ඊයේ (31) රාත්‍රියේ දී වේයන්ගොඩ නයිවල පුංචි නයිවලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් වේයන්ගොඩ පොලිිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. ඔහු ප්‍රධාන වශයෙන් ඇඟලුම් ව්‍යාපාරයක් කරන ආකාරයෙන් සමාජයේ හැසිරී ඇති තැනැත්තෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.







