සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය චක්‍රලේඛ උල්ලංඝණය කරන මුදල් සම්මාදමක … විදුහල්පති දන්නෙ නෑ කියයි!

by editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ ජාතික පාසලක්වන අම්බලන්තොට ධර්මාශෝක විද්‍යාලයේ  උසස් පෙළ පන්ති සඳහා මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත එක් දරුවකුගෙන් රුපියල් 30,000/- කට ආසන්න මුදලක් ගෙවීමට ඔවුන්ගේ දෙමාපියන්ට සිදුව ඇතැයි වාර්තා වේ. 

මේ නිසාම බොහෝ දෙමාපියන් දැඩි අපහසුතාවයකට ලක්වී ඇති බවත් මෙසේ මුදල් එකතු කිරීම අධ්‍යාපන චක්‍රලේඛන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මේ සම්බන්ධව අදහස් දැක්වූ දෙමව්පියෝ ලංකාසරට පැවසූහ.

මෙම මුදලින් රුපියල් 7920/- ක් පාසල් සංවර්ධන ගිණුමට බැර කරන ලද බවට ලද රිසිට්පතක් ලැබෙන බවත් ඉතිරි මුදල් අම්බන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකු ගිණුම් අංකයක් ලබා දී එම ගිණුම් අංකයට බැරකර රිසිට්පත පාසලෙන් ලබා දෙන දුරකථන අංකයට වට්ස්ඇප් මගින් යොමු කළ යුතු බවට පාසලෙන් උපදෙස් ලබා දී තිබෙන බවත් මෙම ගැටලුවට මුහුණ දුන් දෙමාපියෝ ප්‍රකාශ කරති.

මෙම පාසලේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා ග්‍රාමීය පාසල්වලින් ඉහළ ලෙස සාමාන්‍ය පෙළ සමත් දරුවන් විශාල වශයෙන් පැමිණෙති. මෙම දරුවන්ගේ බොහෝ දෙමාපියන් ඉතා අසරණ දුප්පත් අය බව වාර්තා වේ.    පාසලට ඇතුළත්වීම සඳහා මෙතරම් ඉහළ මුදලක් ඇතුළත් වීමේ ගාස්තු සඳහා ගෙවීමට සිදු වීම මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් ඇතිකිරීමට   හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මෙම මුදල ගෙවීමට නොහැකි නම් වෙනත් පාසලක් තෝරා ගන්නා ලෙස පාසල් ගුරුවරුන්, දෙමාපියන්ට හා දරුවන්ට ප්‍රකාශ කරන බවත් දෙමාපියන් ප්‍රකාශ කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යා හා ගණිත, කලා, වාණිජ හා තාක්ෂණවේදී අංශය සදහා දරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන තිබේ.  

ඩෙස්පුටු සඳහා රුපියල් 11,000/- ක්, ශ්‍රවණාගාරයේ විදුලි පංකා අලුත්වැඩියා සඳහා රුපියල් 4000/- ක්, රසායනාගාර පහසුකම් සඳහා රුපියල් 2100/-ක්, සේවා හා පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 7920/- ක් ද දරුවන්ගේ පංති අලුත්වැඩියාව සඳහා රු 2000/- බැගින් ද එක් දරුවකු වෙනුවෙන් වසර දෙකක් සඳහා ගෙවීමට සිදු වූ බවද පාසලට දරුවන් ඇතුළත් කල මව්පියෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ විදුහල්පතිනිය වන සනුජා ජයවික්‍රමගෙන් අප කළ විමසීමේ දී පැවසුවේ දරුවන්ගේ සේවා පහසුකම් හා පාසැල් සංවර්ධ සමිතියට වසර දෙකකට රු 7920/- ක මුදලක් අය කරන බවත් ඒ සඳහා රිසිට් පතක් පාසලෙන් නිකුත් කරන බවත්ය. 

ඔය කියන පෞද්ගලික ගිණුමක් සඳහා තවත් මුදල් බැර කිරීමක් සම්බන්ධව කියන කතා ප්‍රතික්ෂේප කරන බවත්ය.

බැංකු ගිණුම් අංකය හා අදාල බැංකුවේ තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ පාසලේ නම මෙන්ම තමන්ගේ තනතුර උපයෝගී කරගෙන වෙනත් අය මෙසේ මුදල් එකතුකරනවා ද කියා තමා නොදන්නා බවත් එවන් තත්ත්වයක් ඇත්නම් වහාම එය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාව බේරෙන්නේ දුන්නු ණය අවලංගු කළොත් පමණයි ! – ද ගාඩියන්

Next Post

බස් ගාස්තු අඩු නොවේ… ගාස්තු සංශෝධනයකට නම් ඩීසල් මිල රුපියල් 30කින් අඩුකළ යුතුයැයි බස් සංගම් කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.