බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොනීලා ඇලෝසියස්ලා ඇතුළු අරක්කු සමාගම් 13ක් එක මිටට තැබූ කෝටි 715ක සුරාබදු පොල්ලේ කතාව…

අපේ රිරී බොන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති අරක්කු කාරයින් ලඟ දෙකට නැමෙන හැටි

by editor
ජූනි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

අප ජීවත් වීමට නොහැකි තරමට බදු බරක් සහිත ජාතියක් වී ඇත. මේ බදු බර දරාගත නොහැකි වෘත්තිකයෝ රට හැර යති. සාමාන්‍ය මිනිස්සු ජීවත්වීමත් අභියෝගයක් කරගෙන නොමැරී මැරෙති. ඒ සියල්ල සිදුවන්නේ රටේ ප්‍රභූ දේශපාලනයේ වරප්‍රසාද සහිත අරක්කු කොම්පැණි කාරයින් සහ උන්ගේ අල්ලේ නැටවෙන දූෂිත සුරාබදු බලධාරීන් විසින් රජයට ලැබිය යුතු බිලියන ගණනක සුරාබදු පොලු තබා ඇති පරිසරයකය.

ඔබ විශ්වාස කළ යුතුව ඇත. රටේ හිඟ සහ ප්‍රමාද  සුරාබදු   මුදලින් අරක්කු සමාගම් තබා ඇති පොල්ල රුපියල් කෝටි 726  ඉක්මවා ඇත. ඉන් කෝටි 715ක පොලු තබා ඇත්තේ මත් පැන් සමාගම් 13කි.  මෙම  එක් මත්පැන් නිෂ්පාදන ආයතනයක් 2019 වසරේ සිට  2023 දක්වා කාලය තුල කෝටි 321ක පොල්ලක් තබා ඇත. මේ කාලකනින් පොලු කාරයින් අතර ජාතිය බේරා ගැනීමට පොහොට්ටුව සමග එක්ව තවමත් සටන් කරන ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ඉන්නේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ දයාබර සුරතලෙක් වූ අර්ජුන ඇලෝසියස් ද ඉන්නේය.

මේ වනවිට මේ වර්ෂයේ මුල්  මාස තුනට නව සුරා බදු බලපත්‍ර 32ක් දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ආකාරය පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී හෙළ්‍වී ඇත.

අප ආර්ථික වෙනසක් සහිත සුවපත් රටක් හදන්නට යන්නේ මුන් එක්කය.

හිඟ සුරාබදු  ආදායම හා  එයට අදාල ප්‍රමාද ගාස්තු අයකර නොගැනිම පිළිබද   ක්‍රම හා විධි කාරක සභාවේ දි ද  දැඩි කථාබහක් ඇතිවිය. මෙසේ හිග සුරාබදු ආදායම් හා එයට අදාල ප්‍රමාද ගාස්තු  නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවල  සුරාබදු බලපත්‍රය අත්හිටුවන ලෙස  ක්‍රම හා විධි කාරක සභාව මගින් සුරාබදු නිලධාරින්ට නියෝග කරණු ලැබිය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එහෙත්  සුරාබදු නිලධාරිහු එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවිමට මැලිකමක් දක්වති. සුරාබදු නිලධාරින් සඳහන් කරණ ආකාරයට   මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කළහොත්  එම ආයතන වැසි යාහැකි බවය. එමෙන්ම දැනට  එම සමාගම් විසින් ගෙවනු ලබන සුරාබදු ආදායම පවා එකතුකර ගැනිමට නොහැකි වනු ඇති බව  සුරාබදු නිලධාරිහු පවසති.

රජයට ලැබිය යුතු ආදායමක් එකතුකරදිම සුරාබදු දේපාර්තමේන්තුවේ නිලධාරින්ගේ වගකිමකි.   සුරාබදු දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි වී ඇති ස්කාගාර 23 අතුරින්  සුරාබදු ආදායම සඳහා  ප්‍රධාන වශයෙන්  දායකත්වය සපයනු ලබන්නේ  ස්කාගාර දෙකකි.  එම ස්කාගාර දෙක   මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළදපොළ කොටසෙන් සියයට 73ක් දරනු ලබති.   එම  ස්කාගාර දෙක   රජයට නියමිත අයුරින් බදු මුදල් ගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකි.

මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළදපොළ කොටසෙන් සියයට 27ක්   ඉතිරි  ස්කාගාර 21 මගින් සපයයි. රජයට බිලියන ගණන් පොලු තබා ඇත්තේ මේ ස්කාගාර අතුරින් කිහිපයකි. එම නිසා රජයට හිඟ සුරාබදු ආදායම අදායම් ගෙවිම හා එයට  අදාල ප්‍රමාද ගාස්තු පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කිරිමෙන් රට තුළ මත්පැන් හිගයක් ඇති වන්නේ නැත.

සුරාබදු දෙපාර්තමේන්තුව  මෙරට රාජ්‍ය ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. 2023 වර්ෂයේ  සුරාබදු දේපාර්තමේන්තුව සඳහා මහා භාණ්ඩාගාරයේ ආදායම්  ඉලක්කය  රුපියල් බිලියන 217කි. එහෙත් සුරාබදු දේපාර්තමේන්තුව මගින්  එකතුකොට  ඇති ආදායම රුපියල් බිලියන171.2කි. 2024 වර්ෂයේ  මහා භාණ්ඩාගාරය විසින් සුරාබදු දේපාර්තමේන්තුවට  රුපියල් බිලියන 232ක  ආදායම් ඉලක්කයක් ලබාදි ඇත.

විගණනයෙන් හෙළිවන කතාව

ජාතික  විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකට අනුව  සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනට  හිඟ සුරාබදු ආදායම හා  එයට අදාල  හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල්  හත්සිය විසිහයකෝටි ,පනස් දෙලක්ෂ, හැත්තෑ හතරදහස් දොළහක මුදලක් (7,265,274,012) මුදලක් අයවිමට ඇතත්  සුරාබදු  නිවේදනවල  විධි විධාන ප්‍රකාරව   එම මුදල අයකරගැනිමට කටයුතු කර නොතිබුණි.

මෙදිනට  මත්පැන්  නිෂ්පාදන ආයතන 13කින්  අයවිය යුතු හිග සුරාබදු මුදල හා හිඟ ප්‍රමාද ගාස්තුව රුපියල්  හත්සිය පහළොස්කෝටි, අනු එක් ලක්ෂ, හැත්තෑ අට දහස්, හත්සිය හැත්තෑ අටකි. (7,159,178,778)  රා නිෂ්පාදන ආයතන 13කින් අයවිමට ඇති මුදල  හැට දෙලක්ෂ, දහඅට දහස් නමසිය හතලිහකි (6,218,940)  මත්පැන් ස්කාගාර තුනකින්  තුන්කෝටි, දාහතර ලක්ෂ ,අසුතුන් දහස්, හයසිය දහයක මුදලක්(31,483,610)  අයවිමට  ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම සුරාබදු හා මත්පැන්  නිෂ්පාදන ආයතන 04කින්    හිග බදු වශයෙන්  රුපියල් හයකෝටි අසුතුන්  ලක්ෂ, අනු දෙදහස් හයසිය අසු හතරක මුදලක් (68,392,684)  අයවීමට තිබුණි.

