සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ අර්බුදය ඉන්දියාවටත්  පිටාර ගැලිය හැකි තරමට බරපතලයි !

ලංකාවේ අර්බුදය ගැන ඉන්දියාවේ පැවති සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී ඉන්දීය විදේශ ඇමති පැහැදිලි කරයි..

by editor
ජූලි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දැනට පවතින අර්බුදය ඉතා දැඩි, පෙර නොවූ විරූ අවදානම් සහගත සියුම්  තත්ත්වයක් බවත් එම දැඩි බලපෑම ඉන්දියාවට ද දැනිය හැකි තරමේ ඉතා ඉහළ අවධානයට ලක් කළ යුතු තත්ත්වයක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඊයේ පැවැති ශ්‍රී ලංකාවේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන සර්ව පාක්ෂික රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එසේම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එහිදී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන සැලසුම් පිළිබඳ අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍යවරයා සමුළු නායකයින් හමුවේ පවසා තිබේ.

නව දිල්ලි නුවරදී ඉතා දීර්ඝ වේලාවක් පැවති මෙම සර්ව පාක්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සියලු  පක්ෂ නායකයින් දැඩි අවධානයක් යොමු කර ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

මෙම රැස්වීම සඳහා ඉන්දීය රජයේ පක්ෂ විපක්ෂ නායකයින් 28 දෙනකු පමණ සහභාගී වී ඇති අතර එයට විදේශ අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් හයදෙනෙකු සහභාගී වී ඇත.

මෙම රැස්වීමට සහභාගී වීමට සිටි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්   කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහභාගී නොවුණු බව එකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත් ලංකාවේ මූල්‍ය තත්ත්වයත්, ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ණය හා ආධාර පිළිබඳවත් මුදල් අමාත්‍යංශ බලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් දෙකක් සිදු කළ බව අනාවරණය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේම මෙම තත්ත්වය මත ලංකාවේ දේශපාලනය තුළ නිර්මාණය වී ඇති වර්තමාන තත්ත්වයත් ඉන් ඉන්දියාවට ඇති විය හැකි බලපෑම් ගැනත් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති බව සඳහන්ය.

කෙසේ වුව ද ඉන්දියාවේ ප්‍රාන්ත නියෝජනය කරන සුළු පක්ෂ කීපයක් ප්‍රාන්තවල අර්බුද පවතිද්දී ලංකාවට ආධාර කිරීම ගැන විරෝධයක් ද එල්ල කර තිබේ.

එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අසල්වැසියා පළමුව ප්‍රතිපත්තිය යටතේ ලංකාවට ආධාර උපකාර කරන බවත් මෙම අර්බුදය දුර දිග ගියහොත් එහි පිටාර ගැලීමේ බලපෑම ඉන්දියාවට ද දැනෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පැහැදිලි කර ඇත.

විදේශ අමාත්‍යවරයා මෙම රැස්වීම අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ නිසි මූල්‍ය කළමණාකරණයක් නොමැති වීම හේතුවෙන් බිඳ වැටී ඇති ලංකාවේ තත්ත්වය ඉන්දියාවට ද ආදර්ශයක් ගත හැකි අර්බුදයක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපාන නීති සම්පාදකයින් 7ක් තායිවානයට

Next Post

ඡන්ද විමසීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.