විදේශීය ශ්‍රී ලාංකිකයන් මෙරටට වෛද්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් වීමේදී මෙරට ඇතැම් නිලධාරීන් ඔවුන්ගෙන් කිසියම් කොමිස් මුදලක් ඉල්ලාසිටින බව ඔවුන්ගේ මුහුණු පොතේ සදහන් කර ඇති බැවින් මෙම කටයුතු විගණය කළ හැකි මධ්‍යස්ථානයන් වහාම ස්ථාපිත කරන්නැයි වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් පිලිබද වෘත්තීය සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි තත්ත්වයන් පරිත්‍යාගශීලීන් අධෛර්යයට පත් කරන්නක් වනු ඇති බැවින් එය ලංකාවේ රෝගීන්ට මරු පහරක් වනු ඇති බවද සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියයි.
විදේශාධාරවලින් කොමිස් ගන්න අද ඇතැම් දේශපාලනඥයින් හා නිලධාරීන් පෙළඹී සිටීම ඉතා බරලත තත්ත්වක් බැවින් මෙම තත්ත්වය ඉක්මනින් වෙනස්කළ යුතු හොදම කාලය පැමිණ ඇතැයිද වෛද්‍ය සංජීව පෙන්වාදේ.








