රටේ නම ගිය අපරාධකරුවන් තිදෙනෙක් යැයි විශ්වාස කරන සැක කටයුතු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් විදේශයක දී අත් අඩංගුවට පත් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට මෙම ශ්‍රී ලාංකිකයන්ගේ විස්තර වාර්තා අන්තර්ජාතික පොලිිසිය හරහා රටට ගෙන්වාගෙන විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනතුරුත් පුද්ගල අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගෙන නොමැති බව පවසන විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන බව පවසයි.







