බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුචාතා චුවාංශ්‍රී – රූපත්කම අභිබවමින් මානවීය ගුණයේ ස්වර්ණ වර්ණය ප්‍රකාශ කළ ලෝක රූ රැජනගේ කතාව….

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල –

ලෝක රූ රැජන තරගය ඊයේ රාත්‍රියේ නිමා විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරුපිණිය වූ අනුදි ගුණසේකර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුනේ නැත. එහෙත් ලෝක රූ රැජන තරගාවලියක දී ශ්‍රී ලාංකික යුවතියක මෙතෙක් අත් කරගත් උසස්ම ජයග්‍රහණ ප්‍රමාණයක් ඇය අත් කරගත්තාය. ඇය රූ රැජන තරග ඉතිහාසය ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුත් කළ විශ්වාසයෙන් ප්‍රභාමත් වු දියණියක ලෙස යළි මව් රටට එන්නීය.

අනුදි ගුණසේකර

මෙවර ලෝක රූ රැජන ලෙස කිරුළු පළඳිනු ඇතැයි ලෝකය මහත් සේ විශ්වාස කළ ප්‍රධාන තරගකාරියෝ තිදෙනෙක් වුහ. ඉන් ප්‍රධානම සුරූපිණිය වූයේ සත්කාරක ඉන්දියාවේ රූ රැජන නන්දිනී ගුප්තා ය. නන්දිනී අවසන් පූර්ව වටයේ ස්ථානයක් දිනා ගන්නී ආසියා-ඕෂනියා කලාපය සඳහා ඉහළම නිරූපිකාව ලෙසය. ඇයට ලෝක රූ රැජනවනු ඇතැයි ලෝකයේ බොහෝ දෙනෙක් විශ්වාස කළහ.

එමෙන්ම ලතින් ඇමරිකාව නියෝජනය කළ වැලේරියා ජෙරෙස් සම්බන්ධව ලෝක අවධානය යොමුවන්නේ ඇයගේ රන් සිළුවක් බඳු රූ සපුවට එපිටින් වූ පෞරුෂවත් කාන්තා රූපණය හේතුවෙනි. ඇය නියෝජනය කළේ පුවර්ටෝ රිකෝ දේශය ය. ඇය අවසන් පූර්ව වටයට තේරෙන්නේ ඉදිරිපෙළ තරගකාරිනියක ලෙසිනි.

ඇතන්නා ක්‍රොස්බි එක්සත් ජනපදය නියෝජනය කළාය. ඇතෙනා ගේ චමත්කාරය සහ සංස්කෘතික සම්බන්ධතාවය ඇයට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර දී තිබිණි. ඇයගේ අත්දැකීම් සහ සමාජීය අරමුණු සඳහා කැපවීම හේතුවෙන් ඇගේ ජයග්‍රහණය පිළිබඳ බොහෝ සුබවාදී අනාවැකි පලවිය.


ලතින් ඇමරිකාව නියෝජනය කළ වැලේරියා ජෙරෙස් ( වමේ) සත්කාරක ඉන්දියාවේ රූ රැජන නන්දිනී ගුප්තා ( මැද)  ඇතන්නා ක්‍රොස්බි එක්සත් ජනපදය

එහෙත් ලෝක පුරෝකථනයන් වෙනස් වූයේය. තායිලන්තයේ සුරූපිණිය වූ සුචාතා චුවාංශ්‍රී  ලෝක රූ රැජන කිරුළෙන් අබිසෙස් ලැබුවාය. ඇය මේ විශිෂ්ඨත්වයට පත් කරනු ලැබුවේ ආසියානු කලාපය ය. එමෙන්ම ඇය ඉතිහාසගත වන්නීය. ඒ ලෝක රූ රැජන කිරුළ දිනාගත් මුල්ම තායි තරුණිය බවට පත් වෙමිනි. එම කිරුළ දිනාගත් දෙවැනි අග්නිදිග කලාප සුරූපිනිය වෙමිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කවුද මේ සුචාතා චුවාංශ්‍රී

සුචාතා චුවාංශ්‍රී  2003 සැප්තැම්බර් 20 වන දින තායිලන්තයේ ෆුකෙට් පළාතේ උපත ලැබුවාය. ඇයගේ දෙමව්පියන් දෙමව්පියන් තනෙට් ඩොන්කම්නර්ඩ් සහ සුපත්‍රා චුවාංස්රි ය. සුචාතා පවුල ව්‍යාපාරික පවුලකි. ඔවුන් ෆුකෙට් පළාතේ තලන්ග් නගරයේ පෞද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේය.

