සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර ඩී.අයි.ජී. ගේ පිලියන්දල ගණිකා නිවාසය පොලිසියට කොටු වූ හැටි…

by editor
මාර්තු 21, 2022
in පුවත්
Portrait of woman sitting at the couch

Share on FacebookShare on Twitter

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් පවත්වාගෙන යන බව කී ගණිකා නිවාසයක් පොලිස්පති නියමයෙන් අද දහවල් වැටලුවේය. වැටලීමෙන් පසු අනාවරණය වී තිබුණේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් යම් සමාජ රැකවරණයක් සහිතව එම ජාවාරම කරගෙන ගොස් ඇති බවය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් පවත්වාගෙන යන බව කී ගණිකා නිවාසයක්  පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ගණිකා නිවාසය තිබුණේ පිලියන්දල කරදියානේය.  ගම් පලාතේ සෑම දෙනාම මේ ගණිකා නිවාසයට කීවේ “ඩී.අයි.ජී ගෙ පොට් එක“ කියාය.  ගණිකා නිවාසය හිමිකරු ලෙස ප්‍රදේශවාසීන් හඳුනාගෙන සිටි ඩී.අයි.ජී පොලිස් ලොක්කන් ලඟින්ම ඇසුරු කළ කෙනෙකි. ඉහළම දේශපාලන සබඳතා පවත්වාගෙන යන කෙනෙකි.

ඒ නිසාම මේ තරම් ප්‍රසිද්ධ ඩී.අයි.ජී.ගෙ පොට් එක පිලියන්දල පොලිසියෙන් හෝ කිසිම දූෂණ මර්ධන මෙහෙයුමකින් වැටලුවේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිස්පතිතුමාට තොරතුරු එන්නේ මේ ඩී.අයි.ජී ගණිකා නිවාසය ගැනය. වැටලීම  වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ට පැවරිනි.

අද (21)  පිළියන්දල කරදියානේ පිහිටි  ගණිකා නිවාස  ගොඩනැගිල්ල වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් වටලනු ලැබුවේය.  ගොඩනැගිල්ලට ඇතුළුවන තැන ඇති පිළිගැනීමේ කවුන්ටරය පසුපස බිත්තිය සැරසී තිබුනේ මැති ඇමතිවරුන්ගේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් සමග ගණිකා නිවාසය හිමිකරු ලබා ගත් ඡායාරූපවලිනි.

වැටලීම් කණ්ඩායම ගණිකා නිවාසයේ සිටි කාන්තාවන් දෙදෙනෙක්,   එහි කළමනාකරු සහ  සහායකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළේය. මූලික පරීක්ෂණවලින්ම හෙළි වූයේ මේ  පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොවන බවය. ඔහු  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පෙනී සිටිමින් සමාජයම අන්දවා ඇති බවය.

ගණිකා නිවාසය හිමිකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්… මේ මිනිස්සුන්ගේ මුහුණු දෙස බලන්න…

Next Post

රට ගොඩ ගන්න කරුණු 14ක් දක්වමින් මහා නායක හිමිවරු ජනපතිට ලියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.