කීර්ති ප්‍රනාන්දු –
විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් 142ක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පවසයි.
වැඩිදුරටත් ඔහු පවසන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 4800කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඉන් 4600ක් මේ වනවිට සුවය ලබා ඇති බවත්ය.
මෙම සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මැද පෙරදිග ඇතුළු රටවල් 16ක සේවය කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.