සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න… කවද හරි ඔබව නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් දෙනවා… මුජිබර් බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දරට දන්වයි!

by editor
ජූනි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා ජයසුන්දර කවදා හෝ අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (18) පාර්ලිමේන්තුවේ දී සහතික කොට ප්‍රකාශ කළේය.

කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ධූරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශොධන පනත අවභාවිතා කර පමණක් නොව, රාජ්‍ය සේවකයින්ගේ ආත්ම ගෞරවයත් විනාශ කරගෙන හැසිරී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය නැති කළ පලාත් පාලන කොමසාරිස්වරිය ආණ්ඩුවලට කඩේ යන්නට පෙර ආණ්ඩු සදාකාලික නැති බව තේරුම් ගත යුතුව තිබුණු බව පෙන්වා දුන්නේය.

“එතුමියට අපි කියනවා එතුමිය මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ වැඩේට කවදා හරි නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවා කියන එක
මේ අවුරුදු පහේ නැති වෙන්න පුලුවන්. ඊලඟ අවුරුදු පහේ නැතිවෙන්න පුලුවන්. නමුත් කවදා හරි දවසක එතුමිය රාජ්‍ය සේවයට කළ සේ අගෞරවයට විතරක් නෙමෙයි,  රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ අගෞරවයට එතුමියව කවදා හරි නීතිය ඉදිරියට ගේනවා. ” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහතික කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“ඊයේ සාකච්ඡාව තුළත් මම දැක්කා අපේ නියෝජ්‍ය ඇමති තුමා කොළඹ මහ නගර සභාවේ ප්‍රශ්නය ගැන කතා කළා. කොළඹ මහ නගර සභාව විතරක් නොවෙයි අද වනවිට ලංකාවේ පළාත් පාලන ආයතනයන්හි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල ඡන්ද පවත්වාගෙන යනවා. අපිට පේනවා බස්නාහිර පළාතේ නාගරික කොමසාරිස් තුමියගෙ හැසිරීමයි, මධ්‍යම පළාතේ ඉන්න නාගරික කොමසාරිස්තුමියගේ හැසිරීමයි මේ ඡන්ද ක්‍රමය තියෙන ආකාරය ගැන දෙවිදියක් තියනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අ”පි දැක්කා මධ්‍යම පළාත් නාගරික කොමසාරිස්තුමිය රහස් ඡන්දය ද විවෘත ඡන්දයද ඕන කියන එක විවෘත ඡන්දයකින් තමයි තීරණය කළේ.”

“නමුත් කොළඹ නගරසභාවේ ඇති වුන සිදුවීමේ දී අපි දැක්කා කොමසාරිස් තුමිය ඇවිල්ලා පූර්ණ නිගමනයකට ඇවිල්ල සභාව කැඳවපු වෙලාවෙ ඉඳන් එතුමිය කථා කළේ රහස් ඡන්දය ගැන. එතකොට අපේ කණ්ඩායම විපක්ෂය යෝජනා කළා විවෘත ඡන්දයක් ලබා දෙන්න කියලා. ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් ආවා අපි රහස් ඡන්දයකට යන්න ඕන කියන එක.”

“යෝජනා දෙකක් සභාව තුළට ආවා. යෝජනා දෙකක් සභාවට ආවට පස්සෙ එතුමිය සභාවේ තියන යෝජනා දෙකම සැලකිල්ලට ගන්න ඕන. නමුත් එතුමිය ඒ යෝජනා දෙක සැලකිල්ලට ගන්නේ නැතිව එතුමිය දිගින් දිගටම කතා කළේ රහස් ඡන්දයකට යන්න ඕන කියන එක. ”

“ගරු නියෝජය කතානායක තුමනි. 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශොධන පනතේ 66 ඈ 6 වැනි ඡේදයේ තියනවා සභිකයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගැනීම සඳහා යෝජනා කොට ස්ථිර කරනු ලැබූ අවස්ථාවක තෝරා පත් කරගැනීමේ ක්‍රමය පැමිණ සිටින සාමාජිකයින් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස් ඡන්දයක් මගින් විය යුතුය.”

“ඒක හරි. ඇවිත් ඉන්න අය තීරණය කරන්න ඕන මේක රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද කියන එක. දැන් මේ පනතේ ඒක කොහොමද රහස් ඡන්දය ද විවෘත ඡන්දයද හොයන්නේ. හොයන ක්‍රමවේදය කියන එක පනතේ නෑ. ඒකට තමයි මාර්ගෝපදේශ තියෙන්නේ. මේ මගේ ලඟ තියනවා රාජ්‍ය පරිපාලන පළාත් සභා අමාත්‍යාංශය මගින් 2025 එස්.ආලෝක බණ්ඩාර ලේකම් තුමා විසින් නිකුත් කළ මාර්ගෝපදේශයක් තියනවා. මේ මාර්ගෝපදේශය තමයි එතුමිය පෙරේදා පිළිපදින්න තිබ්බේ. ඒ මාර්ගෝපදේශයෙ පැහැදිලිවම කියනවා ”

” 4.1 – නගරාධිපති, සභාපති සඳහා ඡන්ද විමසීම
පැහැදිලි බහුතරයක් නොමැති විට ඡන්ද ක්‍රියාවලිය – අපේක්ෂකයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක දී නම් සභාපති හෝ නගරාධිපති සඳහා යෝජනා කර ස්ථිර කර ඇත්නම් කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයින් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති සභාපති තෝරා පත් කරගත යුතුය. මේ තරගය සඳහා ආඥාපනතේ පියරෙන් පියවර ක්‍රියාවලියක් දක්වා ඇත.”

