සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්වජන බලයේ නලීන් පතිරණට එරෙහිව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරාගෙන් කෝටි 50ක වන්දි නඩුවක්!

by editor
ජූනි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රාජ්‍ය සේවයේ යෙදී සිටිය දී තමන් එකවර ආයතන තුනකින් වැටුප් තුනක් ලබාගෙන දූෂණ ක්‍රියාවක නිරත වී ඇති බවට මාධ්‍ය ඔස්සේ සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ එල්ල කරමින් තම වෘත්තීය ජීවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයට ද බරපතල හානියක් සිදුකිරීමට එරෙහිව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ. ඒ අනුව සර්වජන බලය වෘත්තීය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නලීන් පතිරණට එරෙහිව රුපියල් කෝටි පනහක (රු. 500,000,000) වන්දියක් ඉල්ලා ඔහු වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා සිය නීතිඥයින් මාර්ගයෙන් සර්වජන බලය පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නලීන් පතිරණ වෙත දන්වා සිටින්නේ පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවා ඔහු විසින් ප්‍රකාශ කළ කරුණු සහමුලින්ම අසත්‍යයක් බවය. එම සාවද්‍ය ප්‍රකාශය සර්ව ජන බලය පක්ෂයේ නායකත්වය දරන දිලිත් ජයවීර යටතේ ඇති දෙරණ මාධ්‍ය නාලිකාව සහ ඒ අනුබද්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ලෙස ප්‍රචාරය කරනු ලැබූ බවද ඇන්ටන් පෙරේරා පවසයි. අදාල මාධ්‍ය සාකච්ඡාවේ දී   නලීන් පතිරණ ප්‍රකාශ කර තිබුණේ ඇන්ටන් පෙරේරා “පශු සම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත්, ඔස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙක් ලෙසත් එකවර වෙන වෙනම වැටුප් තුනක් ලබාගත්” බවය.

තමන්ට ලැබුණු නිශ්චිත නිල වැටුපට අමතරව, තමන් වගකීම් දැරූ නිල ව්‍යාපෘති සඳහා විධිමත් අනුමැතිය ලද දීමනාවක් හැර වෙනත් කිසිදු මුදලක් අනීතික ලෙස තමන් ලබා නොගත් බව ඇන්ටන් පෙරේරා දැඩිව අවධාරණය කරයි.

පුරා වසර 28ක් රාජ්‍ය ගණකාධිකාරී සේවයේ නිකැලැල් සේවාවක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස තමන් වෙත කිසිදු අවස්ථාවක දූෂණ චෝදනා එල්ල වී නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි. අවංක, ප්‍රතිපත්තිගරුක සහ ආදර්ශමත් නිලධාරියෙක් ලෙස සමකාලීන රාජ්‍ය සේවකයින්ගේ ඇගයීමට ලක් වූ තමන්ට එරෙහිව එල්ල කරන ලද මේ චෝදනාව අගතිගාමී මෙන්ම සාහසික එකක් බව ද ඇන්ටන් පෙරේරා දන්වා සිටී.

මෙම අසත්‍ය ප්‍රකාශයෙන් තමන්ගේ දීර්ඝකාලීන කීර්ති නාමයට සිදුවූ බරපතල හානිය පූර්ණය කරගැනීම සඳහා රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් ඇන්ටන් පෙරේරාගේ නීතිඥයින් විසින් සර්වජන බලයේ වෘත්තීය වේදීන්ගේ සංගමයේ ලේකම්/කැඳවුම්කරු නලීන් පතිරණ වෙත මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

Next Post

කිළිනොච්චියේ STF නිලධාරීන්ට පහර දුන් 14ක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.