එක් සමාගමක බදු පොල්ල කෝටි 321 යි…

2019 වර්ෂයේ සිට  එක් මත්පැන් නිෂ්පාදන ආයතනයකින්  හිඟ සුරාබදු ආදායම සහ  ඒ සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන්  රුපියල්  තුන්සිය විසි එක් කෝටි, හතලිස් තුන් ලක්ෂ,අනුඑක්දහස්, නමසිය හතලිස් අටක මුදලක් (3,214,391,948) අයවීමට තිබු බවද උක්ත වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම දැනට වසර පහක පමණ කාලයක සිට මත්පැන් නිෂ්පාදන  ආයතන හතරකින්  අයවිය යුතු හිඟ සුරාබදු ආදායම සහ  හිග ප්‍රමාද ගාස්තු මුදල වු  රුපියල් දෙසිය පනස්තුන් කෝටි, හැත්තෑ ලක්ෂ, විසිතුන් දහස්, හත්සිය හතලිස් අටක මුදලක් (2,537,023,748)  අයකර ගැනිමට කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එමෙන්ම ඉකුත් වර්ෂයේ අවසාන දිනට  මත්පැන් නිෂ්පාදන ආයතන 02කින් හා තවත්  ආයතන 06කින්  වර්තමාන සුරාබදු ආදායම නිසිලෙස   නොගෙවිම හේතුවෙන්  හිඟ සුරාබදු ආදායම හා  ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල්  එකසිය හතලිස් කෝටි, හතලිස් අට ලක්ෂ ,විසි දහස් පන්සිය දෙකක මුදලක් (1,404,820,502 )  මුදලක් අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන් ආයතන  තුනකින්  තවදුරටත් හෑත්තෑකෝටි, හත්ලක්ෂ, හය දහස්, අටසිය අනු අටක මුදලක් (700,706,898)    හිඟ ආදායම වශයෙන් අයවීමට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ජොනීලා, ඇලෝසියස්ලා කෝටි ගණන් බදු පොලු තිබ්බ හැටි!

2023 වර්ෂයේ හා ඉකුත් වර්ෂ හතරක  හිඟ ආදායම් වාර්තා සමග සැසඳීමේ දි  අයවිය යුතු මුළු සුරාබදු ආදායම  ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. සුරාබදු දේපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවට ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම  තොරතුරු  සඳහන්ව ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට  ඇති ක්‍රම හා විධි කාරක සභාවේ  දෙවැනි වාර්තාවට අනුව  සුරාබදු දේපාර්තමේන්තුව විසින්  අයකළ යුතු මුළු හිඟ බදු ප්‍රමාණය  රුපියල් බිලියන 6.9කි. ඉන් රුපියල් බිලියන 1.4ක්  2023 වසරට අදාල වන බව මෙම වාර්තාවේ සඳහන් වේ. මෙම  වාර්තාවේ සදහන් වන ආකාරයට  ඩබ්ලිව් .එම්.මෙන්ඩිස් සහ සමාගම  අවුරුදු පහක් දක්වා වු කාලය තුළ ( අවුරුදු 01 සිට 05 දක්වා) ගෙවිය යුතු  හිග සුරාබදු මුදල  අසුනම කෝටි, පනස් ලක්ෂ, තිස්පන් දහස් දෙසිය හැත්තෑ නවයකි. (895,035,279)  සිනර්ජි ඩිස්ටිලරිස්   මත්පැන් සමාගම විසින්   මෙම කාලය තුළ පැහැර හැර ඇති බදු මුදල රුපියල්  හත්කෝටි, තිස්හය ලක්ෂ, අනුහය දහස් ,හයසියපනහකි (73,696,651).

රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගම   පැහැර හැර ඇති බදු මුදල පන්කෝටි, විසිහත් ලක්ෂ, පනස් දෙදහස් පන්සිය හැත්තෑ හයකි (52,752,576) හිඟුරාන ඩිස්ටිලරිස් සමාගම විසින්  ගෙවිමට ඇති හිඟ සුරාබදු මුදල  දොළොස්කෝටි, හාරලක්ෂ, හයදහස් එකසිය පනස් දෙකකි. (120,406,152).  රෝයල් සිලොන් ඩිස්ටිලරිස් සමාගම    පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල්  තුන්කෝටි, අසුලක්ෂ, හැටහත් දහස් අටසිය තිස්පහකි (38,067,835)

වයඹ ස්ප්‍රිතු  ආයතනය විසින් දැනට වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් විසි හත් කෝටි, හතලිස් තුන් ලක්ෂ, දහතුන් දහස් අසුදෙකකි (274,313,082). වයඹ ස්ප්‍රිතු ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය  පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බවට සුරාබදු දේපාර්තමේන්තුව විසින් ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දි තිබුණි.

