සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිතේ දුක තේරුම් ගන්න පුලුවන්… ඒත් නීතිය නොදැන කොන්ද පණ ඇති රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරන්න එපා.. කෞෂල්‍යා මුජිබර්ට කියයි!

by editor
ජූනි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • රහස් ඡන්දයකට මුලින් එකඟ වෙලා පස්සේ බෑ කියන්නේ තමන්ගේ පක්ෂෙ සාමාජිකයින් ෂුවර් නැති නිසා… දැන් තියන තත්ත්වය හැටියට රහස් ඡන්දයක් තිබ්බොත් විපක්ෂ නායකතුමත් පරාද වෙලා විපක්ෂ නායක කමත් එතුමාට නැති වෙනවා… කෞෂල්‍යා කියයි..

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ හිතේ ඇති බලවත් වේදනාව තේරුම් ගත හැකි නමුත් පනතක් සහ මාර්ගෝපදේශනයක් සම්බන්ධව නෛතික අවබෝධයක් නොමැතිව,  කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන රාජ්‍ය සේවකයින්ට තර්ජනය කිරීම නොකළ යුත්තක් බව නිතිඥ,  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අද පාර්ලිමේන්තුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පැවසුවේය.

ඇය පෙන්වා දුන්නේ පසුගිය ජුනි 14 වැනිදා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් මේ සම්බන්ධව නිකුත් කර ඇති නවතම මාර්ගෝපදේශය අනුව බස්නාහිර පළාත් කොමසාරිස්වරිය කටයුතු කර ඇති බැවින් යළිත් කවදාවත් බලයට පැමිණීමේ ඉඩක් නොපෙනෙන බැවින් රාජ්‍ය සේවකයින්ට නැවත තර්ජනය නොකරන ලෙසත් මන්ත්‍රීවරිය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඇය කීවේ මෙවැන්නකි.

“පනතේ තියනවා යම් ප්‍රතිපාදන ටිකක්. එතකොට පනතක් සහ මාර්ගෝපදේශයක් කියන්නේ නීතිමය පැත්තෙන් ගත්තාම දෙකක්. ඒක හරියට ජාත්‍යාන්තර නීතියෙ නම් Convention එකක් සහ Declaration එකක් වගේ දෙයක්. ඒ කියන්නේ සම්මුතියක් සහ ප්‍රකාශයක්. ඒ දෙකේ නීතිමය වෙනසක් තියනවා. Convention එකකට බැඳීමක් ඇති කරනවා. Declaration එකකට බැඳීමක් නෑ.”

“ඒ වගේම නීතිය අනුව පනතක් සහ මාර්ගෝපදේශනයක් අතර පැහැදිලි වෙනසක් තියනවා. පනත කියන්නේ නීතිමය බැඳීමක් ඇතිකරන දෙයක්. ඕනෑම කෙනෙක් බැඳෙන්නේ ඒ පනතෙන්. නමුත් මාර්ගෝපදේශයක් කියන්නේ යම් පැහැදිලි කිරීමේ ගයිඩ් ලයින් එකක් පමණයි. ඒ පැහැදිලිකිරීම ඇතුළේ නීතිමය බැඳීමක් නෑ.”

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

“දැන් මෙතුමාලා දිගින් දිගටම කියනවා මේ මාර්ගෝපදේශනයක් ගැන. දිනේකුත් නැතිව කියන්නෙ. දිනයක් නැති මාර්ගෝපදේශනයක් ගැන. නමුත් එතුමාලා නොකියන දෙයක් තියනවා. 2025 ජුනි 14 වැනිදා රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් තුමා නිකුත් කරනවා මෙන්න මේ විදිහේ ලියුමක්.”

“මම විශ්වාස කරනවා ඔය කියන දින නොමැති මාර්ගෝපදේශනයට පස්සේ ආපු එකක් කියලා. මොකද මේක එන්නේ ජූනි මාසේ 14.”

“ඔබ වෙත එවා ඇති මාර්ගෝපදේශ සංග්‍රහය – පලාත් පාලන කොමසාරිස් ලෙස 2010 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතින් ඔබ වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත කාර්ය භාර්ය පහසු කරවීම සඳහා සපයන උපදෙස් මාලාවක් පමණක්වන අතර ඔබ වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත කාර්ය භාර්ය යථෝක්ත පනතේ විධි විධාන යටතේ ඉටු කළ යුතුව ඇත.

“ඒ පනතට අනුව කොමාසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල හා වගකීම් ප්‍රකාරව කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධව තීරණ ගැනීමේ වගකීම ද එකී නීතිය ප්‍රකාරව පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ඉටු කළ යුතුය.”

“ඒ නිසා බොරුවට තර්ජනය කරන්න එපා. කොමසාරිස් තුමිය එතුමියට ලැබී ඇති නිසි බලතල අනුව පනත අනුව කටයුතු කරලා තියනවා. එතුමියගේ කොන්ද පණ ඇතිව ස්වාධීනව පනත අනුව කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා තියනවා.”

“ඒ වගේම ඡන්දයට කලින් රහස් ඡන්දයක් ඉල්ලපු කට්ටිය පස්සේ රහස් ඡන්දයකට විරුද්ධ වුනා. අපි දන්නවා ඒක කළේ ඇයි කියලා. හේතුව තමන්ගේ පක්ෂෙ අයවත් තමන්ට ෂුවර් නෑ. එච්චරයි ගරු නියෝජ්‍ය කතා නායක තුමනි.”

“අර විපක්ෂ නායකතුමා උදේ කිව්වා නේද අසේවනාච බාලානං – පණ්ඩිතානංච සේවනා කියලා. එතුමටත් මට කියන්න තියෙන්නෙ තමන්ගෙ පක්ෂයෙ ඉන්නේ දුර්වල සංවිධායකයො ටිකක්. ඒ නිසා තමන්ට බිමේ තියන බලයත් නැති වෙලා තියනවා. එතුමා රහස් ඡන්දයකට ගියොත් හෙට අපි දන්නෙ නෑ එතුමාවත් කැමැත්තෙන් භාර ගනීද කියලා එතුමාගේ පක්ෂයේ අය.”

“මම කියන්නේ තර්ජනය කළාට වැඩක් නෑ. ඔබතුමාල බලයට එන්නෙත් නෑ නැවත. තර්ජනය කරන්න එපා. කොන්ද කෙලින් තියන් නීතිය ප්‍රකාරව වැඩ කරන රාජ්‍ය සේවකයින්ට විරුද්ධව.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න… කවද හරි ඔබව නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් දෙනවා… මුජිබර් බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දරට දන්වයි!

Next Post

ඕනෑම ආකාරයක ඇමරිකානු මැදිහත් වීමකින් හැරවිය නොහැකි විනාශයක් සිද්ධවේවි… කමේනි ට්‍රම්ප්ට අනතුරු අඟවයි…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.