සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ උපන් රංග ඩයස් නැගී එන නායකයකු ලෙස TIME සඟරාව නම් කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ උපත ලැබූ, දැනට රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය රංග ඩයස් ලොව සුප්‍රකට Time සඟරාව මගින් නම් කරන, වසරේ නැගී එන නායකයන් නම් කරන ‘මීළඟ සියදෙනාගේ ලැයිස්තුවට නම් කර තිබේ.

විනෝදාස්වාදය, සෞඛ්‍යය, දේශපාලනය, ව්‍යාපාර සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල අනාගතය හැඩගස්වන නවෝත්පාදන කළ නැගී එන නායකයින් ලෙස හඳුනාගන්නා 100 දෙනෙකු මෙම ලැයිස්තු මඟින් නම් කෙරේ.

ටයිම් සඟරාව මෙම සිය දෙනාගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 17දා යි .

හයිඩ්‍රජන් රසායන මූලද්‍රව්‍ය ලෝහයක් බවට පත් කළ හැකිය යන්න පසුගිය වසර 80 ක හෙවත් දශක අටක පමණ කාලය පුරාවට සිද්ධාන්තයක් පමණක්ව තිබිණි. ඒ සිද්ධාන්තය ප්‍රායෝගික කරගැනීම උදෙසා ලෝකයේ බොහෝ විද්වත්හු නිරන්තරයෙන් පර්යේෂණ සහ පරික්ෂණ සිදුක නමුත් කිසිවකුට එය ප්‍රායෝගික කරගැනීමට නොහැකි වූ සිද්ධාන්තයක් විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුළු ලොවටම සිද්ධාන්තයක් පමණක් වී තිබූ මෙය ප්‍රායෝගික බවට හෙළිදරව් කරමින් හයිඩ්‍රජන් නමැති රසායන මූලද්‍රව්‍යය ලෝහයක් බවට පත්කළ හැකිය යන්න ලෝකයට සොයා දීමට මේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයාට හැකි විණි. කාමර උෂ්ණත්වයේ දී හයිඩ්‍රජන් අධික පීඩනයකට අසුවුණොත් ඊළඟට එය ලෝහයක් බවට පත්වන අතර එහි ගුණය වන්නේ සුපිරි සන්නායකයක් බිහිවීම බව ඔහු ප්‍රායෝගිකව ඔප්පු කර ඇත.

මෙම නව සොයාගැනීම ඔස්සේ අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රය, විදුලි නිෂ්පාදනය, විද්‍යුත් මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ කටයුතු උදෙසා ද වැය කළ පිරිවැය බිලියන ගණනකින් ඉතිරි කර ගැනීමට මිනිසාට හැකිවනු ඇත. රංග මීළඟ 100 දෙනාගේ ලැයිස්තුවට එක්වන්නේ මෙම සොයාගැනීම වෙනුවෙනි.

ඩයස් ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් උපාධිය ලබා ඇත. 2007 දී ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් වෙත යන ඔහු එහිදී ආචාර්ය උපාධිය ලබා ගත්තේය. මේ වනවිට ඔහු ජීවත් වන්නේ අමෙරිකාවේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් සභාපති එළඹෙන නිලවරණයේදීත් තනතුර රැකගන්න අලජ්ජී මෙහෙයුමක….

Next Post

හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර සේවා බිඳවැටෙයි… 32ක් කොවිඩ් නිරෝධායනයේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.