සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගොඩ ගන්න කරුණු 14ක් දක්වමින් මහා නායක හිමිවරු ජනපතිට ලියති…

by editor
මාර්තු 21, 2022
in පුවත්
Asgiri-Malwathu
Share on FacebookShare on Twitter

පවතින අර්බුදයෙන් ගොඩ ඒම පිණිස   කරුණු දාහතරකින් යුත් යෝජනාවලියක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ   වෙත යොමුකර තිබේ.

රට ගොඩනැගීමේ ජාතික සැළැස්මට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් මත විනිවිධභාවකයින් යුක්තව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත්   අත්‍යවශ්‍යය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නවතා මහජනතාවට සහන සලසමින්  ජීවන වියදම අඩු කිරීමට කටයුතු  කරන ලෙසත්  මහා නායක හිමිවරු ජනපතිට දන්වා  ඇත.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහනාහිමිවරු දෙනමගේ අත්සනින් යුතුව යොමුකළ එම සම්පූර්ණ යෝජනාවලිය සහිත ලිපිය මෙසේය.

ගතවූ වසර දෙකකට අධික කාලය තුළ ජනපති ලෙස ඔබතුමන් විසින් දේශයේ සෞභාග්‍යය උදෙසා ගන්නා ලද ප්‍රගතිශීලි තීරණ බොහොමයකි. දේශයේ ආරක්ෂාවත් ස්වෛරීත්වයත් සෞභාග්‍යයත් උදෙසා ඔබ තුමන් විසින් සිදු කරන්නට යෙදුණු දූරදර්ශී සේවය සමස්ත රටවාසීන්ගේ ප්‍රශංසාවට මෙන්ම සතුටට හේතුවූ බව නොරහසකි. දැවැන්ත මහජන ප්‍රසාදයකින් මෙරට රාජ්‍ය නායකයා බවට පත්වූ ඔබතුමා ගරුතර සංඝරත්නයේ නිරන්තර ආශිර්වාදයට ලක්වූ ජනහිතකාමී රාජ්‍ය පාලකයෙකු ලෙස ජනතා සම්භාවනාවට පාත්‍රවී ඇත.

එහෙත් අනපේක්ෂිත ලෙස හටගත් ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අප රට තුළ නිර්මාණය වූ නොයෙක් ආර්ථික හා සමාජීය අර්බුද නිසි කළමනාකරණය තුළින් නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අදවන විට රටේ සමස්ත මහජනතාවට දැඩි පීඩාවකට පත්ව සිටී. රට තුළ උද්ගතව ඇති විපත්තිකාර වාතාවරණය අප ඉවසීමෙන් හා බුද්ධියෙන් විමසා පිළිතුරු සෙවිය යුතු තත්ත්වයකි.

“ආපදාසු ඛෝ භික්ඛවේ ථාමෝ වේදිතබ්බෝ“ යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මෙම ආපදාපන්න අවස්ථාව තුළ අප ජාතියක් ලෙස එක්සිත්ව එක්සත්ව ගොඩඒමට කටයුතු කළ යුතුය. මෙම සමාජ ආර්ථික අර්බුදයන් සමනය කර ගැනීම උදෙසා කෙටිකාලීන විසඳුම් මෙන්ම යළි මෙවැනි අර්බුදයන් රටේ නිර්මාණය වීම වැලැක්වීම සඳහා දිගුකාලීන තිරසර ප්‍රතිපත්තිමය තීරණ ගැනීම දේශයේ අනාගත සුරක්ෂාව උදෙසා ඔබතුමන් මත පැටවුණු ජාතික වගකීමක් බව පළමුව අවධාරණය කරනු කැමැත්තෙමු.

අදවන විට රටේ සමස්ත මහජනයා ඉන්ධන, විදුලිය හා ගෘහස්ථ ගෑස් අවශ්‍යතා සපයා ගැනීමේදී මෙන්ම අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතාව හේතුවෙන් මහත් පීඩාවට ලක්ව සිටී. දැරිය නොහැකි ජීවන වියදම් ඉහළ යෑම රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත සමාජ ආර්ථික අර්බුද රාශියක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බව නොරහසකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දැඩි ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති සමාජ පීඩනය පිළිබඳව ගරු ජනාධිපතිතුමන් ගෙන් මෙන්ම රටේ වගකිව යුතු අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව සිතමු.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම ආපදාපන්න අවස්ථාවේ පීඩාවට පත්ව ඇති සමස්ත මහජනයා පිළිබඳ සංවේදී වී රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකුම සිය පූර්ණ දායකත්වය ලබා දීමට කැපිවිය යුතුයි. මෙම තීරණාත්මක අවස්ථාව තුළ අවබෝධ කරගත යුතු කටුක සත්‍යය නම් දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බවත් ඒ රට තුළ යටත් පිරිසෙන් මූලික අවශ්‍යතා සංතෘප්ත කරගනිමින් නිදහසේ මහජනයා ජීවත්විය යුතු බවත්ය.එහෙයින් උද්ගතව දැවැන්ත ආර්ථික අර්බුද විසඳා ගැනීම සඳහා ගරුතර මහාසංඝරත්නය ලෙස ජනපති වෙත පහත යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

  • ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් පෙරටු කරගත් සර්වපාක්ෂික සමුළුවක් මගින් දේශයේ සෞභාග්‍යයත් තිරසාර සංවර්ධනයත් උදෙසා ජාතික සැළස්මක් ඇතිකර ගැනීම.
  • රටතුළ සිදුවන කිසිදු සංවර්ධන කටයුත්තක් අනවශ්‍යය යැයි අපි නොකියමු.එහෙත් සංවර්ධනයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය සමනය කර ගනිමින් රට ගොඩනැගීමේ ජාතික සැළැස්මට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් මත සංවර්ධන ව්‍යාපෘති විනිවිධභාවකයින් යුක්තව ක්‍රියාත්මක කිරීම.
  • මේවන විට ක්‍රියාත්මක වන අත්‍යවශ්‍යය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නවතා මහජනතාවට සහන සලසා ජීවන වියදම අඩු කිරීමට කටයුුතු කිරීම.
  • අප දේශයේ ස්වභාවික පරිසරය මෙන්ම සංස්කෘතික උරුමයන් සුරක්ෂාවන පරිදි දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම සහ තිරසර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම.
  • මහජනයාගේ පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි රට තුළ අත්‍යවශ්‍යය ආහාර නිෂ්පාදනයට දේශීය කෘෂිකර්මාන්තයට පහසුකම් සැළසීම මගින් ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා වැයවන මුදල අඩුකර ගැනීම.
  • කෘෂිකර්මාන්තය පිළිබඳව ජතික ප්‍රතිපත්තියක් සකසා රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යය සහනයන් ගොවිජනතාව වෙත ලබාදීම.
  • නාස්තිය දූෂණය හා රාජ්‍ය සම්පත් අවභාවිතය වැලැක්වීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.

අදවන විට රටේ උද්ගතව තිබෙන සමාජ,ආර්ථික අර්බුද දිගුකාලීන හේතු සමුදායක් හේතු කොටගෙන ඇතිව තිබේ. හේතුව නිසා ඵලය හටගන්නා අතර එය නැති කළ හැකිවන්නේ හේතුව නැති කිරිමෙන් පමණක් බව සම්මා සම්බුදු රාජණන් වහන්සේ මූලික ඉගැන්වීමෙන් දක්වා ඇත.

මෙම දැවැන්ත ආර්ථික අර්බුදය විසඳාගත හැක්කේ මුදල් නිසි කළමනාකාරණය, දූෂණය පිටුදැකීම, මහජන අවශ්‍යතාමත පදනම්ව අත්‍යවශ්‍යය සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම, තිරසර ජාතික ප්‍රතිපත්තියක් මත පදනම් වූ රටට වඩාත් උචිතවූ දේශීය ආර්ථික ආකෘතියක් ගොඩනැන්වීමෙන් පමණක් බව අපගේ විශ්වාසයයි.

යම් අමාත්‍යවරයෙක්,රාජ්‍ය නිලධාරීයෙක් හෝ වෙනත් පාර්ශවයක් රට තුළ ආරාජිකත්වයක් නිර්මාණය කොට මෙරටට විදේශීය මැදිහත් වීමක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නට උත්සාහ කරන්නේ නම් රටේ රාජ්‍ය නායකයා ලෙස සමස්ත මහජනතාවගේ යහපත උදෙසා ඔවුන්ට විරුද්ධය තරාතිරම නොබලා ගතයුතු තීන්දු තීරණ ගැනීමේ ඔබතුමා සතු යුතුකම හා වගකීමකි.

දයාව, කරුණාව, අවිහිංසාව ආදි ගුණයන්ගෙන් පෝෂිතව මහජනතාව කෙරෙහි සංවේදිව තිරසර විසඳුම් මගින් උද්ගතව ඇති මෙම අර්ථික අර්බුදය විසඳා සෞභාග්‍යමත් ආර්ථිකයක් තුළ ජන ජීවිතය සුඛිත මුදිත කරමින් සුරක්ෂිත දේශයක් බිහිකරන්නට ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්ය ලැබේවායි ආශිංසනය කරම්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර ඩී.අයි.ජී. ගේ පිලියන්දල ගණිකා නිවාසය පොලිසියට කොටු වූ හැටි…

Next Post

බැසිල්ගේ සහයට උපදේශක මණ්ඩලයක් දාන්න

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.