උතුරේ දූපත් 3ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ විදුලි ව්‍යාපෘති චීනය විසින් ක්‍රියාත්මක කිරීම අත්හැර දැමු පසුබිමක මෙරට සිටින චීන තානාපති ක්වී ෂෙංහොංග් උතුරේ දින 3ක නිල සංචාරයක නිරත වන බව වාර්තා වේ.
අද සිට සංචාරයේ යෙදෙන ඔහු වව්නියාව සහ යාපනය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත ය.
සිය සංචාරය අතරතුරදී උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා ඇතුළු පිරිසක් ද හමුවීමට නියමිත බව සඳහන් වේ.
තුන්වැනි පාර්ශ්වයක් විසින් ආරක්ෂක හේතුන් පිළිබඳ ඇති කළ අර්බුදයක් මත උතුරේ දූපත් 3ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ විදුලි ව්‍යාපෘති පසුගියදා අතහැර දැමූ බවට චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි.







