බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගතයට ගොඩවන්න… “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ!

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
metro3
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහන සේවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නිර්මාණය වූ “පත්ල පහත්” (Low Floor) බස් රථ සේවාව අද (21) නිල වශයෙන් ආරම්භ විය.

“”අනාගතයට ගොඩවෙන්න” යන තේමාව යටතේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැති මෙම උත්සවයේදී මගීන්ට බස් රථ තොරතුරු කඩිනමින් ලබාගත හැකි “LMT GO” ජංගම දුරකථන යෙදුම ද හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දුන්නේ රෝද පුටු භාවිත කරන පුද්ගලයන්, දෘෂ්‍යාබාධිතයන් සහ ගැබිණි මව්වරුන් වැනි විශේෂ ප්‍රජාවට මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බවයි. වසර අවසන් වීමට පෙර මෙවැනි බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම සේවාව මහනුවර, මඩකළපුව, මාතර සහ යාපනය වැනි ප්‍රදේශ කරා ද ව්‍යාප්ත කිරීමට නියමිතය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් අදහස් දැක් වූ ලසංග රත්නායක සඳහන් කළේ, පොදු ප්‍රවාහනයේදී තමන් මුහුණ දෙන පීඩාව අවම කිරීමට රජය ගත් මෙම පියවර ඉතා ඵලදායී බවයි. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ ආසන 30කින් යුත් බස් රථ 10ක් දැනට සේවයට එක් කර ඇත. මෙම බස් රථ මාකුඹුරේ සිට කොළඹ කොටුව සහ කඩවත දක්වා ධාවනය වන අතර, කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ද ආවරණය කරයි.

“පත්ල පහත්” (Low Floor) බස් රථ සේවාව ධාවන මාර්ග

මාර්ග අංකය 01.

මහරගම සිට කඩවත දක්වා

මෙම ගමනාන්තයේදී බස් රථය නවත්වනු ලබන ප්‍රධාන නැවතුම්පොළවල් (Halts) පිළිවෙළින් පහත දැක්වේ:

  • මහරගම අපේක්ෂා රෝහල
  • නාවින්න
  • නාරාහේන්පිට මංසන්ධිය
  • කැම්බල් පාර්ක්
  • කැලණිය විශ්වවිද්‍යාලය
  • කඩවත

කඩවත සිට මහරගම දක්වා

නැවත පැමිණීමේදී බස් රථය නවත්වනු ලබන ප්‍රධාන නැවතුම්පොළවල් පිළිවෙළින් පහත දැක්වේ:

  • කඩවත
  • කැලණිය විශ්වවිද්‍යාලය
  • කැම්බල් පාර්ක්
  • නාරාහේන්පිට මංසන්ධිය
  • නාවින්න
  • මහරගම අපේක්ෂා රෝහල

මාර්ග අංක 02

මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා

මෙම ගමනාන්තයේදී බස් රථය පහත සඳහන් ප්‍රධාන ස්ථාන හරහා ගමන් කරයි:

  • ආරම්භය: මාකුඹුර
  • සෙත්සිරිපාය – බත්තරමුල්ල
  • රාජගිරිය
  • ටවුන් හෝල් – කොළඹ නගර ශාලාව
  • පිටකොටුව
  • අවසානය: කොළඹ කොටුව

කොළඹ කොටුව සිට මාකුඹුර දක්වා

ආපසු පැමිණීමේදී ගමන් මාර්ගය මෙසේය:

  • ආරම්භය: කොළඹ කොටුව
  • පිටකොටුව
  • ටවුන් හෝල්
  • රාජගිරිය
  • සෙත්සිරිපාය
  • අවසානය: මාකුඹුර

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දේවානන්ද සුරවීර, අමාත්‍යාංශ ලේකම් කපිල සී.කේ. පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිල් විමලසුරේන්ද්‍ර දිවි සැරිය නිම කරයි!

Next Post

අද පාස්කු ප්‍රහාරයේ හත්වන සිහිකිරීමේ දී කාදිනල් තුමා ඇත්තටම රටට කීවේ කුමක් ද?… සම්පූර්ණ කතාව කියවන්න…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.