බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි… විමර්ශන යට ගහපු හොර වාහන 430ක ලිස්ට් එකක් CID එකේ… වටේ යන්නේ නැතිව වැඩේ පටන් ගන්න!

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

එකලස් කරන ලද හෝ, ලියාපදිංචි නොකළ වාහන හෝ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන සම්බන්ධව මේ වනවිට බරපතල සංවාදයක් ඇති වී තිබේ. පොලිසියත් පිටපොට ගසාගෙන මහජන සහාය ඇතිව මේ වනවිට වාහන සොයාගෙන යන අයුරු පෙනේ. දැන් එය සමාජය ආතල් ගන්නා අලුත් ට්‍රෙන්ඩ් ඒකක් වීමට ඉඩ නොදී මේ කුප්ප කුපාඩි වැඩේ අදාල බරකින් යුතුව සිදු නොකරනවා නම් කැට දමා කියන්නට හැකිය,  තව සතියක් යන්නට පෙර මෙය පට්ට ජෝක් ඒකක් වන්නේය.

වාහන අවභාවිතා වීම, විශේෂයෙන්ම කෝටි ගණන්වල රජයේ වාහන අවභාවිතා වීම දැවැන්ත බරක් තැබිය යුතු අපරාධයකි. එය පසුගිය කාලය පුරා සිදුවෙමින් තිබුණේ අතිශය නින්දිත ලෙසය. විගණනය වාහන සිය ගණන් අතුරුදහන්වීම සම්බන්ධව වාර්තා කළේය. ඒවැනි ප්‍රශ්නගත වාහන ගණනාවක් අතුරුදහන් වන්නේ බන්දුල ගුණවර්ධන යටතේ පැවති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලය.

ආසන්නම උදාහරණය මතුවන්නේ මීට දින දෙකකට පෙරය. කොලොන්නාව දැන්වීම් ප්‍රචාරක ආයතනයක තිබී සැක කටයුතු ඩබල් කැබ් රථයක් ගොතටුව පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේය. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ආයතනයෙන් ඒම වාහනය පිළිබඳ තොරතුරු සොයා බලනවිට එම වාහනය මාර්ගසංවර්ධන අධිකාරියට අයත් වාහනයක් බව අනාවරණය වන්නේය. මෙම වාහනය පුරා අවුරුදු 03ක් තිබී ඇත්තේ මෙම දැන්වීම් ප්‍රචාරක ආයතනයේය. පොලිසිය ඒ් ගැන දැන් විමර්ශනය කරන බව ප්‍රකාශිතය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ සමග අධි සුඛෝපභෝගී වාහන සඟවා තිබෙද්දී හමුවන්නේය. ඇතැම් වාහන මහ පාරේ දමා ගොස් තිබිය දී පොලිසියෙන් සොයා ගන්නේය. රජයේ වාහන ගණනාවක් තවමත් ආගිය අතක් නැත. මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලින්, සමාජයේ බලවත් පුද්ගලයින්ගේ නිවෙස්වලින් සැකකටයුතු බව කී වාහන බොහෝමයක් රේගුවේ හෝ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති හොරෙන් ඒකලස්කළ වාහනය. අදත් ජොන්ස්ටන්ට අයත් බව කියන සැකකටයුතු වාහනයක් පන්නිපිටිය ලියනගොඩ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකින් හමුවන්නේය. පොලිසිය කියන්නේ රත්තරන් පොරෝගත් දෙවියන්ගේ නියෝජිත ගාලතැන්න කපුවා ලඟ නීති විරෝධී වාහන 07ක් ඇති බව සොයා ගත් ආකාරය ය.

CIDයේ තියන නීති විරෝධී වාහන ලයිස්තුව –

මේ සියල්ල රටට පෙනෙන්නට සිදුවෙමින් ඇත්තේය. එහෙත් ඩොලර් මිලියන ගණනක් රටට අහිමිකරන තුච්ච වාහන ජාවාරමේ නිවැරදිම තොරතුරු මේ වනවිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේය. අප දන්නා පරිදි ඒම විමර්ශන කිසිවක් මේ වනවිටත් සිදුවන්නේ නැත. මේ අපරාධයේ ස්වරූපය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගයාන් කුමාර වීරසිංහ පසුගිය වසරේ අගෝස්තුවේ දී සියලුම තොරතුරු සමග රටට හෙළි කළේය.

නීති විරෝධීව මේ රටේ එකලස් කළ සුඛෝපභෝගී  මෝටර් රථවලට නීත්‍යානුකූල භාවයක් ලබා දීම සඳහා  මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කණ්ඩායමක් සමග එක්ව පැරණි ගර්හිත වාහන අංකවලට එම වාහන ලියාපදිංචි කිරීම මේ අපරාධයේ ස්වරූපය විය. ඒ් හෙළිදරව්වට අනුව රට තුළ නීති විරෝධීව එකලස් කිරීමෙන් අනතුරුව නීති විරෝධීව ලියාපදිංචි කළ වාහන 430ක ලයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාත්මේන්තුවේ තිබෙන්නේය.

