බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපති තුමත් පාස්කු ප්‍රහාරයෙ වින්දිතයෙක්…. කාදිනල් උන්නාන්සෙ මේ ගහන්නෙ වෙන ලයින් එකක්…

by editor
මාර්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

කීර්ති ප්‍රනාන්දු –

තිලංග සුමතිපාල පසුගිය දා පැවති ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ දිසා   කොළඹ දිසා සමුළුවේ දී කාදිනල් තුමා පැවිද්දෙක් නොව ගිහියෙක් බව ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් කළ යුතු බවට කාදිනල්වරයා දිගින් දිගටම කරන බලපෑම හමුවේ මේ එළි දුටුවේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය ද?. මේ පිළිබඳව අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විමසුවෙමු. මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කොළඹ දිසා සමුළුවෙ දි  තිලංග සුමතිපාල මහත්මයා කාදිනල් තුමා ඉලක්ක කරගෙන බරපතල ප්‍රකාශයක් කළා. කාදිනල් තුමා පැවිද්දේක නොවෙයි  ගිහියෙක් කියලා කිව්වා.  මේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අදහස ද?.

ඒක අපේ අදහසක් නොවෙයි.  ඒක පුද්ගලික කතාවක්.

ඒත් ඒ කතාව කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේ දී…

ඔව්… ඒත්  එතුමා කොළඹ දිස්ත්‍රික් නායකයා විදිහට ප්‍රකාශයක් කළා. ඒකට අපි අදාල නෑ. අපි මොකද ඒකට කරන්නෙ.

ඔව්… අප විමසා සිටින්නෙ පක්ෂයක් හැටියට ඒ පිළිබඳව දරන අදහස

පුද්ගලයෙකුගෙ ප්‍රකාශයක් ගැන  පක්ෂයක් විදිහට අපට කල්පනා කරන්න බෑනෙ. ඒක එයාගෙ පුද්ගලික මතයක්.  අපේ මතය නොවෙයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔබතුමා කියන්නෙ ඒක පක්ෂයෙ මතය නොවෙයි කියල ද?

ඔව්… පක්ෂයේ මතය නම් අපි ඒ ගැන කෙලින්ම කියනවානෙ. කාදිනල් තුමා ගැන අපිටත් ප්‍රශ්න ගණනාවක් තියනවා.  නමුත්  ඒ වගේම යම් ගෞරවයක් කාදිනල් උන්නාසෙටත්  කතෝලික සභාවටත්  අපේ තියනවා. මේ රටේ කතෝලිකයන් සම්බන්ධවත් අපට විශාල ගෞරවයක් තිබෙනවා.

ඒ වගේම පාස්කු ප්‍රහාරයෙ දැන් වෙලා තිබෙන්නෙ වෙන එකක්. පාස්කු ප්‍රහාරයෙ වින්දිතයො පැත්තක. ගහපු මිනිහව හොයා ගන්නත් නෑ. හැබැයි කතෝලික පල්ලියෙන් කරන්නෙ හිටපු ජනාධිපතිතුමාගෙ නම කියමින් එතුමා හිරේ දාන්න කියන එක.

හිරේ දාන්න ඕන හරිනම් රාජකාරිය කරපු නැති මිනිස්සු ටිකනෙ.  ඉතින්  අපි ඒවට කතා කරන්න යන්නෙ නෑ. මොකද හේතුව  එක් අතකින් පියතුමන්ට බනින්න එහෙම දේශපාලනයක්  අපි කරන්නෙ නැති නිසා.  හාමුදුරුවරුන්ට පියතුමන්ලට පාර දිගේ බැන බැන යන දේශපාලනය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය නොවෙයි.

නැවත මුලින්ම ඇසූ ප්‍රශ්නයටම යන්නම්.  කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ   සමුලුව පැවැත්වුනේ. එහිදි ශ්‍රී ලංකා නිදස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා කාදිනල්වරයා වගේ කෙනෙක් ඉලක්ක කරගෙන ඒ විදිහෙ ප්‍රකාශයක් කිරීම පක්ෂයට හොඳ නෑ නේද?   කාදිනල් තුමා කියන්නෙ ජත්‍යාන්තරව පිලිගත්ත ආගමික නායකයෙක්…

හැබැයි එයා කරන එවත් තියනවා.

හරි… හැබැයි  කාදිනල් තුමා ගිහියෙක් කියලා හැඳින්වීම හොඳ නෑ නේද?