“මුලින්ම සභාවේ සභිකයින් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. එනම් තේරීම විවෘත ඡන්ද විමසීමක් කළ යුතු ද රහස් ඡන්ද විමසීමක් කළ යුතු ද යන්නයි. එහි ඇත්තේ අපේක්ෂකයින් කීප දෙනෙක් තරග වදින ඡන්ද විමසීමක දී තෝරා පත් කරගනු ලබන ක්‍රමය පිළිබඳව සභිකයින් අතර මතභේදයක් ඇතිවුවහොත් ඒ සඳහා එක් එක් සභිකයාගේ නම් අඬගසා ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාවය මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතුය.”

“මේක තමයි මේ මාර්ගෝපදේශය. පැහැදිලිවම කියනවා එක් එක් සභිකයින්ගේ නම අඬගසා… ඒ කියන්නේ සභිකයින්ගේ නම අඬගසා අහන්න ඕන ඔබතුමා විවෘත ඡන්දයකට කැමති ද රහස් ඡන්දයකට කැමති ද කියලා. එතකොට කොමසාරිස්තුමිය මේක කළේ නෑ. එතුමිය කිව්වේ මම පනත අනුව කරනවා කියලා. පනත අනුව.”

“අඩුම තරමින් එතුමිය පනතේ තියන සෙක්ෂන් එක කියෙව්ව ද?. පනතේ මොන පරිච්ඡේදයේද මේක තියෙන්නේ කියලා. අඩුම ගානෙ ඒකවත් එතුමිය කිව්වෙ නෑ. එතුමිය පුන පුනා කිව්වේ මම පනත අනුව කරනවා. එතුමියට බලය ලැබිලා තියන එතුමිය මේ ක්‍රියාත්මක කරන්න යන පරිච්ඡේදයෙ අංකයවත් කිව්වේ නෑ. ඒ අංකයවත් නොදන්න කෙනෙක් තමයි ඊයේ පෙරේදා ඇවිත් මේ කොළඹ නගර සභාවේ ඡන්දය මෙහෙයෙව්වේ. අඩුම ගානේ මේ පළාත් පාලන ආඥාපනතවත් එතුමිය අරගෙන ඇවිත් තිබුණෙ නෑ.”

“ඇයි මේක ගෙනාවේ නැත්තේ. අපේ සභිකයින් කිව්වා ඔබතුමිය මේකේ සෙක්ෂන් එක කියන්න. මොන සෙක්ෂන් එක යටතේ ද ඔබතුමිය මේ ඡන්දය කරන්නේ කියලා. ඒ සෙක්ෂන් එක කිව්වේ නෑ.. පනත අනුව පනත අනුව කියලා එතුමිය කිව්වේ.”

“එතුමියට තව දෙයක් තිබුණා. ඒක තමයි නගර සභා ආඥා පනත අනුව ගිහින් 272 /1 එෆ් වගන්තිය අනුව යන්න තිබුණා. ඒකේ තියනවා ඡන්දය කරන විදිහ. එතුමිය ඒ ගයිඩ් ලයින් එක ෆලෝ කළෙත් නෑ. ”

“ඒකෙන් පේන දේ තමයි පැහැදිලිවම එතුමිය කලින් තීන්දු අරන් ආවා මේක කොහොමහරි රහස් ඡන්දයක් තියනවා කියන එක ආවා. ඒක එතුමියගේ බලහත්කාරකමෙන් ඒ ඡන්දය පැවැත්වුවා. එතන සියලු දෙනාම විරුද්ධ වුනා. බලහත්කාරකමින් ඒක කළා. ඕන නම් එතන ඉන්න සභිකයින්ට රණ්ඩුවක් ඇතිකරගන්න තිබුණා. එහෙම හැසිරීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ආණඩු පක්ෂයත් එක්ක රණ්ඩුවක් ඇති කරලා කඩාකප්පල් කරන්න තිබුණා. එහෙම ගියෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. එහෙම හැසිරුනා නම් තමුන්නාන්සෙලා වෙන වෙන කතා කියයි. ”

“නමුත් මත තියාගන්න. එතුමිය ඊයේ පෙරේදා හැසිරීම තුළ රාජ්‍ය සේවකයින්ට තිබුණ ආත්ම ගරුත්වය නැති කළා. ඒ විතරක් නෙමෙයි අඩුම ගානෙ පනතෙ වගන්තියක්වත් කිව්වෙ නෑ. ඒක එතුමිය දැනගෙන හිටියෙත් නෑ.”

