fbpx
බදාදා, දෙසැම්බර් 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිහිනෙන්වත් නොසිතෙන සදාචාර විරෝධී ඖෂධ ජාවාරමක පසුපස සිටි සෞඛ්‍ය ලේකම්වරයාගේ  භූමිකාව හෙළිවුන හැටි!

editor by editor
නොවැම්බර් 5, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනිග්ලොබිමින් ගනුදෙනුව පිලිබඳව ඇති   අලුත්ම හෙළිදරව්ව අප තිගස්වන සුළුය.  වාර්තාවන පරිදි  එම එන්නත නිපදවීමට අවශ්‍ය රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙනි.

ජාතික රුධිරපාරවිලයන සේවාවට මිනිසුන් නොමිලේ ලබාදෙන රුධිරයට භෞතික වටිනාකමට වඩා ගැඹුරු සංකල්පීය බරක් තිබේ. එම රුධිරය  උපයෝගි කර ගනිමින් ව්‍යාපාරිකයන් සමග එක්ව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන මෙම ව්‍යාපාරික ගණුදෙනුව කුමක්ද යන්න  පිලිබදව ලංකාසර කළ සොයා බැලීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් කියන කතාව මේ රටේ හදදුරා දූෂිත ස්වරූපය හෙළිවන අඳුරු සිතුවමක් මැවෙන්නේය.

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ඉමියුනිග්ලෝබියුමින්  එන්නත  මෙරටට ගෙන්වුවා යැයි පවසන පුද්ගලයාගේ නීතීඥවරිය විවෘත අධිකරණයේ කී කතාවක් තිබිණි. ඇය කීවේ   මෙම ගනුදෙනුවට   සම්බන්ධ තෝරු මෝරු නිදැල්ලේ පසුවන බවය. එය විචාර බුද්ධියක්  සහිත ඕනෑම  පුද්ගලයෙකුට වැටහෙන ඉතාම ගැඹුරුක් සහිත ඇත්තක් වූ ආකාරය මේ හෙළිදරව්වෙන් කියැවෙන්නේය. 

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

මේ කතාව සංයමයකින් අසන්නට අප ඔබට ඇරයුම් කරන්නේ එබැවිනි. 

සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය

ඉමියුනිග්ලොබිමින්  එන්නත් ගනුදෙනුව සම්බන්ධව   දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු  මේ වසරේ ජනවාරි මුල රුධිරපාරවිලයන  සේවාවේ අධ්‍යක්ෂාවරයා මුණ ගැසී තමන්ට පර්යේෂණයක් සදහා ප්ලස්මා අවශ්‍ය බවට ප්‍රකාශ  කරමින්   ලියවිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිරය නිකුත් කරන ආචාරධාර්මික ක්‍රමවේදයක් තිබේ. ව්‍යාපාරිකයා ඉල්ලූ  මෙම ලියවිල්ලේ  කිසිදු විශ්වවිද්‍යාලයක් , පර්යේෂණ ආයතනයක් හෝ පශ්චාත් උපාධි ආයතනයක නමක් සඳහන් වූයේ නැත. මේ හේතුවෙන්  රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂකවරයා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.  

අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ පවතින නීති රාමුව තුළ  තීන්දු ගන්නා ඉහළම පෙළේ  සෞඛ්‍ය බලධාරියෙකුගේ  අනුමැතියක් නොමැතිව මෙවැනි අවිනිශ්චිත කාරණාවක් සඳහා තමාට ප්ලස්මාව නිකුත් කළ නොහැකි බවය. 

ඒ අනුව අදාල සමාගම් හිමිකරු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ අනුමැතිය ලිඛිතව ලබාගෙන පෙබරවාරි 28 වෙනිදා යළිත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත  පැමිණ තිබිණි. 

