බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි: ගෝලීය නාවික ගමනාගමනය අර්බුදයක!

by editor
මැයි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට ලොව පවතින ඉහළම නොසන්සුන්තාවයක් සහිත යුද කලාපය බවට පත්ව තිබේ.    අමෙරිකා  එක්සත් ජනපද හමුදා සහ ඉරානය අතර සෘජු ගැටුම් ඇවිළී  යමින් ඇත.  

මේ වන විට අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ප්‍රබල නාවික අවහිර කිරීමක් (Blockade) ක්‍රියාත්මක කරමින් පවතී.  අමෙරිකානු මධ්‍යම විධානයේ (US Central Command) ප්‍රධානී අද්මිරාල්  බ්‍රැඩ් කූපර් නිවේදනය කරන පරිදි, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය විවෘත කිරීම සඳහා අමෙරිකානු නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.

HORMUZ
ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ග්‍රැෆික් නිර්මාණයක් සහිත දැන්වීම් පුවරුවක්

මෙම  මෙහෙයුම සාම්ප්‍රදායික නෞකා ආරක්ෂා කිරීමේ (Escorting) සීමාවෙන් ඔබ්බට ගිය, බහු-ස්ථර ආරක්ෂක ව්‍යුහයකින් සමන්විත වන්නක් බව අද්මිරාල්වරයා පවසයි. මේ සඳහා නෞකා, හෙලිකොප්ටර් යානා, ප්‍රහාරක ගුවන් යානා පමණක් නොව ඉරාන තර්ජන මැඩපැවැත්වීම සඳහා ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රම (Electronic warfare) පවා භාවිත කරන බව ඔහු හෙළි කළේය. විශේෂයෙන්ම, අමෙරිකානු ‘අපාචේ’ (Apache) සහ ‘සීහෝක්’ (Seahawk) හෙලිකොප්ටර් යානා මඟින් ඉරාන වේග  ප්‍රහාරක යාත්‍රා ගිල්වා දැමූ බව රොයිටර් පුවත් සේවය තහවුරු  කර ඇත්තේය.

මෙහිදී ඉරානයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා හයක් විනාශ කිරීමට ඇමරිකාව කටයුතු කර ඇත බව බ්‍රැඩ් කූපර් උපුටා දක්වමින්  ඒජන්සි පුවත් වාර්තා සඳහන් කරයි.  මේ අතර  අමෙරිකානු නෞකා සහ කඳවුරු ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා ගැන වාර්තා වේ.  එම යානා  සාර්ථකව බිම හෙළීමටත් අමෙරිකානු හමුදා පවසයි.

මේ වනවිට ඇමරිකාව විසින්  කිසිදු නෞකාවකට ඉරාන වරායන් වෙත ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට ඉඩ  දෙන්නේ නැත.  අද්මිරාල්වරයා අවධාරණය  කරන්නේ ඉරානය මේ ආකාරයට කටයුතු කළහොත් බරපතල ප්‍රතිවිපාක අත්වන බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඊයේ (04)  දිනයේ  අමෙරිකානු මඟ පෙන්වන මිසයිල නාශක නෞකා (Guided-missile destroyers) දෙකක් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වී ඇති අතර, ඒ හරහා අමෙරිකානු වෙළඳ නෞකා දෙකක් ආරක්ෂිතව සන්ධිය පසුකර ගෙන යාමට පහසුකම් සලසා ඇති බව ප්‍රධාන විදේශ පුවත් ඒජන්සි වාර්තා කරයි.

