රටේ ස්වභාවික ජෛව සම්පත සැරසූ සුබාහු තුමුල ඇත් රජු ඝාතනය කර ඇති බව සංවේගයෙන් ලියා දන්වමු.
![](http://lankasara.com/wp-content/uploads/2023/09/Subahu.jpg)
වන සතුන් දඩයම් කිරීම සඳහා අවටා තිබූ විදුලිය රැහැනක පටලා මේ සද්දන්තයා මරා දමා ඇති බව ආණමඩුව පොලිසිය වාර්තා කරයි.
ආණමඩුව – වෙම්බුවැව ප්රදේශයේ නිවසක් ආසන්නයේ තිබී මියගිය වන ඇතැගේ සිරුර හමුවී තිබේ.
ඇතා අඩි 10ක් පමණ උසකින් යුක්ත වන අතර ඇතාට අඩි 03ක පමණ දළ යුගලක් ද හිමි විය.
වන ඇතාගේ මරණයට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියා සිටියි