ඒක වැරදියි. හැබැයි මෙහෙමයි. අන්තිමට හැමෝගෙම කරන කතා වලට පක්ෂ ලේකම් විදිහට උත්තර දෙන්න ගයොත් ඉවරයක් වෙන්නෙ නෑ… පක්ෂ ලේකම් විදිහට මට එතකොට හැම එකටම කියන්න වෙනවා නෑ නෑ ඒක හොඳ නෑ කියලා. ඒක එයාගෙ මතය. ඒක අපේ මතය නෙමෙයි.

අපි අහන්නෙ දයාසිරි ජයසේකර මැතිතුමාගෙ මතය නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ මතය.

පැහැදිලියි නෙ.  පක්ෂ මතය විදිහට අපි  පක්ෂයෙ   මධ්‍යම කාරක සභාවෙ තීන්දුවක් අරන් කියන්න කියන දෙයක් කියනවා.  ඒ හැර මේක පක්ෂයෙ මතයක් නෙමෙයි.  මේක තිලංග සුමතිපාල මැතිතුමා දරපු මතයක්. ඒක එතුමාට කියන්න අයිතියක් තියනවා.  පක්ෂයක් විදිහට අපි ඒක අනුමත කරලා තිබුණෙ නෑ කොහෙවත්.

ඒක හරි. නමුත් සමාජයෙ මේ සිද්ධිය මතුවෙන්න හේතුවක් තිබුණා.  වෙන දේකදිනම් ඔබතුමාලා එක පාරටම කියනවා මේක අපේ පක්ෂයේ මතය නොවෙයි.  මෙහෙම දෙයක් ප්‍රකාශ කිරීම වැරදියි කියලා. නමුත් කාදිනල් උන්නාසෙට කළ ප්‍රකාශ පිළිබඳව ඔබතුමන්ලා කිසි කෙනෙක් කතා කරලා තිබුණෙ නෑ.  ප්‍රශ්නය එතන.

කතා කරන්න ඕන නැතිවුනේ මොකද හේතුව ඉතින්    කාදිනල් උන්නාන්සෙ කියන දේවල්වලට ඇත්තටම අපිටත් උත්තර දෙන්න හිතෙනවා. නමුත් ඉතින් හොඳ නෑනෙ. ඒක කරගන්න ඕන නැති නිසා මේ සද්ද නැතිව ඉන්නෙ.    හැබැයි කාදිනල් උන්නාන්සෙත් ගහන ගැහිල්ල   අපේ පක්ෂෙ නායකටනේ ගහන්නෙ.

බෝම්බ ගහපු උනුත් පැත්තක නෑ. ත්‍රස්වාදීන්ට ගත්ත පියවරකුත් නෑ.  හැබැයි කාදිනල් උන්නාන්සෙට ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හිරේ දාන්න. ඒවත් හරි කැත වැඩනෙ එහෙම කතා කළොත්.

මෙච්චර කාලෙකට  කතෝලික සභාවෙන් කියන දේවලට අපි    උත්තර දෙන්න ගියෙ නෑ පක්ෂයක් විදිහට. හැබැයි දැන් ඔයා අහනවා මගෙන් කාදිනල් උන්නාසෙට මෙහෙම කිව්වා  කියලා. එතකොට අනික් පැත්තෙන් ඔයා අහන්නෙ නෑ නෙ ඔයා මොකක් මේ කියන්නෙ… මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජාත්‍යාන්තරව පිළිගත්ත නායකයෙක්. රටේ හිටපු ජනාධිපති. ඉතින් එයාට ගහන එකත් වැරදියිනෙ එහෙනම්. හරියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බෝම්බ ගැහුව වගේනෙ කතා කරන්නෙ.

ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයෙක්. ඔබතුමා පක්ෂයේ ලේකම් තුමා. රජයේ ප්‍රධාන පාර්ශව කරුවෙක් ඔබ.  පාස්කු කොමිසමේ එළියට ආපු නැති පරීක්ෂණ වාර්තා ටිකත් එළියට ආව කියනවනෙ. රජයට මේ වැරදි කරුවො එළියට අරගෙන ඒ අයට නිසි දඬුවම් දෙන්න කියලා ඔබතුමලාගෙ පැත්තෙන් ලොකු හඬක්    නගන්නෙ නෑ නේ ද?

ඇයි නැත්තේ.  දිගින් දිගටම අපි කිව්වානෙ… මම මොනතරම් කියලා තියනව ද?. ඔය චෝදනාව එනකොට මම හැම වෙලාවෙම කිව්වෙ    මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දැන් මේකෙ වින්දිතයෙක් කියලා. එයාගෙ බලය නැති වුනා. තව අවුරුදු පහක් ජනාධිපති වෙන්න තිබුණා නම් ඒක නැතිව ගියා.  එයත් වින්දිතයෙක්.  මැරුණු අය විතරක් නෙමෙයි වින්දිතයො. එයත් වින්දිතයෙක්. එතකොට ඒ වින්දිතයට කාගෙන්වත් සහනයක් නෑ. කාදිනල් උන්නාන්සෙත් කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිරේ දාන්න කියලා.

