බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිහිනෙන්වත් නොසිතෙන සදාචාර විරෝධී ඖෂධ ජාවාරමක පසුපස සිටි සෞඛ්‍ය ලේකම්වරයාගේ  භූමිකාව හෙළිවුන හැටි!

by editor
නොවැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනිග්ලොබිමින් ගනුදෙනුව පිලිබඳව ඇති   අලුත්ම හෙළිදරව්ව අප තිගස්වන සුළුය.  වාර්තාවන පරිදි  එම එන්නත නිපදවීමට අවශ්‍ය රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙනි.

ජාතික රුධිරපාරවිලයන සේවාවට මිනිසුන් නොමිලේ ලබාදෙන රුධිරයට භෞතික වටිනාකමට වඩා ගැඹුරු සංකල්පීය බරක් තිබේ. එම රුධිරය  උපයෝගි කර ගනිමින් ව්‍යාපාරිකයන් සමග එක්ව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන මෙම ව්‍යාපාරික ගණුදෙනුව කුමක්ද යන්න  පිලිබදව ලංකාසර කළ සොයා බැලීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් කියන කතාව මේ රටේ හදදුරා දූෂිත ස්වරූපය හෙළිවන අඳුරු සිතුවමක් මැවෙන්නේය.

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ඉමියුනිග්ලෝබියුමින්  එන්නත  මෙරටට ගෙන්වුවා යැයි පවසන පුද්ගලයාගේ නීතීඥවරිය විවෘත අධිකරණයේ කී කතාවක් තිබිණි. ඇය කීවේ   මෙම ගනුදෙනුවට   සම්බන්ධ තෝරු මෝරු නිදැල්ලේ පසුවන බවය. එය විචාර බුද්ධියක්  සහිත ඕනෑම  පුද්ගලයෙකුට වැටහෙන ඉතාම ගැඹුරුක් සහිත ඇත්තක් වූ ආකාරය මේ හෙළිදරව්වෙන් කියැවෙන්නේය. 

මේ කතාව සංයමයකින් අසන්නට අප ඔබට ඇරයුම් කරන්නේ එබැවිනි. 

සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය

ඉමියුනිග්ලොබිමින්  එන්නත් ගනුදෙනුව සම්බන්ධව   දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු  මේ වසරේ ජනවාරි මුල රුධිරපාරවිලයන  සේවාවේ අධ්‍යක්ෂාවරයා මුණ ගැසී තමන්ට පර්යේෂණයක් සදහා ප්ලස්මා අවශ්‍ය බවට ප්‍රකාශ  කරමින්   ලියවිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිරය නිකුත් කරන ආචාරධාර්මික ක්‍රමවේදයක් තිබේ. ව්‍යාපාරිකයා ඉල්ලූ  මෙම ලියවිල්ලේ  කිසිදු විශ්වවිද්‍යාලයක් , පර්යේෂණ ආයතනයක් හෝ පශ්චාත් උපාධි ආයතනයක නමක් සඳහන් වූයේ නැත. මේ හේතුවෙන්  රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂකවරයා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.  

අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ පවතින නීති රාමුව තුළ  තීන්දු ගන්නා ඉහළම පෙළේ  සෞඛ්‍ය බලධාරියෙකුගේ  අනුමැතියක් නොමැතිව මෙවැනි අවිනිශ්චිත කාරණාවක් සඳහා තමාට ප්ලස්මාව නිකුත් කළ නොහැකි බවය. 

ඒ අනුව අදාල සමාගම් හිමිකරු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ අනුමැතිය ලිඛිතව ලබාගෙන පෙබරවාරි 28 වෙනිදා යළිත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත  පැමිණ තිබිණි. 

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඒ අවස්ථාවේදී කරන්නේ  සෞඛ්‍ය ලේකම්  ජනක චන්ද්‍රගුප්තගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව පුද්ගලික ව්‍යාපාරිකයෙක් රුධිර ප්ලාස්මාව ඉල්ලා ඉදිරිපත් කරන ලේඛනය ආයතනයේ කමිටුවක් වෙත ඉදිරිපත් කිරීමය.  එය පර්යේෂණයන් සඳහා රුධිරය ලබා දිම අනුමත කරන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇති විශේෂඥ කමිටුවකි.   මෙම කමිටුව   ජාතික රුධිරපාරවිලයන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය,    ජ්‍යෙෂ්ඨ  විශේෂඥ වෛද්‍ය නිලධාරී සෙනරත් ජයසේකර,   ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරී ජීවන ගල්හේනගේ,  රුධිරපාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝජා හේරත්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දික රොෂාන් යන විශේෂඥවරුන්ගෙන් සමන්විත වූයේය.