මේ අතර ට්‍රම්ප් යළිත් සිය සුපුරුදු “බිහිසුණු” අනතුරු ඇඟවීම් කරමින් හිඳී . ‘Project Freedom’ මෙහෙයුමට සම්බන්ධ වන අමෙරිකානු නෞකාවලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළහොත්, එම රට “මිහිතලයෙන් පිසදා දමන” (Blown off the face of the Earth) බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04)   Fox News නාලිකාවේ ට්‍රේ යින්ග්ස්ට් (Trey Yingst) සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ඉරානයේ ප්‍රතිචාරය

ඉරානයේ අනතුරු ඇඟවීමේ මිසයිල ප්‍රහාර…

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු   නෞකා (Destroyers) ඉලක්ක කර ගනිමින් ඉරාන නාවික හමුදාව විසින් දැඩි අනතුරු ඇඟවීමේ ප්‍රහාර එල්ල කර තිබේ. සඳුදා දින නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව ඉරානය පවසන්නේ, සිය අනතුරු ඇඟවීම් නොතකා සමුද්‍ර සන්ධියට ප්‍රවේශ වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නැව් අසලට කෲස් මිසයිල, ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ රොකට් ප්‍රහාර එල්ල කිරීමට තමන්ට සිදුවූ බවය. අදාළ අමෙරිකානු නෞකා ඔවුන්ගේ ස්ථානගත කිරීමේ සංඥා (Transponders) ක්‍රියාවිරහිත කර   රහසේ  (Dark mode) සන්ධියට ළඟා වීමට  උත්සාහයක නිරත වූ බවත්, ඉන් අනතුරුව යළිත් ඔවුන්ගේ රේඩාර් පද්ධති සක්‍රීය කළ බවත් ඉරාන නාවික හමුදාව අනාවරණය කරයි.

අප්‍රේල් මස මුලදී ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් අමෙරිකාව සහ ඊශ්‍රයාලය  මෙලෙස සිදුකරන ආක්‍රමණශීලී මැදිහත්වීම්වලට එරෙහිව තමන් දැඩිව පෙනී සිටින බවත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට දරන ඕනෑම උත්සාහයකට යුදමය වශයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඉරානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඇරමකානු නාවික හමුදා  තමන්ගේ කුඩා යාත්‍රා ගිල්වා දැමූ බවට  කරන ප්‍රකාශ මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඔවුනගේ නාවික නෞකා ගමන් කරවු බවට කරන ප්‍රකාශය  ද ඉරාන රාජ්‍ය රූපවාහිනිය සහ ඉරාන හමුදා නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.  ඉරානයේ නිල පුවත් සේවයක්වන FARS News ඒජන්සිය පවසන්නේ අමෙරිකානු ධජය යටතේ යාත්‍රා කරන වෙළඳ නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කළ බවට අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) කළ ප්‍රකාශය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති බවය.

අමෙරිකානු නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයන් පදනම් විරහිත පට්ටපල් බොරු බවත්, පසුගිය පැය කිහිපය තුළ කිසිදු වාණිජ හෝ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය හරහා ගමන් කර නොමැති බවත් ඉරානය අවධාරණය කර සිටියි.

ටෙහෙරාන් පාලනයේ නිල අවසරයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට දරන ඕනෑම උත්සාහයක් තහනම් බවත්, එවැනි ක්‍රියාවන් හමුවේ ඉරාන සන්නද්ධ හමුදා විසින් තීරණාත්මක සහ දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් යළිත් අනතුරු අඟවා තිබේ. නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මධ්‍යම විධානය සිදුකරන ප්‍රකාශ හුදු ප්‍රචාරක උපක්‍රම පමණක් බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.

නෞකා කීපයක් අනතුරට. 

ඊයේ (04)  දින නෞකා කිහිපයක්ම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ:

දකුණු කොරියාවට අයත් ‘HMM Namu’ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ එන්ජින් කාමරය තුළ පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබිණි. මෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනාම ආරක්ෂිතව සිටින අතර, මෙය ඉරාන ප්‍රහාරයක් දැයි කොරියානු බලධාරීන් පරීක්ෂණ පවත්වයි.

ප්‍රහාරය එල්ලවී ඇති ස්ථානය…

ඩුබායි සහ මිනා සක්ර් වෙරළට ඔබ්බෙන් තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක ගිනි ගැනීම් වාර්තා වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළඳ මෙහෙයුම් ඒකකය (UKMTO) තහවුරු කරයි.

