 02 කු ගේ මළ සිරුරු හමුවී ඇත. ඉතිරි 06 දෙනා අතුරුදහන් බව පොලිසිය කියන්නේය.   

2026 අප්‍රේල් 16 වනදා එනම් අද පස්වරුවේ පුද්ගලයින් දහතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොබෙයිගනේ  ප්‍රදේශයේ දී  දැදුරු ඔයේ දිය නෑමට  ගොස් තිබිණි.    කිසිවකුත් නොසිතූ මොහොතක ඇති වූ ප්‍රබල ජල ප්‍රවාහයකට හසුව එම පිරිස  ගසාගෙන ගොස් තිබේ. දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කර ඇති බවත්,  දෙදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය තහවුරු කරයි.

තවත් හය දෙනෙකු මෙතෙක් හමු වී නොමැති අතර, ඔවුන් සොයා නාවික හමුදාව සහ පොලිසිය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.   රාත්‍රී කාලයේ ද මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, සැඩ ජල පහර නිසා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

මහවැලි ගඟේ නිම වූ සොයුරු සෙනෙහස

මේ අතර මුළු රටම කම්පාවට පත් කළ තවත් සිදුවීමක් වාර්තා වූයේ සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟ අසලිනි. මහින්දපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, කොළඹ රැකියාවල නිරත වූ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු අවුරුදු නිවාඩුවට ගමට පැමිණ සිටියහ. අප්‍රේල් 14 වැනිදා පස්වරුවේ පියා සහ පුතුන් හතර දෙනෙකු වෙරුගල් ආරු පාලම අසලින් මහවැලි ගඟට බැස්සේ දිය නෑමේ අරමුණිනි.

එහෙත් ක්ෂණිකව මතු වූ ප්‍රබල ජල ප්‍රවාහයත් සමඟ සියල්ල උඩුයටිකුරු විය. සැඩ පහරට හසුවූ පියා සහ එක් පුත්‍රයෙකු අසීරුවෙන් බේරාගැනීමට හැකි වුවද, අනෙක් සහෝදරයන් තිදෙනා දිය රකුසාට බිලිවෙමින් ඇසිපිය හෙලන මොහොතකින් නොපෙනී ගියහ. අවුරුදු 24, 34 සහ 35 වයස්වල පසුවූ, දිවිය ජයගන්නට වෙහෙස වූ ඒ ජව සම්පන්න තරුණ ජීවිත තුනම මහවැලි දිය දහරේ නිහඬ විය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

සිද්ධිය සැලවූ සැණින් සේරුනුවර පොලිසිය සහ නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකක එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. අප්‍රේල් 15 වැනිදා සවස් වන විට සහෝදරයන් දෙදෙනෙකුගේ නිසල දේහයන් හමුවූ අතර, පසුව බාල සහෝදරයාගේ සිරුර ද හමුවීමත් සමඟ මරණ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගියේය.

එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුගේ දේහයන් එකම නිවසක තැන්පත් කරන්නට සිදුවීම තරම් මහා ඛේදවාචකයක් තවත් නැත. ගම්මානයම කම්පාවට පත් කරමින් අවුරුදු සිරිය වෙනුවට මරණයේ වේදනාව හාත්පස ගිලගෙන තිබිණි.

පියා සහ අනෙක් සහෝදරයා අසීරුවෙන් බේරාගැනීමට හැකි වුවද, මියගිය සහෝදරයින්ගේ මළ සිරුරු සොයාගැනීමට අප්‍රේල් 15 වැනිදා තෙක් මෙහෙයුම් සිදු කිරීමට සිදු විය. වසරකට පසු නිවසට පැමිණි දරුවන් තිදෙනෙකුගේ නිසල දේහයන් දෙස බලා වැලපෙන දෙමාපියන්ගේ විලාපය මුළු මහින්දපුර ගම්මානයම සසල කරවන්නක් විය.

හබරාදූවේදී නිම වූ කටුනායක තරුණයින්ගේ සංචාරය

දකුණු වෙරළ තීරයෙන් ද වාර්තා වූයේ මෙවැනිම කටුක පුවතකි. කටුනායක ප්‍රදේශයේ සිට හබරාදූව ප්‍රදේශයේ සංචාරයකට පැමිණි සොයුරන් දෙදෙනෙකු මුහුදේ දිය නෑමට ගොස් රළ පහරට හසුවී මිය ගියේය.

මෙලෙස මිය ගියේ  කටුනායක, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ජුඩ් ෂෙවන්ත පෙරේරා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටි 21 හැවිරිදි ඇන්ටන් සෙනාල් පෙරේරා යන තරුණ සහෝදරයින් දෙදෙනාය. පවුලේ සාමාජිකයින් සමඟ දකුණු පළාතේ සංචාරයක නිරතව සිටි ඔවුන්, අප්‍රේල් 14 වැනිදා දහවල් කටුනායක පිහිටි සිය නිවෙස් බලා ආපසු එන අතරතුර ප්‍රදේශවාසියෙකු විසින් ආරක්ෂිත බවට පැවසූ තොරතුරකට අනුව මෙම වෙරළ තීරයෙන් මුහුදට බැස ඇත්තේ විනෝදයක් අපේක්ෂාවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් ඔවුන්ගේ පියා වන චමින්ද ජුඩ් ප්‍රනීත පෙරේරා (55)   පවසා සිටියේ, තම දරුවන් දෙදෙනා රළ පහරට හසුව මීටර් 100ක් පමණ ඈතට ඇදී යන විටත් අවසන් මොහොත දක්වාම දෑත් එකිනෙකා තදින් අල්ලාගෙන සිටි බවය. පිරිමි පිරිස මුහුදේ දිය නාමින් සිටියදී අනපේක්ෂිත ලෙස පැමිණි මහා රළ පහරකින් දරුවන් දෙදෙනා ගැඹුරු මුහුද දෙසට ඇදගෙන ගොස් ඇති අතර, පියා සහ අනෙකුත් ඥාතීන් රළ පහරින් බේරීමට සමත්ව ඇතත් තරුණයින් දෙදෙනා දියේ ගිලෙමින් මතු වෙමින් විනාඩි 10ක පමණ කාලයක් ජීවිතය බේරා ගැනීමට දැඩි අරගලයක නිරත වී තිබේ.

