සමගි ජන බලවේගයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී මීට දින තුනකට පෙර එම පක්ෂය හැරදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවචෙනය කරමින් අද (17) පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේය.
ඔහු එම පුවත්පත් සාකච්ඡාව කැඳවා ප්‍රකාශ කලේ රටේ බොහෝ වගකිවයුතු නායකයින්, ආගමික ප්‍රධානීන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදු දහමට කළ අපහාසය පිළිබඳව සිය මතය ප්‍රකාශ කළ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එවැනි මතයක් ප්‍රකාශ නොකිරීම පසුපස ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහු අතර යම් ගනුදෙනුවක් ඇතිදැයි සැක සිතෙන බවය.
ඔහු මේසේ ප්‍රකාශ කළේය.
“ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු විසින් බුදුන්වහන්සේට අපහාස කරමින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම රටේ විවිධ අය තමන්ගේ මත ප්‍රකාශ කර තිබුණා.”
”ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේත් විවිධ අය මත පළ කරමින් විවේචනය කර තිබෙනවා අපිට දකින්න පුලුවන් වුණා. මේ සිදුවීම ඉතාමත් ඉක්මනින් රට පුරා පැතිර ගියා. පසුව ජනාධිපතිවරයාත් මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණා.”
“වගකීම් විරහිත ප්‍රකාශ සිදුකිරීම නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. “
“රට පුරා විවිධ ආගමික නායකයින් මේ සම්බන්ධයෙන් මත පළ කර තිබුනා. මේ මොහොත වන විට ඔහු රටින් පැන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් රට පුරා මහජනතාවගේ ප්‍රධාන මාතෘකාවක් වූ මේ පුද්ගලයා පිළිබඳව අපේ හිටපු නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නොපෙනුනේ ඇයිද කියා මා එතුමාගෙන් ප්‍රශ්න කර සිටිනවා.”
“එතුමා සෑම විටම පවසන්නේ තමන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා නායකයෙක් යනුවෙන්. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා කැප වෙනවා කියලත් එතුමාම කියා ගන්නවා. “
“නමුත් මෙවැනි ප්‍රකාශ සිදුකර රටේ ජාතික සමගියට බාධාවක් ඇතිකරන අය ගැන එතුමා දන්නේ නැහැ. එතුමා ඒ ගැන මුණිවත රකිනවා. “
“කොහොම නමුත් මේ සෑම දේකින්ම අපිට හොඳට පැහැදිලි වෙනවා එතුමාට කිසිම විටකින් රට හෝ මහජනතාව ආරක්ෂාව කිරීමට උවමනාවක් නැති බව. එතුමාට අවශ්‍ය කරන්නේ තමන්ගේ අවශ්‍යතා වුවමනා මුදුන්පත් කර ගැනීම පමණයි. එතුමා පුරසාරම් දොඩන්නේ තමන් වෙනුවෙන්. වේදිකාවල නැගලා මහ හයියෙන් ජනතා නායකයා කියා තමන් විසින්ම කියා ගත්තාට එතුමා රට තුළ සිදුවන දේවල් පිළිබඳවත් අවබෝධයක් නැති බව අපට පේනවා. “
“එහෙම නැතිනම් මේ ජෙරම් ප්‍රනාන්දු කියන අයත් සමඟ විපක්ෂ නායකතුමාගේ මොනයම් හෝ වෙනත් සබඳතාවයක් තියෙනවාද යන්න කියලත් අපිට දැන් සැකයක් ඇති වී තිබෙනවා. ඔහු මේ ගැන වහාම රටේ මහජනතාව දැනුවත් කළ යුතුයි. “
“කෙසේ හෝ ඉතාමත් ඉක්මනින් ජෙරම් ප්‍රනාන්දු යන අය පිළිබඳව තමන්ගේ සහ තමන්ගේ පක්ෂයේ ස්ථාවරය රටේ මහජනතාවට ඉදිරිපත් කරන ලෙස මම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේ මොහොතේදී ඉල්ලා සිටිනවා.”