වයඹ ස්කාගාරය විසින් වසර 15කට වඩා වැඩි කාලයක සිට   පැහැර හැර ඇති හිඟ  සුරාබදු මුදල   රුපියල් පනස් හතර කෝටි, හතලිස් ලක්ෂ, පනස් පන්දහස්, එකසිය දාසයකි(544,055,116). හිඟ බදු නොගෙවිම මත  මෙකි මත්පැන් සමාගමේ බලපත්‍රය අත්හිටුවිමට  සුරාබදු කොමසාරිස්  ජනරාල්වරයා ගත් තිරණයට එරෙහිව  මෙම සමාගම විසින් අභියාචනාගාරයේ නඩුවක් ගොනුකොට ඇත.

ග්ලෝබ්  බ්ලෙන්ඩර්ස්  අවුරුදු 15කට වඩා වැඩි කාලයක සිට  රුපියල් එකසිය දොළොස්කෝටි, පනස් දෙලක්ෂ, හැත්තැ හත්දහසක හිඟ බදු මුදලක් (1,125,277,000) ගෙවා නැත. සුරාබදු දේපාර්තමේන්තුව විසින්  ග්ලෝබ්  බ්ලෙන්ඩර්ස් ආයතනයේ  අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබද තොරතුරු සොයාගත නොහැකි බවට ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දි තිබුණි. එමෙන්ම මෙම වාර්තාවේ සඳහන් ආකාරයට   වයඹ ස්ප්‍රිතු  ආයතනයේ සහ ග්ලෝබ්  බ්ලෙන්ඩර්ස්  ආයතනයේ  අධ්‍යක්ෂකවරයෙකු හිඟ  බදුගෙවිමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි ඇත.

මැකලම්  බෘෘවරි ආයතනය විසින්  වසර 15ක වඩා වැඩි කාලයක සිට ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස් නව කෝටි, තිස්තුන් ලක්ෂ, හැත්තෑ අට දහස්, පන්සිය හතලිස් හයකි (593,378,546).  මැකලම්  බෘෘවරිස් නඩුව  අධිකරණයේ විභාග වෙමින් පවතින අතර  එම සමාගම විසින් හිඟ බදු ප්‍රමාණයට සමාන මුදලක්  බැංකුවේ තැන්පත්කොට ඇති බවද ක්‍රම හා විධි කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

ආදායම් පරිපාලන පද්ධතියට වෙන දේ

සුරාබදු දෙපාර්තමෙන්තුවේ  යෝජිත ආදායම් පරිපාලන පද්ධතිය ක්‍රියාවට නැන්වීම   සිදුවන්නේ ඉඹි ගමනේය. කාර්යක්ෂම  ආදායම් පරිපාලනය, සේවාදායකයන් සඳහා  ඉහළ පෙලේ  සේවාවක් ලබාදිම, රාජ්‍ය ආයතන හා දත්ත හුවමාරුව විධිමත් කිරිම  සහ මානව සම්පත්  කළමණාකරණය සඳහා  විධිමත් සැපයුම් දාමයක්  ක්‍රියාත්මක කිරීම ආදි  අරමුණු ඉටුකරගැනිම සඳහා  ආදායම් පරිපාලන  ක්‍රියාවට නැංවිමේ කටයුතු ආරම්භ කරණු ලැබිය. ඒ 2020 වර්ෂයේ දිය .