වෙරළේ සිටි මව ඇතුළු කාන්තාවන් බලා සිටියදීම මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, දරුවන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසන අයුරු දුටු පියා ඇතුළු පිරිස මහත් කම්පනයට පත්ව ඇති බව සාක්ෂිවලදී අනාවරණය විය.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ අසල හෝටලයක ජීවිතාරක්ෂක භටයින් විසින් දැඩි වෙහෙසක් දරා තරුණයින් දෙදෙනා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබා දී හබරාදුව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ඔවුන් රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබිණි.

මෙම සියලු සිදුවීම් දෙස බැලීමේදී පොදු ලක්ෂණයක් දක්නට ලැබේ. එනම්, අනතුරට පත් වූ බොහෝ දෙනා එම ප්‍රදේශවලට පිටතින් පැමිණි පුද්ගලයන් වීමයි. නුහුරු දියකඩවල්, ගංගාවල ගැඹුරු තැන් සහ මුහුදේ දිය වැල් පිළිබඳව දේශීය ජනතාව සතු අවබෝධය සංචාරකයන් සතු නොවේ. විශේෂයෙන්ම අවුරුදු සමයේ පවතින කාලගුණික විපර්යාස හමුවේ ජල මට්ටම වෙනස් වීම අතිශය භයානකය.

සංඛ්‍යාලේඛන පවසන බියකරු ඇත්ත

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව දෙස බැලීමේදී එය ඉතා ඉහළ අගයක් ගන්නා බව පෙනී යයි. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (Life Saving Sri Lanka) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලට අනුව:

  • වාර්ෂික මරණ සංඛ්‍යාව: සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති.
  • දෛනික සාමාන්‍යය: මෙරට දිනකට පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණ දිය රකුසාට බිලි වේ.
  • වැඩිම අවදානම: දියේ ගිලීමෙන් මියයන පිරිසෙන් බහුතරය අවුරුදු 15ත් 45ත් අතර පසුවන ජව සම්පන්න තරුණ පිරිමින් වීම ජාතික වශයෙන් ද විශාල පාඩුවකි.
  • ස්ථානීය දත්ත: මුහුදේ ගිලීමෙන් සිදුවන මරණවලට වඩා රට අභ්‍යන්තරයේ පවතින ගංගා, වැව්, ඇළ දොළ සහ අනාරක්ෂිත වළවල්වල දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී.

නිරපරාදේ අහිමි වන ජීවිත

මෙම මරණ බොහොමයක් ‘නිරපරාදේ සිදු වූ මරණ’ ලෙස හැඳින්විය හැක්කේ ඒවා ඉතා සුළු අවධානයකින් හෝ දැනුවත්භාවයකින් වළක්වා ගැනීමට තිබූ බැවිනි.

  1. මත්පැන් භාවිතය: දිය නෑමට යන පිරිස් මත්පැන් පානය කර ජලයට බැසීම මරණීය අවදානම සියයට සියයකින් වැඩි කරයි.
  2. අනවශ්‍ය අභියෝග: ජලයේ ගැඹුර හෝ ජල ප්‍රවාහයේ වේගය නොදැන අනවශ්‍ය ලෙස පිහිනීමට යාම සහ තරුණ පිරිස් අතර පවතින ‘වැඩ පෙන්වීමේ’ මානසිකත්වය මරණය කැඳවයි.
  3. ආරක්ෂිත උපකරණ නොමැතිකම: විනෝද චාරිකා යන බොහෝ පිරිස් ජීවිතාරක්ෂක කබා (Life Jackets) හෝ සරල ආරක්ෂිත පියවර ගැන අවධානය යොමු නොකරති.
  4. ස්වභාවධර්මය නොසලකා හැරීම: වැසි සහිත කාලගුණයේදී ගංගා සහ ඔයවල් ක්ෂණිකව පිටාර ගැලීම පිළිබඳ පවතින අනතුරු ඇඟවීම් නොසලකා හැරීම මෙම ඛේදවාචකයන්ට පාර කපයි.

මෙලෙස අකාලයේ අහිමි වන්නේ රටක අනාගතය භාර ගැනීමට සිටින තාරුණ්‍යයයි. එක් නොසැලකිලිමත් තීරණයක් මුළු පවුලකම හෙට දවස අඳුරු කරන බවත්, දිය රකුසා කිසිවිටෙකත් කඳුළට සමාව නොදෙන බවත් සිහි තබා ගැනීම අතිශය වැදගත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ තහනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසමෙන් තීන්දුවක්!

Next Post

දකුණු මුහුදෙන් අද ඇල්ලූ  රුපියල් කෝටි 400ක හෙරොයින් සමඟ මේ වසරේ මේ දක්වා මුහුදින් ඇල්ලූ මත්ද්‍රව්‍යවල වටිනාක කෝටි 29000 පනී…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.