ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය ගැන කථා කිරීමට යැයි පවසා සෞඛ්‍ය ඇමතිවරයාගේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සංවිධානය කර ඇති ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක වැඩ සටහන පිලිබඳව වහාම සොයා බලන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මැතිවරණ කොමසමෙන් ඉල්ලීමක් කරයි.
මෙම ප්‍රචාරක වැඩ සටහන අද (12) සවස 6.00 බත්තරමුල්ල වෝටරස්එජ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේය.
මෙය සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය ගැන කථා කිරීමේ රැස්වීමක් වුවද එයට සහභාගිවීමට ආරාධනා කර ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් යැයිද රවි කුමුදේශ් පවසා සිටියි.
පසුගිය වසර දෙකක් පුරා සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය ගැන කථා කිරිමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එයට කිසිදු අවස්ථාවක් නොදී හිටි හැටියේ ප්‍රතිසංස්කරණය ගැන කථා කිරිමට උවමනාව ඇති වූයේ කෙසේද යන්න ගැටලුවක් යැයිද හෙතෙම ප්‍රශ්න කර සිටියි.
සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක් ගැන කථා කිරීමට නම් එය සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කථා කල යුතුව තිබුණ නමුත් විශාල මුදල් නාස්තියක් සිදුකරමින් තරු හෝටලයක එය පැවැත්වීම විමතියට කරුණක් යැයිද කුමුදේශ් පවසා සිටියි.







