එළඹෙන යල කන්නය සඳහා පොහොර සහ බිත්තර වී ලබා ගැනීම සම්බන්ධ මූලික සාකච්ඡා පැවැත්වෙමින් ඇති වටපිටාවක කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඇතුළු කෘෂිකර්ම බලධාරීන් හෝ ආණ්ඩුවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කිසිවෙක් දැනුම්වත් නොකර එම මධ්‍යස්ථානය නියෝජනය කරන පුද්ගලික සමාගම් දෙකක් සඳහා දියර පොහොර සැපයීමේ කොන්ත්‍රාත්තුවකට රාජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වීමෙන් ගෙවීම් සිදුකිරීම සම්බන්ධ ව්‍යාකූළ තත්ත්වයක් මතු වී ඇතැයි වාර්තා වේ.
මේ ආකාරයෙන් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජනය කරන පුද්ගලයෙක් සම්බන්ධ බදුල්ලේ එක් ආයතනයක් සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර හැට දහසකට අවශ්‍ය දියර පොහොර නිශ්පාදනයට රුපියල් මිලියන විස්සක මූලික ගෙවීමක් කර ඇතැයි පැවසේ.
එම මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් වන තවත් පුද්ගලයෙකුගේ ආයතනයක් වෙත පුත්තලම, හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර විසි පන්දහක වගාබිම් සඳහා දියර පොහොර සැපයීමට රුපියල් මිලියන දහයක මූලික ගෙවීමක් කර ඇතැයි ද දැනගන්නට තිබේ.
මේ පිළිබඳව කළ විමසීමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ රජයේ කිසිම ආයතනයක් ආයතනික මට්ටමින් දැනුම්වත්ව මෙම ගෙවීම් නොකළ බවත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නට ඇත්තේ කෙසේ දැයි නොදන්නා බවත්ය.
“සල්ලි වෙන් කල ක්‍රමයක් දන්නෙත් නෑ. සමහරවිට පොහොර සහනාධාර සදහා වෙන් කළ මුදල්වලින් ගෙව්වා වෙන්න පුලුවන්. කෙසේ වෙතත් මේ වනතුරු යල කන්නයේ වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය, කාබනික පොහොර නිශ්පාදනය හෝ රසායනික පොහොර ආනයනය, බිත්තර වී සංචිත සම්බන්ධ තක්සේරුව වැනි කිසිම සැලසුමක අවසානය අප ඇවිත් නෑ.“ එම ප්‍රකාශකයා වැඩිදුරටත් ලංකාසරට කීවේය.







