බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

” කථානායකවරයාට නිල නිවාස දෙකක් සහ පෞද්ගලික ලේකම්වරයාට අමාත්‍ය නිල නිවසක්! එහෙම වෙන්නේ කොහොමද?” දයාසිරි පාර්ලිමේන්තුවේ දී අසයි !

කතානායකගේ පුද්ගලික ලේකම්ට අමුතු සැපක් ඇයි?... පාර්ලිමේන්තුවේ දී දයාසිරි එහෙම අහන්නේ ඇයි?...

by editor
මැයි 5, 2026
in පුවත්
Dr. Jagath _Wickramaratne_
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කථානායකවරයා නිදා ගැනීම සඳහා එක් නිල නිවසක් ද, රැස්වීම් සහ නිල කටයුතු සඳහා තවත් නිල නිවාසයක් ද භාවිතා කරන බවත්, එසේම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඇමතිවරුන් භාවිතා කරන තවත් නිල නිවාසයක් වෙන් කරගෙන ඇති බවත්, මේවා කුමන පදනමකින් සිදු කරන්නේදැයි පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ 13/2 ස්ථාවර නියෝගය යටතේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියගෙන් ප්‍රශ්නයක් විමසමිනි. මෙම ප්‍රශ්නයේ දී කතානායකවරයා විසින් භාවිතා කරන වාහන, කාර්ය මණ්ඩල ප්‍රමාණය ද ප්‍රශ්න කර තිබිණි. අග්‍රාමාත්‍යවරිය ඒ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරිමක් කරමින් කාර්ය මණ්ඩලය, වාහන සහ නිල නිවාස ගැන පාර්ලිමේන්තුවට හෙළි කළාය.

අග්‍රාමාත්‍යවරියගේ පිළිතුර

එහිදී මන්ත්‍රීවරයාට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ වර්තමාන කථානායකවරයාගේ පෞද්ගලික සේවක මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 12ක් බවත්, අනුමත සේවක සංඛ්‍යාව 20ක් වන බවත්ය. වර්තමාන කථානායකවරයා ධූරයට පත්වීමෙන් පසු 2024.12.14 දින සිට කථානායක නිල නිවස ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා නොකරන බව ඇය කීවාය. එම නිවසේ දැනට සිටින සේවක සංඛ්‍යාව 08ක් වන අතර එහි අනුමත සේවක සංඛ්‍යාව 15ක් බව පෙන්වා දුන්නාය.

කථානායකවරයා සතු වාහන සංඛ්‍යාව 07ක් බවත්, මාර්තු 31 දක්වා වූ දත්ත අනුව ඔහු මෝටර් රථ දෙකක්  (මිට්ෂුබිෂි රථයක් සහ බීඑම්ඩබ්ලියු කාර් එකක් ලෙස)   භාවිතා කරන බවත් ඇය පැවසුවාය. ඒ සඳහා ලබා ගන්නේ ඇමතිවරයෙකුට හිමි ලීටර් 900ක ඉන්ධන සීමාව පමණක් බව ඇය කීවාය. සෙසු වාහන භාවිතා වන ආකාරය අග්‍රාමාත්‍යවරිය මෙසේ විස්තර කළාය:

  • මාධ්‍ය අංශය සඳහා – ටොයෝටා ඩීසල් මෝටර් කෝච් රථයක්.
  • පෞද්ගලික ලේකම් සඳහා – නිසාන් වර්ගයේ මෝටර් රථයක්.
  • සම්බන්ධීකරණ ලේකම් සඳහා – මිට්ෂුබිෂි ඩුවෙල් පර්පස් රථයක්.
  • තවත් සම්බන්ධීකරණ රථයක් – ටොයෝටා වර්ගයේ වාහනයක්.
  • මහජන සම්බන්ධතා නිලධාරී සඳහා – ටොයෝටා මෝටර් කෝච් රථයක්.

මෙම වාහන සඳහා පාර්ලිමේන්තුව මගින් ගෙවනු ලබන්නේ ඉන්ධන දීමනාව පමණක් බව ඇය අවධාරණය කළාය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ලොරිස් පටුමගේ නිවස සහ කුලිය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අංක HD/H/GQ/LO/8/1/2 හා 2025.03.26 දිනැති ලිපිය මගින් 2025.01.08 දින සිට කථානායකවරයා ධූරය දරන කාල සීමාව සඳහා පමණක් කොළඹ 04, ලොරිස් පටුමග අංක 8/1 දරන රජයේ නිල නිවාසය කථානායකවරයා වෙත වෙන් කර දී ඇති බව අග්‍රාමාත්‍යවරිය අනාවරණය කළාය. එම නිවසේ කුලිය වශයෙන් කථානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5%ක් මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරන බව පැවසුවාය. එහි විදුලි හා ජල බිල්පත් ගෙවනු ලබන්නේ ද නිවාස ලාභියා වන කථානායකවරයා විසිනි. මේ නිවස දයාසිරි ජයසේකර ඇසූ කතානායකවරයාගේ පුද්ගලික ලේකම්වරයා හා සම්බන්ධ නිවසය.

