බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල ජනතාවගේ නම කැත කර උතුරේ ජනතාවට තර්ජනය කළ අනුර දිසානායක උතුරෙන් සහ දකුණෙන් සමාව ගත යුතුයි! ජනපති කියයි!

by editor
සැප්තැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුර කුමාර දිසානායක යාපනයේ ජනතාවට තර්ජනය කර ඇති බවත් ඔහු වහාම සමාව ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (08) යාපනයේ පැවති ජන රැළියක් අමතමින් ප්‍රකාශ කළේය.

යාපනයේ පැවති ජන හමුවක් අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

අනුර දසානායක ඇවිත් ඔබේ ඡන්දය ඉල්ලුවා. මොකක්ද එයා කිව්වේ… “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී තිබිය දී එම වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත් වුනොත් කුමණ මනෝ භාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වේදැයි සිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමති ද?. උතුර හඳුන්වන එකට ඔබ කැමති ද?
මම ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්වන්න ඕන. ඊට එරෙහිවූවන් ලෙස ඔබ පත්වන්න එපා කවදාවත්.”

“මේ කියන්නේ අනුර දිසානායක යාපනේ ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දෙ දුන් නැතිනම් බලාගනින් කියනවා. ඒක මම හෙළා දකිනවා.”

“අපි 2010 ජනාධිපතිවරණයට මෙහෙ ආවා. මෙහෙ ජනතාවට අපි කිව්වා ෆොන්සේකට ඡන්දය දෙන්න කියලා. ඒ ජනතාව ෆොන්සේකට ඡන්දය දුන්නා. දකුණෙ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව ඔයගොල්ලන්ට ගැහුව ද?. මුකුත් සිදුවුනේ නෑ. ඒ වගේම ගියා. අන්තිමට ඩග්ලස් දේවානන්දට ඇමති කමකුත් දුන්නා. ඉතින් තව මොනව ද කරන්නේ.
2015 මොනවද අපි කරන්නේ. මම කිව්වා දෙන්න මෛත්‍රීපාල සිරිසේනට. දකුණේ ජනතාව දුන්නා මහින්ද රාජපක්ෂට. අපි දින්නා. මොකුත් වුනේ නෑ.”

“2019 මොකක් ද වුනේ. යාපනය දුන්නා සජිත් ප්‍රේමදාසට. සිංහල මිනිස්සු දුන්නා ගෝඨාභය රාජපක්ෂට. ගෝඨාභය හමුදාව අරන් ආවෙ නෑ මෙහාට. අපි හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අරන් ඇවිත් තියනවා.”

“අනුර දිසානායක දිනන්නේ නෑ. ඒක මම සහතික කරන්නම්. දකුණෙ මිනිස්සුත් බය කරන්න හදනවා. උතුරෙ මිනිස්සුත් බය කරන්න හදනවා ජනතා විමුක්ති පෙරමුණේ ස්ටයිල් එකට.”

“මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා වහාම යාපනයේ ජනතාවගෙන් උතුරෙ ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා මම කියනවා. සිංහල මිනිස්සුන්ගේ නම පාවිච්චි කරලා කැත කරපු නිසා සිංහල මිනිස්සුන්ගෙනුත් සමාව ඉල්ලන්න කියනවා.”

“ඊට පස්සේ ගිහින් විපක්ෂයේ වාඩිවෙන්න කියනවා. යාපනයට එන්න බෑ නෙ. මේක කැතයි කැතයි කැතයි කියනවා මම..”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලතා රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වෙයි… වැලිමඩ රනිල්ට පුලුවන් රැළියේ වේදිකාවට ගොඩවෙයි!

Next Post

රනිල්… මම නෙමෙයි… ඔයා දෙමළ ජනතාවගෙන් සමාව ගන්න… ඔයා තව බඩු ගන්නේ පරණ බඩු කඩෙන්… අනුර ජනපතිට කියයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.