කීර්ති ප්‍රනාන්දු –
හැටන් නෝර්ව්ඩ් හෙල්බොඩ දමිල විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උදෑසන බඹර ප්‍රහාරයකට ලක්වී ඇතැයි හැටන් කලාප කාර්යාලය පවසයි.
ඉදිරි බඹර ප්‍රහාරයට ගොදුරු වූ සිසු සිසුවියන් දාහතර දෙනකු දික්ව රෝහලට ඇතුලත් කර ඇත .
බඹර ප්‍රහාරයට ගොදුරු වූ මෙම සිසු සිසුවියන් පාසලේ හය වසර සිට 11 වසර දක්වා පන්ති වල අධ්‍යාපනය ලබන බවත් ඇතිවූ තත්ත්වය මත පාසල තාවකාලිකව වසා දැමූ බවත් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
පාසල ආසන්නයේ ගසක පිහිටි විශාල බඹර කූඩුවක් උකුස්සෙකු විසින් කඩා දැමීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී පාසැල් සිසු සිසුවියන්ට පහරදී ඇතැයි කලාප කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ඇති වූ මෙම තත්ත්වය මත පාසල තුළ සිටි අනිකුත් සියලුම සිසු සිසුවියන් ආරක්ෂිතව නිවෙස් කරා යැවූ බව පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් හැටන් කලාප කාර්යාලය වැඩිදුරටත් පැවසීය.