දයාසිරි ජයසේකර යළි මතු කළ කරුණු

මෙහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කථානායක නිල නිවස යනු උපලේඛනගත නිල නිවසක් බවයි. ආයතන සංග්‍රහය අනුව නිල නිවාස 03ක් පවතින්නේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ කථානායකවරයා වෙනුවෙනි. මෙම නිල නිවාස පාර්ලිමේන්තු කමිටුවකට මිස වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි බවත්, මුල් වකවානුවේ කථානායකවරයා මුළුමනින්ම මෙම නිල නිවස භාවිතා කළ බවත් ඔහු හෙළි කළේය.

“කථානායකවරයා එම නිල නිවසේ පදිංචි වී නැතිනම් ඊට අට දෙනෙකුගේ පත්වීම් නම් කළේ කෙසේද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍යවරියගේ අතිරේක පැහැදිලි කිරීම

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය උපලේඛනගත නිල නිවාස තුන ගැන මුලින්ම කීවාය. ඇය සිටියේ අදාළ උපලේඛනගත  නිල නිවාස තුන පෞද්ගලික පරිහරණයට නොගත්ත ද, රජයට අවශ්‍ය වේලාවට නිල වශයෙන් පාවිච්චි කරන බවයි. “ඊයේ රාත්‍රියේ මාලදිවයින ජනාධිපතිවරයා වෙනුවෙන් භෝජන සංග්‍රහය පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේ. අරලියගහ මන්දිරයත් ඒ අයුරින් පාවිච්චි කරනවා. කථානායක නිල නිවසත් එසේමයි. එය එතුමාගේ නිල කටයුතු සඳහා භාවිතා කරනවා,” යැයි ඇය කීවාය. විශාල මන්දිරයක් සහ භූමියක් පවතින බැවින් එය නඩත්තු කිරීමට කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බවත්, දැනට එය පවත්වාගෙන යන්නේ අනුමත සංඛ්‍යාවට වඩා අඩු පිරිසකගෙන් බවත් ඇය පෙන්වා දුන්නාය.

පෞද්ගලික ලේකම්ගේ නිවස පිළිබඳ විවාදය

මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවධාරණය කළේ කථානායකවරයාට නිල නිවසක් තිබියදී ඔහු තවත් නිල නිවසක් භාවිතා කරන බවය. එසේම ලොරිස් පාරේම තවත් නිල නිවසක් කථානායකගේ පෞද්ගලික ලේකම්වරයාට ලබා දී ඇති බවත්, ලංකා ඉතිහාසයේ කථානායකවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකුට අමාත්‍ය නිල නිවසක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බවත් ඔහු පැවසීය. “මම අහන්න කැමතියි කථානායකවරයා එක් නිවසක් නිදා ගන්න පාවිච්චි කරන අතර, අනෙක් එක නිල කටයුතුවලට පාවිච්චි කිරීම ගැන. හරි… ඒ දෙක අමතක කරන්න.  ඒ දෙකටම අමතරව පෞද්ගලික ලේකම්ටත් ඒ සංකීර්ණයේම නිවසක් දී තිබෙනවා, ඒකට අගමැතිතුමිය මට උත්තරයක් ලබා දෙන්න” යනුවෙන් ඔහු පැවසීය.

නලින්ද ජයතිස්සගේ පිළිතුර

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම අග්‍රාමාත්‍යවරිය විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත පැවරුවාය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශාල නිල නිවාස අත්හැරීම රජයේ ප්‍රතිපත්තිය බවය. අමාත්‍ය නිල නිවාස ඊළඟ කටයුතු සඳහා යොදා ගන්නා තෙක් නඩත්තු කළ යුතු බවත්, දැනටමත් නිල නිවාස තුනක් අධිකරණ බවට පරිවර්තනය කර ඇති බවත් ඔහු කීය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ අමාත්‍ය නිල නිවාස 47ක් පවතින බවත්, ඉතිරි නිල නිවාස සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් යෝජනා කැඳවා ඇතැයි දන්නා බවත්ය.

“මම අහන්නේ කථානායකගේ පෞද්ගලික ලේකම්ට ඇයි අමාත්‍ය නිල නිවසක් දෙන්නේ?” යනුවෙන් ඔහු යළිත් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කළේ කථානායකවරයාගේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු අයෙකුට අමාත්‍ය නිල නිවසක් ලබා දී නොමැති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි: ගෝලීය නාවික ගමනාගමනය අර්බුදයක!

Next Post

නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය කළ ණය පියවීමක දී මුදල් අතුරුදහන් වෙලා… පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් අවශ්‍ය බව විපක්ෂ නායක කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.