බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  

ගැටලු ඇති කරගත යුතු නෑ.... අපේ සම්බන්ධතාවය රටවල් දෙකක් අතර බැඳීමට එහා ගිය එකක්....

by editor
අගෝස්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව  සහ ශ්‍රී ලංකාව   දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව    බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත්   ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බව අවධාරණය කළ  වික්‍රමසිංහ  සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළයුතු බවත්  කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ   පැවති ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවයේ දී  ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අනාදිමත් කාලයක සිට අපට උපකාර කරන ඉන්දීය රජයට සහ ඉන්දීය නාවික හමුදාවට මම පළමුවෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. මට මතකයි අවුරුදු 6ක් 7ක් තරම් ළමා කාලයෙදි මම මුලින්ම යුධ නෞකාවට නැග්ගා.  එය ඉන්දීය නාවික හමුදාවට අයත් එකක්. ඒ වකවානුවේ දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් එම ඉන්දීය නෞකාව මෙරටට ලබා දී තිබුණා.

ගුවන් හමුදාපතිවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම ගුවන් යානය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බැවින් අද දිනට යෙදෙන ඉන්දීය නිදහසේ 75 වැනි සංවත්සරය විශේෂ අවස්ථාව ගැන වචන කිහිපයක් කියන්න ඕන කියලා මට හිතුණා.

යූ ටියුබ් සමාජ මාධ්‍යයට ස්තූතිවන්ත වෙන්න, ඊයේ මම, ඉන්දීය නිදහස් දිනයේදී පණ්ඩිත් නේරු කළ ‘ද ට්විස්ට් විත් ඩෙස්ටිනි’ (‘The Twist with Destiny’) දේශනයට සවන් දුන්නා. එයින් ඔබට උපුටා දැක්විය යුතු යැයි සිතූ එක් ඡේදයක් තියෙනවා.

“අද අපි සමරන ජයග්‍රහණය පියවරක් පමණයි. විශාල අත්හදා බැලීම් සඳහා අවස්ථා විවෘත කිරීම අප බලා සිටින ජයග්‍රහණයයි. මෙම අවස්ථාව ග්‍රහණය කර ගනිමින් අනාගතයේ අභියෝගය භාර ගැනීමට තරම් අප නිර්භීතද? ප්‍රඥාවන්තද? ඉන්දියාව එය ග්‍රහණය කර ඇත.

මෙම ඉදිරි මාවත පෙන්වා දුන්නේ අන් කිසිවකු නොව පණ්ඩිත් නේරු විසින්. අද ඔබ නෙලාගන්නේ ඔබ ග්‍රහණය කරගත් දේ. ඉන්දියාව අද ලෝක බලවතා බවට පත්වෙමින් සිටිනවා  . අපට එය දැක ගැනීමට නොහැකි වුවත් ශතවර්ෂයේ මැද භාගය වන විට බලගතු ඉන්දියාව ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇති.

එයම පණ්ඩිත් නේරුට උපහාරයක්..

රටේ බොහෝ දෙනා නොදන්නා කතාව

ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනා නොදන්නා තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු වීමට සහ එහි සාමාජිකත්වය ලබා ගැනීමට පණ්ඩිත් නේරූ අපට පූර්ණ සහයෝගය ලබා දුන්නා.

මට මතකයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිත අමාත්‍ය වී.කේ. ක්‍රිෂ්ණ මෙනන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගැනීම සඳහා නිව්යෝර්ක් නුවරට යාමට සහ එහි සිට කළ යුතු කර්යයන් සඳහා මගේ පියාට සියලු සහයෝගය ලබා දුන්නා. මගේ පියා ඔහුව හොඳින් දැන සිටියා.

ඉතා සමීපව ඔහුව දැක ගැනීමට අවස්ථාවක් නොමැති වුනත් ඉන්දියානු මහා කොමසාරිස් නිල නිවස (India House) වෙත යන අතරමගදී ඔහුගේ මෝටර් රථය යන ආකාරය දෙස  බලා සිටින ශිෂ්‍යයෙකු ලෙස මම ඔහුව ඈතින් දුටුවා.

නමුත්, මම තවත් බොහෝ ඉන්දීය දේශපාලනඥයන් හමුවීමට වාසනාව සහ වරප්‍රසාදය ලැබුවා, විශේෂයෙන්ම අගමැති මොරාර්ජි දේසායි, අගමැති චරන් සිං, අගමැති රජිව් ගාන්ධි, අගමැති ඉන්දර් කුමාර් ගුජ්රාල්, අගමැති නරසිංහ රාඕ… විශේෂයෙන්ම අප දෙදෙනාම අධ්‍යාපන අමාත්‍යධූර හෙබවූ නිසා මම හොඳින් ඔහුව දැන සිටියා. තවද  සහ අගමැති වජ්පායි.

විශේෂයෙන්ම අගමැති මන්මෝහන් සිං, මා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී ඔහු ඉන්දීය මුදල් ඇමති ලෙස එරට ආර්ථිකය ලොවට විවෘත කිරීම සම්බන්ව ප්‍රසිද්ධ පුද්ගලයා වුණා.

එමෙන්ම සෝනියා ගාන්ධි මැතිනියට සහ ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිට මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිටද මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අප කෘතඥ විය යුතුයි.