ඇය වැඩෙන්නේ අගහිඟකම් රහිත සුව පහසු වටපිටාවකය. සුචාතා    ඇගේ ප්‍රාථමික සහ පහළ ද්විතීයික අධ්‍යාපනය කජොන්කිට්සුක්සා පාසලෙන් සහ උසස් ද්විතීයික අධ්‍යාපනය ට්‍රයම් උදොම් සුක්සා පාසලෙන් සම්පූර්ණ කළාය. තායිලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රමුඛ කලා වැඩසටහන යටතේ එහිදී ඇය චීන භාෂාව ප්‍රධාන විෂයයක් ලෙස ප්‍රගුණ කලාය. ලෝක රූ රැජනවන විට සුචාතා  තායිලන්තයේ සරසවි ශිෂ්‍යාවකි. ඇය තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් හදාරමින් සිටියාය.

සුචාතා චුවාංශ්‍රී

තරග ඉතිහාසය

සුචාතා චුවාංශ්‍රී  මුල්වරට රූ රැජන තරගයක් නියෝජනය කරන්නී 2022 අවුරුද්දේය. ඒ වනවිට ඇයට යන්තම් වයස අවුරුදු 18කි. ඇය එම තරගාවලිය අවසන් කරන්නී තෙවන අනු ශූරිය ලෙසය. එම තරගාවලියේ දී මුල් පළමු අනුශූරිය වූයේ නිකොලීන් ලිම්ස්නුකන්ය. ඇය තරගයෙන් ඉල්ලා අස්වූවාය. නිකොලීන් ලිම්ස්නුකන් 2018 වසරේ තායිලන්ත රූ රැජනය. 2018 වසරේ තායිලන්තය නියෝජනය කරමින් ලෝක රූ රැජන තරගයට තේරුනේ නිකොලීන්ය. විශ්ව රූ රැජන තරගයේ දී නිකොලීනි පළමු අනුශූරතාවය දිනාගත් නමුත් ඇය ඒ සඳහා වූ කොන්ත්‍රාත්තුව පිළිගත්තේ නැත.

නිකොලීනිගේ මෙම ඉල්ලා අස්වීමෙන් අනතුරුව තරග සංවිධායකවරු විශ්ව රූ රැජන තරගයේ දෙවැනි අනුශූරිය ලෙස සුචාතා  උසස් කළහ.

අනතුරුව ඇය තායිලන්තය නියෝජනය කරන්නී 2024 විශ්ව රූ රැජන තරගයටය. 2024 විශ්ව රූ රැජින තරඟාවලියේදී බැංකොක් නියෝජනය කිරීමට සුචාතා    තෝරාගෙන තිබිණි. එම තරගයේ දී ඇය Miss Charming Talent සහ Miss Beauty and Confidence ඇතුළු විශේෂ සම්මාන කිහිපයක් දිනා ගත්තාය තරඟය අවසානයේ, ඇය Miss Universe Thailand 2024 ලෙස කිරුළු පැළඳුවාය.

2024 නොවැම්බර් 17 වන දින මෙක්සිකෝ නගරයේ පැවති Miss Universe 2024 තරඟයේදී සුචාතා   තායිලන්තය නියෝජනය කළාය. ඇය තෙවන අනුශූරිය ලෙස තේරුණාය. එහිදී ඇය Voice for Change – Silver සම්මානය ලබා ගත්තාය.

