ජයකාන්ත ලියනගේ – බළපිටිය –
විභාග දිනයන් තීරණය කිරීම හා වෙනස් කිරීම පුළුල් කටයුත්තක්. අවලංගු කරන ලද කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයට ලියන්නේ එක වරක් විභාගයට ලියපු ළමයි. ඒ වෙනුවෙන් සූදානම් වීම මහා බාරදූර කාර්යයක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එන් ජේ එම් එස් අමිත් ජයසුන්දර අද (21) ප්‍රකාශ කළේය.
ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් අවලංගු කරන ලද මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එකම දිනකදී නොපවත්වා දින දෙකකදී පවත්වන ලෙස විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රශ්න පත්‍ර 128 ක් දින 22 ක් තුළ ලිවීමේදී උදේ හවස ලියන්න සිදුවන බවත් මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පෙබරවාරි 01 දින පැවැත්වීමට නියමිත කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පමණක් නොවන බවත් ඔහු අවධාරණය කළේය. මෙම තත්ත්වය දරුවන්ට හා දෙමාපියන්ට පැහැදිලි කරන ලෙසද අමිත් ජයසුන්දර මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේය.
අවලංගු කරන ලද කෘෂි විද්‍යාව පළමු පත්‍රය 2024 ජනවාරි 08 දින ප.ව 1.00 සිට 3.00 දක්වාත් දෙවන ප්‍රශ්ණ පත්‍රය ජනවාරි 10 දින ප.ව 1.00 සිට 4.10 දක්වාත් පවත්වා තිබුණි.
නැවත එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ 2024 පෙබරවාරි 01 දින පෙ.ව 8.30 සිට 11.40 දක්වාත් දෙවන ප්‍රශ්න පත්‍රයත් එදිනම ප.ව 1.00 සිට 3.00 දක්වා පළමු පශ්ණ පත්‍රයත් වශයෙනි.
පළමු අවස්ථාවේ ජනවාරි 09 දින විවේක තිබූ බැවින් හා දෙවන අවස්ථාවේ එකම දිනයේ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබිණි.
මේ සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දරුවන් හා දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයට, අග්‍රාමාත්‍යවරයාට හා අධ්‍යාපන අමාත්‍යවරයාට පැමිණිලි කර ඇති බව කී විභාග කොමසාරිස්වරයා මෙම තීරණය ගනු ලැබුවේ වැයවන විශාල පිරිවැය මෙන්ම දරුවන්ගේ පහසුව තකා බවත්, කෘෂි විද්‍යාව විෂය පථය සංකීර්ණතාවයක් නොමැති විෂය කරුණුවලින් යුක්ත නිසා දින දෙකක විභාගය පැවැත්වීමේ විශාල අවශ්‍යතාවයක් නොමැති බවත්ය.







