අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව බේරෙන්නේ දුන්නු ණය අවලංගු කළොත් පමණයි ! – ද ගාඩියන්

by Lanka Sara Editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් එම රටට ණය ලබා දුන් ණය සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතු බවත් එවැනි පියවරක් ගතහොත් එය ණය අර්බුදයෙන් මිදීම සම්බන්ධයෙන්  ලෝකයටම පාඩමක් උගන්වන සිද්ධියක් වනු ඇති බවත් ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යා විද්වතුන් 182ක් ඒකාබද්ධව සිය මතය පළ කර ඇති බව ද ගාඩියන් වෙබ් අඩවිය පවසයි.

බ්‍රිතාන්‍යයේ  පළවන ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවියට  මේ මතය පළ කර ඇති මෙම විද්වතුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති ලෝකයේ ප්‍රබල අරමුදල් සහ ආයෝජකයන් ශ්‍රි ලංකාව  ප්‍රකාශයට පත් කර ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනා හමුවේ දැඩි සථාවරයක සිටින බවයි. මේ තත්ත්වය තුළ ඩොලර් බිලියන 51ක ණය ආපසු ගෙවීම පැහැර හැරි ශ්‍රි ලංකාව දැඩි අර්බුදයකට  මුහුණ දී ඇති බවත් එයින් මිදීමට නම් මෙලෙස ණය අවලංගු කිරීමක් කළ යුතු බවටත් ඔවුන් අවධාරණය කර ඇත.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මෙම මතය පළ කළ ඩෙබ්ට් ජස්ටිස් (Dbt Justice) නම් සංවිධානය නියෝජනය කරන ලෝක ප්‍රකට ආර්ථික විද්‍යා  විද්වතුන් අතර ඉන්දියානු ආර්ථික විද්‍යාඥවරියක  වන මහාචාර්ය ජයති ගොෂ් , පිටපත් මිලියන ගණනින් අලෙවි වන වන ආර්ථික විද්‍යා ග්‍රන්ථ රචකයකු වන තෝමස් පිකටි, ග්‍රිසියේ හිටපු මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස්ද ඇතුළත් වන බව ද ගාඩියන් පවසයි.

“ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡා දැන් පවතින්නේ තීරණාත්මක අවධියක . ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ පුද්ගලික  ඇතුළු ශ්‍රි ලංකාවට ණය ලබා දුන් සෑම පාර්ශ්වයක්ම  නුදුරු කාලීනව අතිරේක මූල්‍යකරණය සහතික කිරීම සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ බර බෙදා ගත යුතුයි. එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට වාරිකයක් අය කළ අතර, එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයා ගත්තා. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු වරට ණය පැහැර හැරීම සඳහා මේ අවදානම් ආවරණය කිරීමේ  ඉහළ පොලී අනුපාතයන්ද වගකිව යුතුයි. මෙලෙස  ඉහළ ප්‍රතිලාභවලින් ප්‍රතිලාභ ලැබූ ණය දෙන්නන් කැමැත්තෙන් එහි අවදානම ගත යුතුයි. ”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතුබවය.  බොහෝ දුරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් ඉහළ පොලී අනුපාත මත මෙම ණය ලබා දී ඇති අතර මේ වනවිටත් ඔවුන් මෙම  ණය ගෙවීම්වලින් 50% කට වඩා ලබා ගන්නා බවයි.

 

මේ වනවිට ශ්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසාර බව විශ්වාස කළ පසුව පමණක් බවත් පවසන මෙම ආර්ථික විද්‍යාඥයෝ පෞද්ගලික ණය හිමියන් විසින් මේ වනවිට අනුගමනය කරනු ලබන  දැඩි ස්ථාවරය කොළඹට දුර්වල ගනුදෙනුවක් වනු ඇති බවට බිය පළ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුව පැරදුණත් ඉල්ලන්න ඕන! ජනතාවගෙන් ඈත්ව දුවන්න බෑ  මහින්ද කියයි

Next Post

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය චක්‍රලේඛ උල්ලංඝණය කරන මුදල් සම්මාදමක … විදුහල්පති දන්නෙ නෑ කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.