සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලාංකීය ලේ තුළ පවතින කාරුණිකත්වය ඇදහිය නොහැකියි ! විශේෂඥ වෛද්‍ය සමන් කුමාර….

එක් පණිවිඩයකින් පමණක් පැය 24ක් ඇතුළත නොමේරූ ළදරු ඒකකයේ අඩුපාඩු සම්පූර්ණ වුණා...

by editor
අප්‍රේල් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • නොමේරූ ළදරු ඒකකයේ ET ටියුබ් හිඟය ගැන යැවුවෙ එක් පණිවිඩයක් පමණයි… ලෝකය වටේ ලාංකිකයන්ගෙන් ආධාර කරන හැටි කරන විමසුම්වලට මග හැරුණු ඇමතුම් 400යි…. පිළිතුරු දුන් ඇමතුම් 500යි…

නොමේරු දරු උපත් තත්වයක් යටතේ අලුත උපන් බිලිඳුන් ගේ ජීවිත බේරා  ගැනීමේ දී අත්‍යවශ්‍ය වන ඊ.ටී ටියුබ් හිඟය පිළිබඳව තමන් සිය වෛද්‍ය මිතුරන් අත යැවුණු පනිවිඩය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති බවත් මේ වනවිට  එම අවශ්‍ය උපකරණ කඩිනමින්  ලබා දීමට අති විශාල ප්‍රමාණයක් ලොව සතර දිගින් ඉදිරිපත්ව ඇති බවත්  කාසල් වීදිය කාන්තා රෝහලේ නොමේරු දරු උපත් පිළිබඳව විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පවසයි.

ඔහුට දිවා රාත්‍රි මුළුල්ලේ  මේ පිළිබඳව අවශ්‍යතා විමසමින් දුරකථන ඇමතුම් දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර එයින් 500කට පමණ පිළිතුරු දුන්නද තවත් ඇමතුම් 400කට අධික පුමාණයක් ගිලිහි ඇති බව ද ඔහු සඳහන් කරයි.

මේ වනවිට ප්‍රමාණවත් තරම් ඊ.ටී ටියුබ් රෝහලට ලැබී ඇති බැවින් ඉදිරියේදී අවශ්‍ය වෙනත් වෛද්‍ය ආධාර වෙතොත් ලබා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස කෘතව්ව ඉල්ලා සිටී.

ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා එවා තිබූ පණිවිඩය  සැකෙවින් මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මම ශ්‍රී ලංකා නොමේරු දරු උපත් පිළිබඳ  සංගමයේ සභාපතිවරයා ලෙස  මගේ ඉල්ලීමට වේගවත් දැවැන්ත ප්‍රතිචාරයක් දැක්වීම ගැන පළමුව මා ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මෙම හඬ පණිවිඩය සම්බන්ධයෙන් මට ඔබට යමක් පැවසීමට අවශ්‍යයි.“

“මා කිසිසේත්ම සමාජ මාධ්‍ය ප්‍රචාරයක් කිරීමට අදහස් කළේ නෑ. නමුත් එය මගේ කණ්ඩායමේ මිතුරන්ගේ whatsapp සමූහයට යැව්වා. ඒත් සමහරු ඊට  මගේ නම සහ  ජංගම දුරකථන අංකය ටැග් කොට  බෙදා හැරලා.  එය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙලා.

මට ලොව වටින්ම ඇමතුම් ලැබෙන ගත්තා.  දිවා රාත්‍රී පුරා එක දිගට එන ඇමතුම්වලින්  500 කට ආසන්න ප්‍රමාණයකට  පිළිතුරු දුන්නා.   මග හැරුණු ඇමතුම් 400 කට වැඩි ප්‍රමාණයක්.

අද තත්ත්වයද එසේමයි. මා ඉතාමත්  රෝගී තත්ත්වයේ පසුවන ළදරුවන් බලා ගන්නා කාර්යබහුල විශේෂඥ වෛද්‍යවරයෙක්.  මට මේ ඇමතුම් සහ පණිවිඩ පරිමාව හැසිරවීම ඉතාමත් අසීරුයි.  ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇතැමුන් මා සමඟ තරහින් සිටින බවත් මා දන්නවා.

නමුත් මාත් මිනිසෙක්.  ඊයේ පණිවිඩවලට ප්‍රතිචාර දක්වමින් පාන්දර 3 වන තෙක් නිදි වරන්නට සිදුවුණා.  ඔබ සියලු දෙනාම රටට උදව් කිරීමට උත්සාහ කරන බව මා දන්නවා. ඒ විශිෂට කැපවීම මට සිතාගන්ටත්  නොහැකියි.

මට ඔබ  සියලු දෙනා ගැන ආඩම්බරයි…   ශ්‍රී ලාංකීය රුධිරය මෙතරම් කරුණාවන්ත යැයි මම කිසි විටෙකත්  සිතුවේ නෑ…  එය පැහැදිලි කිරීමට මට වචනත් නෑ…

පැය 24ක් ඇතුළත ලොව පුරා සිටින ඔබ සැම ප්‍රමාණවත් තරම් ET ටියුබ් ලබා දීමට අපට පොරොන්දු වී තිබෙනවා. . එබැවින් කරුණාකර ET ටියුබ් ගැන තවදුරටත් කරදර වෙන්න එපා.

නමුත් අපට තවත් ප්‍රධාන ගැටලු කිහිපයක් තිබෙනවා.

ඔබට තවදුරටත් රටට උපකාර කළ හැකියි.  ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය  සහ Perinatal Society මගින් අපි ඉක්මනින්ම වෙබ් අඩවි කිහිපයක් ආරම්භ කරනවා.    අප ඉක්මනින් විස්තර බෙදා දෙන්නම්.

සෑම ඇමතුමකටම සහ පණිවිඩයකටම ප්‍රතිචාර නොදැක්වීම ගැන නැවත වරක් මගේ අවංක කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ තීරණාත්මක මොහොතේ අපේ මව්බිමට උපකාර කිරීම ගැන

ඔබට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි.!   දෙවි පිහිටයි.!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජපක්ෂලාට කඩේ යෑම ගැන ඇත්තේ බරපතල පසුතැවීමක්… අරගලයට ජය වේවා – රෝහණ වීරසිංහ

Next Post

වෛද්‍ය අධාර දෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නිලධාරීන් කොමිස් ඉල්ලලා… වෛද්‍ය චමල් සංජීව…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.