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඒ අවස්ථාවේදී කරන්නේ  සෞඛ්‍ය ලේකම්  ජනක චන්ද්‍රගුප්තගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව පුද්ගලික ව්‍යාපාරිකයෙක් රුධිර ප්ලාස්මාව ඉල්ලා ඉදිරිපත් කරන ලේඛනය ආයතනයේ කමිටුවක් වෙත ඉදිරිපත් කිරීමය.  එය පර්යේෂණයන් සඳහා රුධිරය ලබා දිම අනුමත කරන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇති විශේෂඥ කමිටුවකි.   මෙම කමිටුව   ජාතික රුධිරපාරවිලයන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය,    ජ්‍යෙෂ්ඨ  විශේෂඥ වෛද්‍ය නිලධාරී සෙනරත් ජයසේකර,   ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරී ජීවන ගල්හේනගේ,  රුධිරපාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝජා හේරත්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දික රොෂාන් යන විශේෂඥවරුන්ගෙන් සමන්විත වූයේය.

අදාල  පුද්ගලයාගේ ලියවිල් පරික්ෂා කර  මැයි 3වනදා කමිටුවේ නිර්දේශයන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන්නේය.   කමිටුවේ අවසන් නිගමනය ලැබෙන කාලය තුළදි ද මෙම ව්‍යාපාරිකයා  අධ්‍යක්ෂවරයාව කීප වරක් මුණ ගැසී සිය අවශ්‍යතාවය බලවත් බව ප්‍රකාශ කර තිබුණේය.  

ලීටර 2000ක් 

සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත් විසින් නිර්දේශ කර තිබුණු රුධිර ප්ලස්මා ප්‍රමාණය ලීටර් 2000කි.  එහෙත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂවරයා එය ලබා දීම මුලු මනින්ම ප්‍රතික්ෂේප කර තිබිණි. 

මීට අමතරව  මෙම ව්‍යාපාරිකයා යලිත්  සෞඛ්‍ය ලේකම්ගේ ලිඛිත නිර්දේශයක් රැගෙන එන්නේය. ඉන් නිර්දෙශ කරන්නේ   සතියකට රුධිර ප්ලාස්මා මිලි ලීටර  ලීටර් 200 පැකට් 25 බැගින්  මාස 09ක් සඳහා තවත් රුධිර ප්ලාස්මාව   මෙම ව්‍යාපාරිකයාට නිකුත් කරන ලෙසය.   

රුධිරය ලීටර දහස් ගණනක් ලබා දෙන ලෙස  ලේකම්ගේ අනුමැතිය සහිතව ලිපි ඉදිරිපත් කරන මේ පුද්ගලයාට    තම ආයතනය තුළ ඇති විශේෂඥ කමිටුවේ නිර්දේශ ප්‍රකාරව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවයා විසින්  රුධිර ප්ලාස්මාව  ලීටර් 500ක් පමණක් නිකුත් කිරීමට එකඟත්වය පල කරන්නේ මේ පසුබිමේදී ය. 

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් මෙම රුධිර ප්ලාස්මාව ලබා දෙන්නේ  එම රුධිර ප්‍රමාණය   කිසිදු  වානිජ කටයුත්තක් සදහා භාවිත කළ නොහැකි බවටත් භාවිත කළ හැක්කේ පර්යේෂණයක් සඳහා පමණක් බවටත් වූ ලිඛිත පොරොන්දුවක් මතය. 

එමෙන්ම මෙසේ ලබා ගන්නා ප්ලස්මාව සඳහා අත්පිට මුදල් ලබා දිය යුතු බවද රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මෙම පුද්ගලයාට කොන්දේසියක් පැනවූයේය.  මේ අනුව මෙම පුද්ගලයාට ප්ලස්මා ලීටර් 150ක් රුධිරපාරවිලයන සේවාවෙන් පළමු පියවර ලෙස නිකුත් කරනු ලැබුවේය.

රැධිරය විකිණිය හැකි ද?

