ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධව සෑම අතින්ම සැකයට භාජනය වී ඇති පුද්ගලයෙක් සම්බන්ධව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමරශන කොට්ඨාසය දැඩි අවධානයට ලක් වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම තැනැත්තා තවමත් අත්අඩංගුවට ගෙන නැත්තේ ඔහු සම්බන්ධ ශක්තිමත් සාක්ෂි තහවුරු වනතුරු බව ද එම විමර්ශන අංශ කියයි.
විමර්ශන ක්‍රියාවලිය නොමග යැවීමටත් උත්සාහ ගෙන ඇති මෙම පුද්ගලයාගේ හැසිරීම ඉතාම සමීප ආවේශනය කරමින්, ඝාතන සිද්ධිය දිනයේත් ඉන් පෙර සහ පසුත් ඔහු රැඳී සිටි ස්ථාන පිලිබඳ අවධානය සහිතව පරීක්ෂණ කටයුතු දියත්ව ඇති බව ද, පවතින සංකීර්ණ දුරකථන දත්ත විශ්ලේෂණය ක්‍රියාවලිය අවසන් වනවිට ඔහුව අත්අඩංගුවට ගත හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පළ කරයි.
යම් ආකාරයකට මේ තැනැත්තා ඝාතන සිද්ධියට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බව තහවුරු වුවහොත් එතැනින් මේ සංකීර්ණය විසඳා ගත හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.