මෙම පද්ධතියේ  මෘදුකාංග  සංවර්ධනය සදහා   රුපියල් මිලියන 100ක  ප්‍රතිපාදන සලසා තිබුණි. එහෙත්  මේ සඳහා 2022 වර්ෂයේ දි කිසිදු වියදමක්  දරා නොතිබුණි. ඉකුත් වර්ෂයේ දි වෙන්කරනු ලැබු මුදලින්  මිලියන 06ක මුදලක් යොදවා ප්‍රාදේශිය කාර්යාලයක් ඉදිකොට තිබුණි. ඒ අනුව  සුරාබදු දෙපාර්තමෙන්තුවට අදාල බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය, නිෂ්පාදනාගාර අධික්ෂණය, බෙදාහැරිම, හා සැපයුම්දාම නියාමනය, අපරාධ දත්ත හා නීති කළමණාකරණය, සුරා බදු හා  බදු පරිපාලනය ආදි වැදගත් ක්ෂේත්‍ර සඳහා    යෝජිත පරිගණක දත්ත පද්ධතියක අවශ්‍යතාවය  ප්‍රමාද වෙමින් පැවතුණි.

ඩිජිටල් සලකුණ වංචා කළ හැටි

සුරාබදු නිවේදනය අනුව පාරිභෝගිකයා වෙත ළඟාවීමට පෙර   සැම මත්පැන් බෝතලයකම හෝ  කෑන් එකක් මතම අනුමත ඩිජිටල්  සලකුණ මුද්‍රණය වි තිබිය යුතුය .එහෙත්  සුරාබදු දෙපාර්තමේන්තුවේ  ආරක්ෂිත  සලකුණු කළමණාකරණ පද්ධතිය පරික්ෂාකිරිමේ දි  ඩිජිටල් සලකුණ මුද්‍රණයවීම  යන  විධානය  අඛණ්ඩව ක්‍රියාත්ම වී නොතිබුණි.

විගණන වාර්තාවට අනුව  ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය කරණු ලබන ප්‍රධාන සමාගමක  2023 වර්ෂයේ  ජනවාරි 12 සිට  2023 වර්ෂයේ  සැප්තැම්බර් මස 19 දක්වා කාලය තුළ    අවස්ථා 54කදි  මුද්‍රණ යන්ත්‍රය  අක්‍රියව පැවතුණි.

එමෙන්ම සැර මත්පැන්  නිපදවන ප්‍රධාන සමාගමක  2022 ජනවාරි මස 13 දින සිට 2022 දෙසැම්බර් මස  31 දක්වා කාලය තුළ  මුද්‍රණ යන්ත්‍රය අක්‍රියව පැවතුණි. මෙම කාලය තුළ මිලිලිටර්  180 මත්පැන් බෝතල්  3,601,735 ක් සහ  2023 වර්ෂයේ ජනවාරි මස සිට පෙබරවාරි  මස 14 වැනිදින කාලය තුළ  මිලිලිටර් 180 මත්පැන්  බෝතල්  66,335ක්  ඩිජිටල් සලකුණු මුද්‍රණය නොවිම වාර්තා වි තිබුණි. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී හෙළි වූයේ ඩිජිටල් ස්ටිකර් මුද්‍රණය නොවූ මත්පැන් බෝතල් සියල්ලම පාහේ හමුවෙමින් ඇත්තේ ඇලොසියස් හිමිකාරිත්වය සහිත මෙන්ඩිස් සමාගමෙන් බවය.

මෙම වර්ෂයේ  ජනවාරි මස සිට මාර්තු මස 31 දින කාලය තුළ දි නව සුරාබදු බලපත්‍ර 32ක් ලබා දි තිබුණි. මෙම  නව සුරාබදු බලපත්‍ර ලබාදිමෙ ක්‍රම වේදය පිළිබද  ක්‍රම හා විධි කාරක සභාවේ දි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර   විසින් සුරාබදු නිලධාරින්ගෙන් ප්‍රශ්න කරණු ලැබිය.

දේශපාලන හිතවතුන්ට හා ඇතැම් දේශපාලනඥයින්ට ද   අලුතින් සුරාබදු බලපත්‍ර ලබාදි ඇති බවද පැවසේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතියක් වෙනුවෙන් ක්‍රිකට් ගහන හැටි!

Next Post

හරිත සහ දර්ශන තනතුරු අත් හරිති… GMOA නව නිල මඩුල්ල පත් වෙයි! පාදෙනියගෙ කාලේ ගුටි කෙළි මැද උසාවි ගිහින් කරගත්ත වැඩක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.