අපේ නැගී එන දේශපාලකයින් ඉන්දියානු සගයන් හඳුනාගත යුතුයි…

මම දන්නා තවත් බොහෝ දෙනෙක් සිටිනවා. ශ්‍රී ලංකාවේ නැගී එන දේශපාලකයන්ට, ඉහළ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට මගේ උපදෙස් නම්, ඔබේ ඉන්දියානු සගයන්ව හොදින් දැන හඳුනාගෙන, ඔවුන් සමඟ ගනුදෙනු කරන්න කියන එකයි.   , මන්ද ඔබ එසේ නොකරන්නේ නම් ගැටළු දෙස බැලීමට සහ එකිනෙකා පවසන දේ තේරුම් ගැනීමට ඔබට අපහසු වනු ඇති. අපට බොහෝ ක්ෂේත්‍රවල පොදු අදහස් තිබෙනවා.

අපි සාගරය මැද කුඩා රටක්.   ඉන්දියාව තම අවශ්‍යතා ගැන සොයා බලන අතරම ගෝලීය බලවතෙකු ලෙස එහි භූමිකාව දෙස බැලිය යුතුයි. අපි ඔවුන් සමඟ කතා කිරීම අත්‍යවශ්‍යයි. සියල්ලට වඩා, ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා…, අප අවබෝධ කරගෙන සිටින අපට පොදු ගැටළු රාශියක් තිබෙනවා. ඉන්දු-ලංකා සබඳතාවලට  පමණක් නොව කලාපයට සහ ලෝකයට අදාළ ගැටලු අප විසඳාගත යුතුයි. එබැවින් මෙම ප්‍රදේශවල අපට එය කළ හැකියි.   ඉන්දියාව සමඟ එකඟතාවයකට පැමිණීමට හෝ ඒ හා සමාන මත දැරීමට අපට බොහෝ අවස්ථාවන් තිබෙනවා. ඒ අය එක්ක තමයි අපි ඒකාබද්ධ කරන්නේ.

නමුත් ප්‍රාන්ත දෙකක්, ආණ්ඩු දෙකක් නිසා මතභේද ඇති වන අවස්ථා ඇති නොවනාවම නොවෙයි. එය ආරවුලක් කර නොගතයුත්තේ අපගේ සම්බන්ධතාවය මතයි. අපගේ සම්බන්ධය කුමක්ද? අපගේ සම්බන්ධතාවය හුදෙක් රටවල් දෙකක් අතර එකක් නොවේ. අපගේ සම්බන්ධතාව ඉන් එහාට ගිය එකක්.

අපේ දෙරටට පොදු දේ

වේදයන්   දේශනා කරන ලද ඉන්දු නදී ඉවුරේ අපට පොදු උරුමයක් ඇති, ගංජී තැන්න මත බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්මයන්ගේ ඉගැන්වීම්, යනාදීය අපට පොදු සහ ආවේණික දේවල්. ඒ වගේම ඒවා ඉන්දියානු උපමහාද්වීපයේ දකුණු කෙළවරට පොදු දේවල්. මේක තමයි අපි ගොඩනගා ගත්තත් මේ පොදු අතීතය ඇතුළේ අපිටත් විවිධ පැති තිබෙනවා. ඔබේ රටේ එය හින්දු ආගමයි, එය ප්‍රචලිත ආගමයි. අපේ රටේ තියෙන්නේ බුද්ධාගම. රාමායනයේ ඉන්දියානුවන්ට රාම වීරයා.     රාම සහ රාවණා දෙදෙනාම ලංකාවට වීරයෝ.

ඔබේ භාෂාව සංස්කෘත මත වැඩිපුර රඳා පවතිනවා අපට නාගාඩි සහ පාලි මත වැඩි යැපීම තිබෙනවා. ඉතින් අපිට පොදු දේවල් ගොඩක් තියෙන නිසා අපිට මෙහෙම යන්න පුළුවන්.

මහත්මා ගාන්ධිගේ සත්‍යග්‍රහය මොනතරම් ආස්වාදයක්ද… එවගේම ස්වාධීන අවිහිංසාවාදී ව්‍යාපාරය… අපට වුනත් මේවා හැර වෙනත් පිළිසරණක්  නැහැ.

නමුත් 1931න් පසු අපට තිබුණේ ඡන්ද බලයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක්. ඒ නිසා අපි වෙනස් මාර්ගයක් හැදෑරුවා. මම හිතන්නේ ඒක ඉන්දියාවට තිබුණා නම් ඉන්දියාවේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා අපට මේ සියලු පොදු ලක්ෂණ තිබෙනවා.  අපි එය ගොඩනගා ගත යුතුයි.

මම හැමදාම කිව්වේ අපි තනි කාසියක දෙපැත්ත කියලා. එක් මුහුණක් එක පැත්තකට වැටෙන ලෙසත් අනෙක් මුහුණ අනෙක් පැත්තට වැටෙන ලෙසත් කාසියක් බෙදිය නොහැක. මක්නිසාද යත් ඉතිහාසය අපව එකතු කර  තිබෙනවා.  අප එකට සිටිය යුතුයි. මෙම සම්බන්ධතාවය කුමක්ද? මට ඒ සඳහා නිශ්චිත වචනයක් ලැබී නැහැ. නමුත් මට පැමිණිය හැකි සමීපතම දෙය, දෙරට අතර සහජීවන සබඳතාවයයි. අපි දෙගොල්ලන්ම දෙරටේ 75 වැනි සංවත්සරය සමරනවා. මම කියන්නේ අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැප වෙමු  කියලා…

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

Next Post

ආන්දෝලනාත්ම චීන නෞකාව හම්බන්තොටට පැමිණේ….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.