අදාල  පුද්ගලයාගේ ලියවිල් පරික්ෂා කර  මැයි 3වනදා කමිටුවේ නිර්දේශයන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන්නේය.   කමිටුවේ අවසන් නිගමනය ලැබෙන කාලය තුළදි ද මෙම ව්‍යාපාරිකයා  අධ්‍යක්ෂවරයාව කීප වරක් මුණ ගැසී සිය අවශ්‍යතාවය බලවත් බව ප්‍රකාශ කර තිබුණේය.  

ලීටර 2000ක් 

සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත් විසින් නිර්දේශ කර තිබුණු රුධිර ප්ලස්මා ප්‍රමාණය ලීටර් 2000කි.  එහෙත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂවරයා එය ලබා දීම මුලු මනින්ම ප්‍රතික්ෂේප කර තිබිණි. 

මීට අමතරව  මෙම ව්‍යාපාරිකයා යලිත්  සෞඛ්‍ය ලේකම්ගේ ලිඛිත නිර්දේශයක් රැගෙන එන්නේය. ඉන් නිර්දෙශ කරන්නේ   සතියකට රුධිර ප්ලාස්මා මිලි ලීටර  ලීටර් 200 පැකට් 25 බැගින්  මාස 09ක් සඳහා තවත් රුධිර ප්ලාස්මාව   මෙම ව්‍යාපාරිකයාට නිකුත් කරන ලෙසය.   

රුධිරය ලීටර දහස් ගණනක් ලබා දෙන ලෙස  ලේකම්ගේ අනුමැතිය සහිතව ලිපි ඉදිරිපත් කරන මේ පුද්ගලයාට    තම ආයතනය තුළ ඇති විශේෂඥ කමිටුවේ නිර්දේශ ප්‍රකාරව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවයා විසින්  රුධිර ප්ලාස්මාව  ලීටර් 500ක් පමණක් නිකුත් කිරීමට එකඟත්වය පල කරන්නේ මේ පසුබිමේදී ය. 

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් මෙම රුධිර ප්ලාස්මාව ලබා දෙන්නේ  එම රුධිර ප්‍රමාණය   කිසිදු  වානිජ කටයුත්තක් සදහා භාවිත කළ නොහැකි බවටත් භාවිත කළ හැක්කේ පර්යේෂණයක් සඳහා පමණක් බවටත් වූ ලිඛිත පොරොන්දුවක් මතය. 

එමෙන්ම මෙසේ ලබා ගන්නා ප්ලස්මාව සඳහා අත්පිට මුදල් ලබා දිය යුතු බවද රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මෙම පුද්ගලයාට කොන්දේසියක් පැනවූයේය.  මේ අනුව මෙම පුද්ගලයාට ප්ලස්මා ලීටර් 150ක් රුධිරපාරවිලයන සේවාවෙන් පළමු පියවර ලෙස නිකුත් කරනු ලැබුවේය.

රැධිරය විකිණිය හැකි ද?

අප වාර්ෂිකව රුධිර ප්ලාස්මාව ලීටර 40000ක් පමණ භාවිතයට නොගෙන ඉවත් කරනු ලබන්නේය. එම ප්ලාස්මාවෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තාක්ෂණය මේ රට තුළ නැත. එහෙත් රුධීර ප්ලාස්මාව සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක් තිබේ. 

මේ තත්ත්වය තුළ වර්ෂ 2015 දී මෙරට තාක්ෂණය දියුණු වූ පසු ප්ලාස්මාව රට තුළ ප්‍රයෝජනයට ගන්නා තෙක් අතිරික්ත ප්ලාස්මාව විනාශ නොකර විදේශී්‍ය ඖෂධ නිශ්පාදන සමාගම් වෙත නිශ්කාෂණය කරන ලෙසය.  එම මුදල්  රුධිර පාරවිලය සේවාවේ අභිවෘද්ධිය සදහා යෙදවීමටද  කැබිනට් අනුමැතිය හිමි විය.

මේ අනුව විදේශීය සමාගම්වෙත අලෙවි කරන  ඩොලරයේ අගයටම  දේශීය ඉල්ලුම්කරු වෙත ප්ලාස්මාව නිකුත් කිරිමට අධ්‍යක්ෂවරයා තීරණය කළේය.

රුධිර ප්ලාස්මාව භාවිතකර ඖෂධ නිශ්පාදන තාක්ෂණය රට තුළ තිබුණා ද? 