සුඛෝපභෝගී හොර වාහන 430ක් 

විමර්ශනය සිදුකරනු ලැබ සියලුම තොරතුරු සොයා ගත්තේ වාලන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය  විසිනි. සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

කඩවත පහල කරගහමුණ පදිංචි පුද්ගලයෙක් 2023 ජූනි මස 13 දා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වන්නේය. ඒ ලැබුණු තොරතුරකට අනුවය. ඔහුව අත් අඩංගුවට ගන්නේ ව්‍යාජ ලේඛන මත ලියාපදිංචි කළ සුඛෝපභෝගී  ජිප් රථයක්ද සමඟය. ඔහු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදී මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
ලේඛනාගාරයේ සේවයේ නිරත ලිපිකරුවෙක් අත් අඩංගුවට පත්වන්නේය. ඔහුව අත් අඩංගුවට ගන්නේ ඔහු පරිහරණය කරමින් තිබුණු හොරට ලියාපදිංචිකර ඇති සුඛෝපභෝගී ජිප් රථයක්ද සමගිනි. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය එම වාහනයත් සිය භාරයට ගෙන විමර්ශන දිගටම පවත්වාගෙන ගියේය.

හෙළිදරවු වන්නේ ඇඟ කිළිපොළායන ජාවාරමක සුළමුලය. මෙම ප්‍රශ්නකිරීම් හරහා කළ විමර්ශනයේ අවසානයේ දී මෙම ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව එකලස්කළ වාහන 430ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ ආකාරය හෙළි වන්නේය. එම වාහන ප්‍රමාණයේ  අංක 430 ද වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය අතට පත් වන්නේය. එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් 05 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ද අනාවරණය වී තිබුණි. මේ ජාවාරම හරහා  නීති විරෝධීව එකලස්කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන   භාවිතා කළ පුද්ගලයින් අතර උසස් පොලිස් නිලධාරීන් ද සිටි බව විමර්ශකයින්ට නිරීක්ෂණය විය. දේශපාලකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම ඇතැම් රජයේ ඉහළ නිලධාරීන් ද මේ නීති විරෝධී සුඛෝපභෝගී වාහන හිමිකරගෙන සිටි බව විමර්ශකයින් දුටුවේය.

සිද්ධිය සුලුපටු අපරාධයක් නොවුන බව පැහැදිලිය. සුඛෝපභෝගී වාහන 430ක අපරාධයක් එහි බරින්ම ගතහොත් ඩොලර් මිලියන ගණනක බදු වංචාවකි. මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට දෛනිකව සිදුකිරීමට ඇති විමර්ශන ප්‍රමාණය අධිකය. එමෙන්ම වාහන සම්බන්ධයෙන් වූ විමර්ශනය වෙනුවෙන් පමණක් වෙන් කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් ද වලානට නැත. එබැවින් එවකට පොලිස්පති ඩී.සී වික්‍රමරත්න මෙම දැවැන්ත විමර්ශනය සියලුම ලිපි ලේඛන සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායෙන් ගලවා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත පැවරුවේය ඒ 2023 අගෝස්තු මාසයේ දී ය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි විමර්ශන පැවැත්වීමට පහසුකම් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම තමයි එම විමර්ශන කටයුත්තට වෙනම නිලධාරීන් කණ්ඩායමක් වෙන්කරන්නත් පුළුවන්. පොලිස්පතිවරයා මේ ගැනත් කල්පනාකරලයි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීල තියෙන්නේ. අනික මෙම අපරාධය සුළුවෙන් තැකිය හැකි එකක්ද නෙමෙයි“ එවකට සිටි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් මෙම හෙළිදරව්ව කළ ගයාන් කුමාර වීරසිංහට පවසා තිබිණි.

විමර්ශන නවත්වා කඩේ වැහුව ද?

පොලිස්පතිවරයා විසින් මෙම පැවරිම කළ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොල හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලදාරීන් විසින් එම විමර්ශනය පසුගිය වසරේ අගෝස්තු මස 22 භාර ගත්තේය.

ඊට සති කීපයකට පසුව ඩී.සී.වික්‍රමරත්න විශ්‍රාම ගියේය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වුයේය. සිදුකළ විමර්ශනයක්වත්, අත් අඩංගුවට ගත් වාහනයක්වත් වාර්තා නොවුනි. බිහිසුනු මූල්‍ය අපරාධයක් යට ගියේය.

දැන් සීඅයිඩියේ ලොක්කා ශානිය. කියන්නේ ශානි පට්ට වැඩෙක් බවය. එසේනම් දැන් වටේ යන්නේ නැතිව ශානිට වැඩේ පටන් ගත හැකිය. නීති විරෝධීව එකලස් කළ වාහන සියයක් පමණ ඇතැයි පොලිසිය අනුමාන කරන බව අද මාධ්‍යවල පල විය. කෙහෙම්මල් වාහන 100ක් ගැන අනුමාන කරන්නට අවශ්‍ය නැත. නීති විරෝධීව එකලස්කිරීමෙන් අනතුරුව නිති විරෝධීව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර අවජාතක වාහනවලට සුජාතභාවයක් ලබා දුන් සුඛොපභෝගී වාහන 430ක ලයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇත්තේය.

එතනින් වැඩේ පටන් ගන්න. අපරාධයක් සමාජය ඉදිරිපිට කොමිටල් කර විහිලුවක්වීමට ඉඩ නොදීමේ වගකීමක් පොලිසියට තිබේ. එම වගකීම ඉටු කරන ආකාරය මේ ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් තීන්දු කරනු ඇති බව ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවර ඇතැම් පොලිසි තවම හිතන් ඉන්නේ මේ තියෙන්නේ පරණ ආණ්ඩුව කියලා… ඔයාලාගේ වැඩ දන්නවා.. ඔයාලා හැරෙනකොට අපිට ආරංචි වෙනවා… පරිස්සමින් වැඩ කරන්න… ලාල් කාන්ත නුවර පොලිසීවලට කියයි…

Next Post

ලොහාන් රත්වත්ත පට්ට ලෙඩෙක් ලු!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.