කීර්ති ප්‍රනාන්දු
සිසුවකු හට ප්ලාස්ටීක් බටයකින් අමානුෂික ලෙස පහර දීමක් පිළිබඳව එම සිසුවා ගේ දෙමාපියන් විසින් වේයන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මඟ හරිමින් සැඟව සිටි ගුරුවරයෙක් අද (15) පෙරවරුවේ නීතිඥයෙකු ගේ සහය ඇතිව පොලිසිය වෙත භාර වූ බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
වේයන්ගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ පන්තියක සිසුවෙකුට ඉකුත් (10) සැකකාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර තිබීම හේතුවෙන් එම සිසුවා ගේ දෙමව්පියන් විසින් සැකකාර ගුරුවරයා ට විරුද්ධව වේයන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබිණ
එම පැමිණිල්ලට අනුව පොලිසිය සැකකාර ගුරුවරයා සොයා ගියද මෙම ගුරුවරයා දින පහක් පුරා පොලිසිය මඟ හරිමින් සැඟව සිටි බවත් අද දහවල් ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වූ බවත් වේන්ගොඩ පොලිසිය පවසයි.
මේ වන විට පොලිසියට භාර ව සිටින සැකකාර ගුරුවරයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් අද දහවල් ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.