2025 අප්‍රේල් 22 වන දින, ලෝක රූ රැජින සඳහා තායිලන්තය සිය නියෝජිතයා ලෙස සුචාටා තොරාගෙන තිබිණි. මේ වනවිට ඇය විශ්ව රෑ රැජන – තෙවන අනුශූරිය ලෙස සිය මාස 12ක සම්මුති කාලය පූරණය කර තිබුණේ නැත. සම්මුතිය අනුව ඒ කාලය තුළ වෙනත් ශූරතා තරගාවලියක් වෙනුවෙන් ඇයට පෙනී සිටීම තහනම්ය. මේ හේතුවෙන් 2024 විශ්ව රූ රැජින සංවිධානය ඇයව විශ්ව රූ රැජන තෙවන අනුශූරතා ස්ථානයෙන් ඉවත් කරන බව නිවේදනය කළහ.  ඇය තායිලන්තය වෙනුවෙන් ලෝක රූ රැජන තරය වෙනුවෙන් පෙනී සිටියේ කිරුළක් අත් හරිමිනි.

වයස අවුරුදු 16 දී, ඔපල් ඇගේ පියයුරු වල පිළිකා නොවන සෙන්ටිමීටර 10 ක ගැටිත්තක් ඉවත් කිරීමට සැත්කමකට භාජනය විය. මෙම සෞඛ්‍ය බිය නිසා පියයුරු පිළිකා පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩි කිරීමට ඇය පෙළඹුණාය. ඒ සමාජ සද්කාරවලට ඇය රූ රැජනකගේ සන්නාමය සහිතව එක් වූවාය.

2025 ලෝක රූ රැජින ජයග්‍රහණය

2025 අප්‍රේල් මාසයේදී, ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති Miss World 2025 තරඟයේදී තායිලන්තය නියෝජනය කිරීමට සුචාතා චුවාංශ්‍රී  පත් කරන්නේ මහත් බලාපොරොත්තුවෙනි. ඇය තරඟයේ විශිෂ්ටත්වය දැක්වූ අතර, බහුමාධ්‍ය අභියෝගය ජය ගනිමින් සහ ඉහළම 40 දෙනා අතර ස්ථානයක් ලබා ගත්තාය. ඇයගේ රංගනය අවසන් වූයේ ගෝලීය වේදිකාවේ තායිලන්තය ස්වර්ණ වර්ණයෙන් සලකුණු කළ 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳමිනි.

සුචාතා චුවාංශ්‍රී ගේ පෞද්ගලික අත්දැකීම් සමාජීය හේතූන් සඳහා ඇයගේ කැපවීම, විශේෂයෙන් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට හේතු වී වී තිබිණි. ඇය පිළිකා සත්කාර පදනම තායිලන්තයේ  සිරිරාජ් රෝහල සහ ජාතික පිළිකා ආයතනය වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිය සමාජ මෙහෙවර ඉටු කළාය.

බහු භාෂා මාධ්‍ය හැකියාව

තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා පිළිබඳ සුචාතා චුවාංශ්‍රී  චතුර වූවාය. ඇගේ බහුභාෂා හැකියාවන්, ඇගේ අධ්‍යයන පසුබිම සහ පෞද්ගලිකව ඔරොත්තු දීමේ ශක්තිය ඇය සමාජයේ ඉහළ තැනක ස්ථානගත කර තිබිණි. එමෙන්ම ඇය කාන්තා සෞඛ්‍යය සහ සවිබල ගැන්වීම සඳහා ආදර්ශයක් සපයන ප්‍රායෝගික ගැහැණියක ලෙස සමාජය තුළ ස්ථානගත වී සිටියාය. සුචාතා චුවාංශ්‍රී  ලෝක රූ රැජන වේදිකාවේ බැබලවූ රූපත්කම අභිබවා ගිය මානව ගුණය සම්භාවනාවට පත් වූ අයුරු දුටුවෙමු.

රූ රැජනකගේ විශ්ව අර්ථය  සුචාතා චුවාංශ්‍රී පෙන්නුවාය.  එය අපූරු ප්‍රකාශනයක් බව ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදේශයක දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් නමගිය අපරාධකරුවන් දැයි සැකයක්…

Next Post

වේයන්ගොඩ නයිවලින් කුඩු කිලෝ තුන හමාරක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.