මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද සිංහපුර ප්රදේශයේ ගෙවත්තක් වටා නීති විරෝධී ඇද විදුලි තිබූ කම්බි වල දැවටී අවුරුදු තිහක් පමණ වයස වන අලියෙකු අද 21 මියගොස් ඇති බව වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කරයි.
වැලිකන්ද වනජීවී නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී ගෙවත්ත වටා ඇද තිබූ බව කියන අනවසර විදුලි කම්බි, අධිබලැති බැටරියක් ද අත්අඩංගුවට ගැනනු බව වැලිකන්ද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
සිද්ධියට සම්බන්ධ ගෙවත්තේ හිමිකරු වන අවුරුදු තිස්පහක් පමණ වයස විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර අප මත නිදහස් කරන ලෙස පොළොන්නරුව මහේස්ත්රාත් 2 ෆාතිමා මින්හා නියෝග කළාය.
පොළොන්නරුව වනසත්ව අඩවි සහකාර එන්.සි.ඒ.එස්.නාලක විසින් සැකකරු පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.







