පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ශ්රි ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 582.5ක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ජනවාරි මාසය තුළ දී පමණක් ඩොලර් මිලියන 314.5ක් රටට ලැබී ඇත. පෙබරවාරි මාසය තුළ ලද ආදායම ඩොලර් මිලියන 268කි.
ජනවාරි මාසය තුළ ශ්රි ලංකාවට සංචාරකයන් 82337ක් පැමිණ තිබේ. පෙබරවාරි මාසයේදී සංචාරකයන් 178000කට ආසන්න ප්රමාණයක් පැමිණ ඇත.