අප වාර්ෂිකව රුධිර ප්ලාස්මාව ලීටර 40000ක් පමණ භාවිතයට නොගෙන ඉවත් කරනු ලබන්නේය. එම ප්ලාස්මාවෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තාක්ෂණය මේ රට තුළ නැත. එහෙත් රුධීර ප්ලාස්මාව සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක් තිබේ. 

මේ තත්ත්වය තුළ වර්ෂ 2015 දී මෙරට තාක්ෂණය දියුණු වූ පසු ප්ලාස්මාව රට තුළ ප්‍රයෝජනයට ගන්නා තෙක් අතිරික්ත ප්ලාස්මාව විනාශ නොකර විදේශී්‍ය ඖෂධ නිශ්පාදන සමාගම් වෙත නිශ්කාෂණය කරන ලෙසය.  එම මුදල්  රුධිර පාරවිලය සේවාවේ අභිවෘද්ධිය සදහා යෙදවීමටද  කැබිනට් අනුමැතිය හිමි විය.

මේ අනුව විදේශීය සමාගම්වෙත අලෙවි කරන  ඩොලරයේ අගයටම  දේශීය ඉල්ලුම්කරු වෙත ප්ලාස්මාව නිකුත් කිරිමට අධ්‍යක්ෂවරයා තීරණය කළේය.

රුධිර ප්ලාස්මාව භාවිතකර ඖෂධ නිශ්පාදන තාක්ෂණය රට තුළ තිබුණා ද? 

වාර්තාවන පරිදි එම ප්ලාස්මාව යොදාගෙන රටතුළ ඇති ඖෂධ නිශ්පාදනය ආයතනයක් තුළ මෙම ඉමියුනිග්ලොබිමින් ඖෂධය නිශ්පාදනය කර ඇත. එසේනම් එම තාක්ෂණය රට තුළ තිබී ඇත. රට තුළ නිශ්පාදනය කළ ඖෂධය ඉන්දීය සමාගමකින් ගෙන්වා ගත්තා සේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිදහස් කරගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැමිණ තිබේ.  

මේ කරුණු ඔස්සේ හෙළිදරව් වන තවත් කාරණයක් ඇත. එය බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන ඖෂධ මාෆියාවේ සාහසික ඇත්ත හෙළිදරව් කරන්නකි.

තාක්ෂණය සහිත දේශීය නිශ්පාදකයෙක් සිටීනම් ඔහුව නියාමනය කර මෙම ඖෂධය රට තුළ නිශ්පාදනය කළ හැකිද  යන්න සාධාරණ ක්‍රමවේදයක් තුළ විමසා තිබුණා ද?. එසේ නොබැලුවේ ඇයි?. රුධිර ප්ලාස්මාව විදේශී්‍ය ඖෂධ සමාගම්වෙත අලෙවි කළ හැකිව තිබුණේ දේශීය තාක්ෂණය ස්ථාපිත වනතුරු පමණක් බව සිහි කළ යුතුය.    

ඖෂධ නිශ්පාදන සමාගමක් යනු බිබිල මයියංගන පාරේ අප්‍රකට තේ කඩයක් නොවේ. මේ ආයතනය පිහිටුවා ඇත්තේ පාන් බනිස් හදන්නට නොව ඖෂධ නිශ්පාදනයට බව සහතික වි ඇතිනම් ඖෂධයක් නිශ්පාදනය කිරීමේ  තාක්ෂණයේ ප්‍රමිතිය සම්බන්ධව තහවුරු කිරීමක් කිරීමේ වගකීම රට සතුය. එම තාක්ෂණය නොමැතිනම්, වගකීම නොමැති නම් එවැනි ආයතනයක් රට තුළ පවත්වාගෙන යන්නට ඉඩ දුන්නේ ඇයි. එය සමූහ ඝාතනයකට නොදෙවෙනි අපරාධයකි. 