පවතින යුද තර්ජනය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානා රැසක් ඕමානයේ මස්කට් ගුවන්තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගෙන ඇත.

ඉරානය විසින් පනවා ඇති නාවික අවහිරය හේතුවෙන් රටවල් 87කට අයත් නෞකා මේ වන විට පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී ඇති බව වාර්තා වේ. මැරීන් ට්‍රැෆික් (MarineTraffic) දත්තවලට අනුව, ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය රැගත් නෞකා, බහාලුම් නෞකා සහ වාහන ප්‍රවාහන නෞකා ඇතුළු වාණිජ යාත්‍රා 805ක් පමණ පසුගිය පැය 24 පුරා එම කලාපයේ නැංගුරම් ලා තිබේ. මෙම ගෝලීය බලශක්ති සැපයුම් බාධාව අවසන් කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දී ඇති උපදෙස් මත, ඉදිරි පැය කිහිපය තුළ නෞකා සමාගම් දිරිමත් කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය යළි ආරම්භ කිරීමට අමෙරිකානු හමුදා කටයුතු කරමින් සිටියි. දැනටමත් නෞකා කිහිපයක් සිය ගමන් ආරම්භ කර ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාමයක් සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට විවිධ පාර්ශව උත්සාහ කළද, පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ එම සාකච්ඡා අතිශය දුෂ්කර වී ඇත.

වර්තමාන තත්ත්වය භයානක වීමට හේතු

පවතින වාතාවරණය ලෝකයට අතිශය අවදානම් සහගත වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගෙන තිබේ:

හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම අවහිර වී පැවතුණහොත් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල, ආහාර මිල සහ සමස්ත ජීවන වියදම ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.

යුද්ධය ව්‍යාප්ත වීමේ අවදානම ද මේ වනවිට ඉහළය.  දැනටමත් මෙම ගැටුම්වල බලපෑම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දැනෙන්නට පටන් ගෙන ඇත. ඉරානය විසින් සෞදි අරාබිය හෝ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කළහොත්, මෙය සමස්ත කලාපයම වෙළාගත් මහා පරිමාණ යුද්ධයක් දක්වා ව්‍යාප්ත විය හැකිය.

එමෙන්ම  සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ මගී ගුවන් යානා පවා මේ වන විට යුද කලාපයක් මැදට මැදිවී තිබේ. මෙහිදී සිදුවන සුළු හෝ අතපසුවීමකින් හෝ වැරදි ඉලක්ක කිරීමකින් විශාල සිවිල් ජීවිත හානියක් සිදුවිය හැකිය.

අමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශවයම ප්‍රබල හමුදා ශක්තියකින් යුක්ත වන බැවින්, සිදුවන එකදු බරපතළ වැරදීමක් වුවද සමස්ත ලෝකයටම දරාගත නොහැකි විනාශයක් ගෙන දීමට සමත් වේ.

තත්ත්වය අතිශය උණුසුම් වුවද, මෙය තවමත් තෙවන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වී නොමැති බව විචාරකයෝ පවසති. සටන් බොහොමයක් තවමත් ගල්ෆ් කලාපයට පමණක් සීමා වී ඇත.  දෙපාර්ශවයම තත්ත්වය පාලනය කර ගැනීමට යම් උත්සාහයක නිරත වේ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා තවමත් සම්පූර්ණයෙන් නතර වී නොමැති වීම යම් බලාපොරොත්තුවක් ඉතිරි කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරන බව කී මිනිසා තමිල්නාඩුවේ මහ ඇමති වූ පසු…මේ ලංකාවට  පාත්වන අලුත්ම  “දිට්වා  සංස්කරණය”  ද?   

Next Post

” කථානායකවරයාට නිල නිවාස දෙකක් සහ පෞද්ගලික ලේකම්වරයාට අමාත්‍ය නිල නිවසක්! එහෙම වෙන්නේ කොහොමද?” දයාසිරි පාර්ලිමේන්තුවේ දී අසයි !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.