“ගුරු කතානායක තුමනි. අපට පේනවා මධ්‍යම පළාත් කොමසාරිස්තුමිය මේක විනිවිද භාවයකින් කළා. කඩුගන්නාවේ විනිවිදභාවයකින් කළා. මධ්‍යම පළාත් කොමාසාරිස්වරියට එක නීතියකුත්, බස්නාහිර පළාත් කොමසාරිස්වරියට තව නීතියකුත් නීති දෙකක් තියෙන්න බෑ. එක නීතියයි තියෙන්න පුලුවන්. ”

“නමුත් අවාසනාවකට බස්නාහිර පළාත් කොමසාරිස්වරිය ආණඩුවේ දේශපාලන උවමනාව මත එදා වැඩ කළා කියලා මුළු ලෝකයටම පෙන්නුවා. අපි විතරක් නෙමෙයි. ලෝකයම දැක්කා. ”

“ගරු කොමසාරිස්තුමියට මම එකක් කියනවා. කොමසාරිස්තුමිය මතක තියාගන්න ඕන කොමසාරිස් තුමිය… ඔබතුමිය රාජ්‍ය සේවයේ තිබෙන විනය කඩ කරලා තියනවා. ඔබ තුමිය මේ තියන මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා තියනවා. ඒ පැහැර හැරීම තුළ රාජ්‍ය සේවයේ විනය කඩ කළ කොමසාරිස්තුමියක් ලෙස ඔබතුමිය ඉතිහාස ගත වෙලා තියනවා. ”

“ඒ හින්දා ගරු කොමසාරිස්තුමිය මතක තියාගන්න… මේ පාලකයො එනවා යනවා. අද තමුන්නාසෙලා අවුරුදු 5ක් 10ක් ඉන්න පුලුවන්. කවදා හරි මේ ආණ්ඩු වෙනස් වෙනවා. මේ රටේ පවුල් පාලනයක් ඇවිත් අන්තිම පුරුක දක්වා ඉන්නවා කියලා ආවේ. දෙවැනි පුරුකෙන් යන්න උනා. ”

“ජනතා මතය කියලා කියන්නෙ ගලේ කොටපු දේවල් නෙමෙයි. ජන මතය වෙනස් වෙනවා. මේ මාස හයේ දී ලක්ෂ 23ක් අඩු වුනා. මාස හයකදි. තව මාස හයක් යනකොට අපි දනනේ නෑ කීයක් අඩුවෙයි ද කියලා. ඒ නිසා කොමසාරිස් තුමියට අපි කියනවා දේශපාලන නායකයින්ට රටේ පාලකයින්ට මොන ආණ්ඩු තිබුණත් එහෙම කඩේ ගිහින් ඒ වැඩේ කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ”

“එහෙම සෙල්ලම් කරපු ලේකම්වරු අද කොහෙද ඉන්නේ. අද කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ලේකම් ඉන්නවා හිර ගෙදර. ආගමන විගමන එකේ ඩිරෙක්ටර් ජෙනරාල්තුමා අද ඉන්නවා හිර ගෙදර. ඊලඟට තව අමාත්‍යාංශවල හිටපු ලේකම්වරු කීප දෙනෙක් ඉන්නවා අද හිර ගෙදර. ඇයි ඒ. දේශපාලන නායකයන්ගේ අතකොලුවක් වෙන්න ගිහින් තමන්ගේ තිබුණු කීර්ති නාමය නැති කරගෙන අන්තිමට හිරේ ලගින්න වුනා. ”

“ඒ හින්දා මතක තියාගන්න. ආණ්ඩු එනවා යනවා. ආණ්ඩු හැමදාම තියෙන්නේ නෑ. එතුමියට අපි කියනවා එතුමිය මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ වැඩේට කවදා හරි නීතිය ඉදිරියට අපි එතුමිය ගේනවා කියන එක අපි මතක් කරලා කියනවා. මේ අවුරුදු පහේ නැති වෙන්න පුලුවන්. ඊලඟ අවුරුදු පහේ නැතිවෙන්න පුලුවන්. නමුත් කවදා හරි දවසක එතුමිය මේ කළ රාජ්‍ය සේවයට කළ අගෞරවය විතරක් නෙමෙයි,  රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ අගෞරවයට එතුමියව කවදා හරි නීතිය ඉදිරියට ගේනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ වැඩිම මනාප පත් අපේක්ෂකයාගේ සහයත් ලබාගෙන මාලිමාව කොලොන්නාව නගර සභාවේ බලය පිහිටුවයි!

Next Post

හිතේ දුක තේරුම් ගන්න පුලුවන්… ඒත් නීතිය නොදැන කොන්ද පණ ඇති රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරන්න එපා.. කෞෂල්‍යා මුජිබර්ට කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.