මේ මස අගදී ජපාන නීති සම්පාදකයින් හත් දෙනෙකු තායිවානයේ සංචාරයක නිරත වෙන බව ටෝකියෝ හි තායිවාන තානාපති ෆ්‍රෑන්ක් හ්සී පවසයි.
ෆේස්බුක් සටහනක් තබමින් හ්සී සඳහන් කරන්නේ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවයෙන් පසු ආරක්ෂක කටයුතු කෙරෙහි අවධානය යොමු කරන හරස්- පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමකට අයත් ව්‍යවස්ථාදායකයින් තායිවානයට පැමිණීම විශේෂිත ක්‍රියාවක් බවයි.
ජපානයේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ 67 හැවිරිදි අබේ සිකුරාදා දින නාරාහි පැවැති මැතිවරණ රැලියක් අතරතුර වෙඩි තබා ඝාතනය කරන ලදී. ඉන් අනතුරුව වුවත් තායිවානයට දිගටම සහයෝගය ලබා දීමට ජපානය තීරණය කර ඇති අතර නීති සම්පාදකයින්ගේ සංචාරය එම සහයට බලපෑම් එල්ල කරන බව තානාපතිවරයා පවසයි.
ජපන් දූත පිරියේ සංචාරය තායිවාන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් තහවුරු කර තිබුණත් පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පවසා නැත. එලෙසම ඔවුන් තායිවාන ජනාධිපතිවරයා හමුවෙනවා ද යන්නත් මෙතෙක් තහවුරු කර නොමැත.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය අබේ ගේ අවසන් කටයුතු සඳහා තායිවාන උප ජනාධිපති විලියම් ලයි සහභාගී වී තිබේ. ඒ තමාගේ පෞද්ගලික සංචාරයක් ලෙසිනි. දෙරට අතර ඇති ද්විපාර්ශවික සබඳතා මෙවැනි කරුණුවලින් හෙලිදරව් වන වග මාධ්‍යයේ අදහසයි.