අනෙක මේ රුධිර ප්ලාස්මාව මෙම ව්‍යාපාරිකයා ඩොලර් මිලට ලබා ගන්නේ සුප් හදන්නට නොව ඖෂධ නිශ්පාදනය සඳහා බව නොදැන සෞඛ්‍ය ලේකම් ලියැවිල්ලකට අත්සන් කරන්නේ නැත. ඒ දැනුම්වත් භාවය සහිතව මෙම රුධිර ප්ලාස්මාව ලබා ගන්නට ව්‍යාපාරිකයාට ඔහු අවසර දුන්නේ නම් මෙම ඖෂධ නිශ්පාදන තාක්ෂණයේ වගකීම් සහගත භාවය සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයාට තක්සේරුවක් තිබිය යුතුය. එම තක්සේරුව නැතිව මෙම ප්ලාස්මාව නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත නිර්දේශ කළා නම් මේ  මිනීමරන අපරාධය කර ඇත්තේ ඔහුය. ඔහුගේ අනුදැනුම සහ නිර්දේශය මතය. 

එමෙන්ම එම ප්ලාස්මාව භාවිතයෙන් රට තුළ ප්‍රමිතිගත ඖෂධයක් නිශ්පාදනය කළ හැකි බවට වූ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහතිකය තාක්ෂණිකව වලංගුනම් එම නිශ්පාදන ආයතනය රට තුළ යථාර්ථයක් කිරීමට ඉඩ නොදෙන ඖෂධ මාෆියාවේ බිහිසුණු අඳුරු ස්වරූපය මේ රටේ කාලකණ්ණි ස්වභාවය මතු කරන බව ලියා තැබිය යුතුය.

තවමත් හෙළි නොවුන කාලකණ්ණි අඳුරු අහුමුළු මෙම ගනුදෙනුව පසුපස තිබේ.  අපට පෙනෙන්නේ අප අන්ත දූෂිත කාලකණ්ණි පිශාචයින් පිරිසක් විසින් බිහිසුණු ලෙස හපකරමින් සිටිනා ජාතිකයක් බවය. 

 

Tags: නවතමවිශේෂ
Share237Tweet148

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

Next Post

ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක්…. ශම්මි ඇතුළු කණ්ඩායම ගෙදර… ක්‍රීඩා ඇමති අර්ජුනට ක්‍රිකට් වැඩේ බාර දෙයි….

RelatedPosts

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
පුවත්

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
පුවත්

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!
පුවත්

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

දෙසැම්බර් 5, 2023
Next Post
sri-lanka-cricket

ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක්.... ශම්මි ඇතුළු කණ්ඩායම ගෙදර... ක්‍රීඩා ඇමති අර්ජුනට ක්‍රිකට් වැඩේ බාර දෙයි....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

    කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    401 shares
    Share 160 Tweet 100
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5551 shares
    Share 2220 Tweet 1388
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

    306 shares
    Share 122 Tweet 77
  • අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

    276 shares
    Share 110 Tweet 69
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

    260 shares
    Share 104 Tweet 65
  • යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

    220 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
0

බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
0

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Cricket-case

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
0

Kandy Municipal Council

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

නවතම ලිපි

Elpitiya- Pradeshiya-Sabha

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

by editor
දෙසැම්බර් 5, 2023
0

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා  ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට යන ෂම්මි මුදල්වලට වග වුනු හැටි… වග වෙනවා නම් ෂම්මි වගේ වෙන්න…

by editor
දෙසැම්බර් 5, 2023
0

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

කටගොන්නක් බී ගෙන නඩු කටයුත්තකට අධිකරණයට පැමිණි පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

Vladimir-Zavadsky,

රුසියානු හමුදා ප්‍රධානියෙක් යුක්‍රේන ප්‍රහාරයකින් ඝාතනය වෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Femaler-Arrested

පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරකමක් කළැයි  නාවික හමුදා සෙබලියක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 5, 2023
0

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
  • බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
  • ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.