මේ පරීක්ෂණ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමලා කියනව ද?

මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වානෙ.  පාර්ලිමේන්තුවෙදි කිව්වා මීට සති දෙකකට කලින්.‍ අරන් බලන්න.

ඒ පරීක්ෂණ සිද්ධ වුනා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හෝ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පැවති අණ්ඩුවට     කාදිනල් තුමා හෝ, කතෝලික සභාව හෝ කවුරන් හෝ  නගන   බරපතල චෝදනාවක් එල්ලවෙන්නෙ නෑ නේ ද?

මොන බරතල කමක්ද ඒ චෝදනාවල තියෙන්නෙ.  කිසිම බරපතල කමක් නෑ චෝදනාවෙ. කොහෙද සාක්ෂි තියෙන්නෙ ජනාධිපතිතුමා මේකට සම්බන්ධයි කියන්න.   මොනවද තියන සාක්ෂි.   පිස්සුනෙ ඒගොල්ලන්ට

හරියට එළියට ආව නම් ඕක ඔප්පු වෙනවා නේද?.

ඉතින් කාදිනල් උන්නාන්සෙලා කරන්න ඕන ඒ වැඩේ නෙ. පාර දිගේ පෙළපාළි යන්න ඕන නීතිය ඉටු කරන්න කියලා. ඒක  කරන්නෙ නෑනෙ. ඒක පැත්තකින් තියලා ඒගොල්ලො වෙන ලයින් එකක් ඔය ගහන්නෙ. ඒ කියන්නෙ ඒ ගොල්ලන්ට ඕන ඔය ඇමරිකාවෙ එහෙත් නැතිනම් පිටරටක ලයින් එක ගහලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව හිරේ දාන්න.

ඒකටනේ මේ වැඩේ කරන්නෙ.  දැන් අර  හිරේ දාපු   දෙන්න නිදහස් කළා. වචනයක් කතා කළා ද මේ ගොල්ලො.? පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කළා. ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස් කළා. එක වචනයක් කතා කළාද ඔය කතෝලික සභාවෙන්.

අපිට කතා කරන්න පුලුවන්. කතා කරන්න බැරි  කතෝලික සභාව හරහා  මුලු කතෝලික ජනතාවම ඇති වෙලා තිබෙන පීඩනය ගැන අපි හදවතින් කල්පනා කරන නිසා තමයි අපිට මේකට මුකුත් කියන්න බැරි. නැතිනම් අපිටත් ඕවට හොඳට කතා කරන්න පුලුවන්.

හරි… අපි හිතමු කතෝලික සභාව අභූත චෝදනාවක් නගනවා කියලා.  ඒ අභූත චෝදනාවෙන්   හිටපු ජනාධිපතිතුමාව නිදහස් කරගන්න   වෙන්නෙ කතෝලික සභාව කියන විදිහට මේ කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක වුනොත් නෙ. රජය ඇතුළෙ ඉන්න ඔබතුමාලට ඇයි  ඒක ක්‍රියාත්මක කරන තැනට වැඩ කරන්න බැරි.

අපි කරනවා.  අපි කරලා තියනවා.   ඔයාලගෙ ඔය නිවුස් වෙබ් එකෙන් හොයා ගන්න අපි කියලා තියන ඒවා.

අපිට පේනවා කතා කරලා තියනවා. නමුත් ඒක වෙන්නෙ නෑ නෙ.

වෙන්නෙ නෑ..  ඒ වෙන්නෙ නැති එක ආණ්ඩුවෙන්නෙ අහන්න ඕන.

ඉතින් ඔබතුමාලා  ආණ්ඩුවෙ පාර්ශවකරුවො නෙ?.  

ඔව් ඉතින්. අපි ඇතුළෙ හිටියට කියනවා කතාව.

මෙහෙම ගියොත්  හිටපු ජනාධිතිතුමාට නැගෙන චෝදනාවත් නවතින්නෙ නෑ නේද?…

ඔව් නවතින්නෙ නෑ. අපි බලමු මොකද ඉදිරියෙදි වෙන්නෙ කියලා.

මේ ලිිපියත් බලන්න.. 

කාදිනල් පහත් දේශපාලනයක් කරන ගිහියෙක්! – තිලංග සුමතිපාල…

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලන කඹ ඇදිල්ලක හිර වූ IMF යාම – පමා වී එන වසන්තයකි!

Next Post

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඉන්දියාව දෙන බිලියනයේ ණයට අත්සන් තැබෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.