වාර්තාවන පරිදි එම ප්ලාස්මාව යොදාගෙන රටතුළ ඇති ඖෂධ නිශ්පාදනය ආයතනයක් තුළ මෙම ඉමියුනිග්ලොබිමින් ඖෂධය නිශ්පාදනය කර ඇත. එසේනම් එම තාක්ෂණය රට තුළ තිබී ඇත. රට තුළ නිශ්පාදනය කළ ඖෂධය ඉන්දීය සමාගමකින් ගෙන්වා ගත්තා සේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිදහස් කරගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැමිණ තිබේ.  

මේ කරුණු ඔස්සේ හෙළිදරව් වන තවත් කාරණයක් ඇත. එය බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන ඖෂධ මාෆියාවේ සාහසික ඇත්ත හෙළිදරව් කරන්නකි.

තාක්ෂණය සහිත දේශීය නිශ්පාදකයෙක් සිටීනම් ඔහුව නියාමනය කර මෙම ඖෂධය රට තුළ නිශ්පාදනය කළ හැකිද  යන්න සාධාරණ ක්‍රමවේදයක් තුළ විමසා තිබුණා ද?. එසේ නොබැලුවේ ඇයි?. රුධිර ප්ලාස්මාව විදේශී්‍ය ඖෂධ සමාගම්වෙත අලෙවි කළ හැකිව තිබුණේ දේශීය තාක්ෂණය ස්ථාපිත වනතුරු පමණක් බව සිහි කළ යුතුය.    

ඖෂධ නිශ්පාදන සමාගමක් යනු බිබිල මයියංගන පාරේ අප්‍රකට තේ කඩයක් නොවේ. මේ ආයතනය පිහිටුවා ඇත්තේ පාන් බනිස් හදන්නට නොව ඖෂධ නිශ්පාදනයට බව සහතික වි ඇතිනම් ඖෂධයක් නිශ්පාදනය කිරීමේ  තාක්ෂණයේ ප්‍රමිතිය සම්බන්ධව තහවුරු කිරීමක් කිරීමේ වගකීම රට සතුය. එම තාක්ෂණය නොමැතිනම්, වගකීම නොමැති නම් එවැනි ආයතනයක් රට තුළ පවත්වාගෙන යන්නට ඉඩ දුන්නේ ඇයි. එය සමූහ ඝාතනයකට නොදෙවෙනි අපරාධයකි. 

අනෙක මේ රුධිර ප්ලාස්මාව මෙම ව්‍යාපාරිකයා ඩොලර් මිලට ලබා ගන්නේ සුප් හදන්නට නොව ඖෂධ නිශ්පාදනය සඳහා බව නොදැන සෞඛ්‍ය ලේකම් ලියැවිල්ලකට අත්සන් කරන්නේ නැත. ඒ දැනුම්වත් භාවය සහිතව මෙම රුධිර ප්ලාස්මාව ලබා ගන්නට ව්‍යාපාරිකයාට ඔහු අවසර දුන්නේ නම් මෙම ඖෂධ නිශ්පාදන තාක්ෂණයේ වගකීම් සහගත භාවය සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයාට තක්සේරුවක් තිබිය යුතුය. එම තක්සේරුව නැතිව මෙම ප්ලාස්මාව නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත නිර්දේශ කළා නම් මේ  මිනීමරන අපරාධය කර ඇත්තේ ඔහුය. ඔහුගේ අනුදැනුම සහ නිර්දේශය මතය. 

එමෙන්ම එම ප්ලාස්මාව භාවිතයෙන් රට තුළ ප්‍රමිතිගත ඖෂධයක් නිශ්පාදනය කළ හැකි බවට වූ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහතිකය තාක්ෂණිකව වලංගුනම් එම නිශ්පාදන ආයතනය රට තුළ යථාර්ථයක් කිරීමට ඉඩ නොදෙන ඖෂධ මාෆියාවේ බිහිසුණු අඳුරු ස්වරූපය මේ රටේ කාලකණ්ණි ස්වභාවය මතු කරන බව ලියා තැබිය යුතුය.

තවමත් හෙළි නොවුන කාලකණ්ණි අඳුරු අහුමුළු මෙම ගනුදෙනුව පසුපස තිබේ.  අපට පෙනෙන්නේ අප අන්ත දූෂිත කාලකණ්ණි පිශාචයින් පිරිසක් විසින් බිහිසුණු ලෙස හපකරමින් සිටිනා ජාතිකයක් බවය. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

Next Post

ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක්…. ශම්මි ඇතුළු කණ්ඩායම ගෙදර… ක්‍රීඩා ඇමති අර්ජුනට ක්‍රිකට් වැඩේ බාර දෙයි….

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.