තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබූ බවට සැක පිට අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ අද (29) රහස් ප්රකාශයක් සිදුකළේය.
එම්.ආර්. එම් පර්ෂාන් (32) නැමැති මෙම පුද්ගලයා ආනන්ද මාවත, හුණුපිටිය, වත්තල පදිංචිකරුවෙකි.
අත් අඩංගුවට පත්වු සැකකරුවන් ඊයේ කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේනගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැදිකරු මෙම විශේෂ ප්රකාශය කිරීම සඳහා අවසර පැතුවේය. එම අවසරය මත පැදිකරු අද සිය විශේෂ ප්රකාශය සිදුකළේය.
හල්ලොලුවට වෙඩි තැබීමේ මෙම සිද්දිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 06 දෙනා ජුනි මස 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.







