ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජිව තෙන්නකෝන් සහ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තේරී පත්ව ඇත.
සංගමයේ 97 වන සභාපතිවරයා සහ ලේකම්වරයා ලෙස සංගමයේ සාමාජිකත්වය විසින් ඊයේ (29) දිනයේදී දෙපළ තෝරාපත්කර ගෙන තිබේ.
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු වන අතර විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටියි.
සංගමයේ නව ව්‍යවස්ථාවට අනුව නව නිල මඩුල්ල ඊයේ තෝරාපත්කර ගන්නා ලදි
සංගමයේ ඉදිරි කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව විනිවිදභාවයකින් යුතුව කරගෙන යාමට තම අපේක්ෂාව බව සභාපතිවරයා සහ ලේකම්වරයා ලංකාසර කළ විමසුමකදී පැවසුහ.
සංගමයේ සාමාජිකත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දිමට මෙන්ම රෝගී ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් උරුමකර දීම තම සංගමයේ අපේක්ෂාව යැයි වෛද්‍ය ප්‍රභාත් පැවසුවේය.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීම හැකි පමණ අවම කරමින් සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසූහ.
සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සංගමයේ ව්‍යවස්ථාවට අනුකූලව පසුගියදා සිය තනතුරුවලින් ඉවත් විය.