බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ තහනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසමෙන් තීන්දුවක්!

by editor
අප්‍රේල් 16, 2026
in පුවත්
thushara-upuldeniya
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනම් කිරීමේදී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇතැයි බීබීසී වාර්තා කරයි. කොමිසම උපුටා දක්වමින් එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ   මේ අත් අඩංගුවට ගැනීම  හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

අත්අඩංගුවට ගැනීම සහ පසුබිම

2025 වසරේ වෙසක් පෝය දින අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව, තුෂාර උපුල්දෙණිය පසුගිය වසරේ ජූනි 09 වනදා අත්අඩංගුවට ගැනිණි. ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව කියැවෙන මෙම පුද්ගලයා නිදහස් කර තිබුනේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාවට අදාලව අනුමත කල ලයිස්තුවට පිටිනි.  පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහුට, 2025 ජූලි මස දැඩි ඇප කොන්දේසි මත අධිකරණයෙන් ඇප හිමි විය.

තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම සහ සේවයෙන් ඉවත් කිරීම අත්තනෝමතික සහ නීති විරෝධී බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම විභාගය පැවැත්විණි.

කොමිසමේ නිරීක්ෂණ සහ නිගමන

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පිටු 21කින් යුත් සිය නිර්දේශ වාර්තාව නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ, වින්දිතයාට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී අනවශ්‍ය කඩිනමකින් ක්‍රියා කිරීම තුළින් අත්තනෝමතිකභාවයක් සිදුව ඇති බවයි.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව (නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය) උල්ලංඝනය වී ඇත.
  • අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු 13 (1) ව්‍යවස්ථාව ද උල්ලංඝනය වී ඇති බව කොමිසම පෙන්වා දෙයි.

වහාම ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවාගේ අත්සනින් නිකුත් කළ නිර්දේශ මාලාව 2026 අප්‍රේල් 30 වනදාට පෙර ක්‍රියාත්මක කළ යුතු බවට නියෝග කර ඇත.

  • පොලිස්පති සහ මහජන ආරක්ෂක ලේකම්: පළමු වගඋත්තරකරු වන CID අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතුය.
  • චක්‍රලේඛ නිකුත් කිරීම: අත්අඩංගුවට ගැනීම්වලදී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දැඩි ලෙස අනුගමනය කරන ලෙස සියලු නිලධාරීන් දැනුවත් කළ යුතුය.
  • අධිකරණ අමාත්‍යාංශ ලේකම්: වැඩ තහනම් කිරීමේ ක්‍රියාවලියේදී සිදු වූ අගතිය සැලකිල්ලට ගෙන වින්දිතයා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගත යුතුය.

මෙම නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් අප්‍රේල් මස අවසන් වීමට පෙර කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවට ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චන්දන කස්ත්‍රිආරච්චිගේ නිවසින් අවි ගබඩාවක තොරතුරු මතුවෙයි…

Next Post

දැදුරු ඔයේ ගලී 02ක් මිය යයි… තවත් 06ක් අතුරුදහන්… අවුරුද්ද මළ ගෙයක් කර නිස්කාරණයේ දියබත් වෙන ජීවිත ගැන කතාවක්….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.