පසුගිය 04 වැනිදා සපුගස්කන්ද ප්රදේශයේ කුණුගොඩක තිබී හමුවූ කාන්තා මළ සිරුරේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුව අත්අඩංගුවට අද ( 09) පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රොසානා නැමැති කාන්තාවගේ සොයුරා වන මෙම පුද්ගලයා වැල්ලම්පිටිය ප්රදේශයේ නිවසක දැඟව සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ මරා දමා තිබුණේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් සාෂි ෆාතිමා මුම්ටාස් නැවැති 44 හැවිරිදි කාන්තාවකි.
මෙම ඝාතනය සම්බන්ධව සැකපිට අද අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුගේ සොයුරිය සහ සැමියා පසුගිය 06 දා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරුවන්ගෙන් කළ ප්රශ්නකිරීම්වලදී හෙළි වී තිබුණේ මරා දැමූ ෆාතිමා තේ පානය සඳහා යැයි කියමින් සමිට්පුර පිහිටි ඝාතකයන්ගේ නිවසට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරා දමා ඇති බවය. පොලු පහර එල්ල කර කාන්තාව ඝාතනය කර ඇති බව කියන්නේ අද අත්අඩංගුවට ගත් පුද්ගලයා ය.
පසුව මළ සිරුර ලොරියකින් ප්රවාහනය කර වැල්ලම්පිටියේ දී ත්රි රෝද රථයකට පටවාගෙන සපුගස්කන්ද කුණුගොඩ වෙත දමා ඇත්තේත් මේ පුද්ගලයා විසින් බව දැනට අනාවරණය වී ඇත.
අද අත්අඩංගුවට ගත් පුද්ගලයා ෆාතිමාගේ රන් ආභරණ සහ මුදල් රැගෙන පලාගොස් සඟවී සිට ඇත.
කියවන්න…
ඝාතකයෝ කොටු වෙති! සපුගස්කන්දේ කුණුගොඩකින් හමුවූ කාන්තා මළ සිරුරේ සියලු රහස් හෙළි වේ!







